Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 10, 2008

මංචි ග්ලුකෝ ෆිට් සික්සස් අද සිට උතුරු-දකුණ යා කරමින් යාපනය කී‍්‍රඩකයෝ පැමිණෙති

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
දිවයිනේ පාසල් කි‍්‍රකට් කණ්ඩායම් 36 ක් සහභාගී වන මංචි ග්ලුකෝ ෆිට් සික්සස් සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගී වන යාපනය දිස්ති‍්‍රක් ඒකාබද්ධ පාසල් කි‍්‍රකට් ක‍්‍රීඩකයෝ ඊයේ (09) පෙරවරුවේ කොළඹට පැමිණියහ.
යාපනය දිස්ති‍්‍රක් කි‍්‍රකට් කණ්ඩායම, කළමනාකරු එස්. සහයරාජ්, පුහුණුකරු වී. කේ. ෂම්මුගලිංගම්, අනුග‍්‍රාහක සීමාසහිත සිලෝන් බිස්කට් ආයතනයේ වෙළෙඳ සාමාන්‍යාධිකාරි අයි. එන්. ඛාන් සහ අලෙවි ප‍්‍රවර්ධන කළමනාකරු ජානක බොතේජු යන මහත්වරුන් සමග. ඡායාරූපය තුෂාර ප‍්‍රනාන්දු
අද (10 දා) සිට මේ මස 12 දා දක්වා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට ආරාධනා ලැබීම පිළිබඳව සතුටුවන බව ඒකාබද්ධ කණ්ඩායමේ කළමනාකරු එස්. සහයරාජ් මහතා පැවසීය.
යාපනයේ සිට ගුවනින් රත්මලානට පැමිණි මෙම කී‍්‍රඩකයෝ පිළිගැනීම සඳහා වැල්ලවත්තේ එක්ස්පෝ එවියේෂන් ආයතනයේදී පැවැති චාම් උත්සවයකට සහභාගි වූ ඒ මහතා එසේ පැවසීය.
මෙම ගුවන් ගමන් සඳහා අනුග‍්‍රහය දක්වා ඇත්තේ එක්ස්පෝ එවියේෂන් ආයතනය ය. තවදුරටත් කතා කළ ඒ මහතා දකුණේ කී‍්‍රඩකයන් සමග කී‍්‍රඩා කිරීමට ලැබීමෙන් උතුරේ ළමුන්ගේ කී‍්‍රඩා දැනුම වර්ධනය කර ගත හැකි බව ද පැවසීය.
කොළඹට පැමිණි යාපනය දිස්ති‍්‍රක් පාසල් කි‍්‍රකට් කණ්ඩායමට පාසල් 4 ක කී‍්‍රඩකයෝ ඇතුළත් ය. කණ්ඩායමේ පුහුණුකරු ලෙස යාපනය දිස්ති‍්‍රක් පාසල් කි‍්‍රකට් පුහුණුකරු වී. කේ. ෂම්මුගලිංගම් මහතා කටයුතු කරයි.
නායකයා ලෙස කටයුතු කරන්නේ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ කේ. ෂෙල්ටන් ය. ‘අපි ගිය අවුරුද්දෙ සාම කි‍්‍රකට් තරගයකට කොළඹට පැමිණියා. ඒ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කණ්ඩායමක් ලෙසයි.
එම තරගාවලියේ දී අපි පරාජයට පත් වුණත් මෙවර අපි පැමිණියේ තරගාවලිය ජය ගන්න බලාපොරොත්තුවෙන්’ කණ්ඩායමේ නායක ෂෙල්ටන් පැවසුවේය. තවදුරටත් අදහස් දැක්වූ නායකයා ‘අපිට කොළඹ තරගාවලියකට සහභාගීවීමට අවස්ථාව සැලසීම පිළිබඳව මංචි ආයතනයටත් ආදි වෙස්ලි කී‍්‍රඩා සමාජයටත් ස්තුති වන්ත වෙනවා.
ඒ වගේම මෙම අවස්ථාව සැම වසරකදීම ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා’ යැයි ද පැවසීය. මෙම තරගාවලිය ආදි වෙස්ලි කී‍්‍රඩා සමාජය සංවිධානය කරයි.
තරගාවලියට සහභාගි වන යාපනය දිස්ති‍්‍රක් කණ්ඩායම
කේ. ෂෙල්ටන් (නායක යාපනය මධ්‍ය මහ විද්‍යාලය) වී. හරිවදනන් ((උපනායක සාන්ත ජෝන්ස් විද්‍යාලය) ජේ. එස්. විමලේන්ද්‍රන් (යාපනය ම. ම. වි.) එස්. නිරෝෂන් (යාපනය ම. ම. වි.) ජේ. ඉනෝජන් (ස්ටැන්ලි විද්‍යාලය) නිලන් ජෙනිෆර් (සාන්ත පැටි‍්‍රක් විද්‍යාලය) එම්’ හරි ප‍්‍රවීන් (සා. ජෝන්ස්) පී. නවකීබන් (සා. පැටි‍්‍රක්)

No comments: