Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 7, 2008

අපේ රගර් කී‍්‍රඩකයන් රට ගැන සිතිය යුතුයි - ශ‍්‍රී ලංකා පුහුණුකරු

වර්නන් ගුණසේකර හොංකොන් සිට

ලෝක කුසලාන රගර් තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලැබූ හොංකොං රගර් පිලේ කී‍්‍රඩකයන්ගේ සතුට
ශ‍්‍රී ලාංකික කී‍්‍රඩකයන්ගේ අරමුණ විය යුත්තේ ජාතියේ ධජය ඉදිරියට ගෙන යාම බවත් අපට දේශපාලනයක් අවශ්‍ය නැති බවත් ශ‍්‍රී ලංකා රගර් පුහුණුකරු ඇලෙක්ස් නිශාන්ත චානක පැවසීය.
හොංකොංහි පැවැති ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට මෙන් ම ලබන නොවැම්බරයේ දී චීන තායිපේ හි පැවැත්වෙන ආසියානු පළමු කොටසේ තරගාවලියට ද සහභාගි වන ලෙස තමා පෞද්ගලිකව ම මහනුවර කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයින්ගෙන් ඉල්ලා සිටි බවත් එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ ‘අපි එන්න කැමතියි.
නමුත් අපේ ක්ලබ් එකේ ලොක්කෙක් අපට එන්න දෙන්නේ නැහැ’ යනුවෙන් බවත් නිශාන්ත චානක කියා සිටියේ ය.
හොංකොං තරග බිමට ලොව නන්දෙසින් පැමිණ සිටින ලොකු කුඩා සෑම කණ්ඩායමක් ම ඔවුන්ගේ රටේ ජර්සිය පැළඳගෙන කී‍්‍රඩා කළේ ඔවුන්ගේ රට ගැන ම පමණක් සිතාගෙන යැයි ද නිශාන්ත චානක පෙන්නා දුන්නේ ය.
ශ‍්‍රී ලාංකික රගර් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මෙහි දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ අංක 2ට ශ්‍රේණිගතව සිටින කොරියාව අභිබවා ඉදිරියට ආ බවත් අපේ කී‍්‍රඩකයිනට මීට වඩා පළපුරුද්දක් තිබුණා නම් ඒ තරගය ජය ගන්නට ඉඩ තිබුණු බවත් ශ‍්‍රී ලංකා පුහුණුකරු කියා සිටියේ ය. ‘අපි ගහන මැච් ප‍්‍රමාණය අඩුයි. අපට වැඩි වැඩියෙන් කොරියාව සමඟ තරග කරන්න ලැබෙනවා නම් අපේ පළපුරුද්ද වැඩි වී ඔවුන්ව පරද්දන්න අපට පුළුවන් වේවි. අපි අවුරුද්දකට ගහන තරගාවලි ප‍්‍රමාණය අඩුයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වැඩි ප‍්‍රමාණයක් තරුණ කී‍්‍රඩකයන් බව පැවසූ නිශාන්ත චානක ඔවුන් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් සමඟ මසකට තරගාවලි දෙකකට කී‍්‍රඩා කළා නම් කණ්ඩායමේ හොඳ සබඳතාවයක් ගොඩනැගෙනු ඇතැයි ප‍්‍රකාශ කළේය.
‘අපි මේ අවුරුද්දේ එක තරගාවලියකට කී‍්‍රඩා කරලා අනෙක් තරගාවලියට කී‍්‍රඩා කරන්නේ ඊළඟ අවුරුද්දේයි. එහෙම වුණාම කී‍්‍රඩකයන් අතර කී‍්‍රඩා කිරීමේ සබඳතාවය නැතිවෙනවා.
අවුරුදු දෙක තුනක් එක දිගට එක්ව කී‍්‍රඩා කරන්න ලැබෙනවා නම් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවනි’ ශ‍්‍රී ලංකා පුහුණුකරු පැවසීය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම විනය අතින් ඉතා උසස් මට්ටමක සිටි බව නිශාන්ත චානක කීවේය. තරග බිමේ දී මොහමඩ් ෂෙරීෆ්, සජිත් සාරංග හා වසීම් තජුඩීන්ගේ කී‍්‍රඩාව ඉහළ මට්ටමක තිබූ බව ද ඔහු කියා සිටියේ ය.
වර්තමාන ශ‍්‍රී ලංකා කණ්ඩායම පළපුරුදු කී‍්‍රඩකයන් හා තරුණ කී‍්‍රඩකයන්ගේ සංකලනයකැයි පැවසූ නිශාන්ත චානක තව වසර දෙක තුනකින් මේ කණ්ඩායමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ප‍්‍රකාශ කළේය.

No comments: