Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 3, 2008

ජංගම දුරකථනය විලාසිතාව සහ බ්‍රොයිලර් කුකුළා

ලංකාවේ ප‍්‍රකට හිමිනමක් ඉතා මෑතක දී රූපවාහිනී නාළිකාවක අමුතු ම ආකාරයේ ධර්ම දේශනාවක් කෙළේය. ලංකාවේ සෑම ලොකු කුඩා කාගේත් අත පොල් ලෙල්ලක් තිබේ.
එය ශරීර කෘත්‍ය සඳහා යන විටත් නාද වෙයි. දිය නාමින් සිටින විටත් නාද වෙයි. මේ පොල් ලෙල්ල අත ඇති තරුණ තරුණියෝ මහත් උජාරුවෙන් ගමන් බිමන් යති. එහෙත් එයින් කතා කරන දේවල් රටටත් වැඩක් නැත.
තමන්ටත් වැඩක් නැත. එම ස්වාමින් වහන්සේ මෙසේ අදහස් පළ කළේ කා අතත් රැඳී ඇති සෙලියුලර් දුරකථන ගැන එසේ සඳහන් කරමිනි.
යමෙකුට මෝටර් රථයක් අවශ්‍ය වන්නේ එයින් තමන්ගේ දෛනික කටයුතු කර ගැනීමට ය. යමෙකුට රූපවාහිනි යන්ත‍්‍රයක් අවශ්‍ය වන්නේ තමන් කැමති වැඩසටහනක් බැලීමට ය.
එසේ නැතිව ඒවා ප‍්‍රදර්ශනකාමී ලෙස පරිහරණය කරන්නේ එම භාණ්ඩවලින් සමාජ තත්ත්වයක් ලබාගැනීමට දඟලන මේ සමාජයේ ප‍්‍රදර්ශනකාමී පිරිස පමණකි.
සෙලියුලර් දුරකථනයක් අවශ්‍ය වන්නේ තමන්ගේ අවශ්‍ය ම කටයුතු කර ගැනීමට ය.
”නදීකා දැන් මම එන්නෙ දළදා මාලිගාව පාස් කර ගෙන පරිප්පු හොද්ද රසද මම ඇවිල්ල බලන්නම්කො” මේ තරුණයෙක් බස් රියක දී කළ දුරකථන සංවාදයේ කොටසකි. එම තරුණයා කිලෝමීටර් 06 ක ගමනාන්තයක් අවසන් වනතුරු නොයෙක් විට කතා කෙළේය.
”නදීකා දැන් මම එන්නෙ කටුගස්තොට පාළම පහු කරල හරි ට‍්‍රැෆික් අනේ, ආ පොළොස් මැල්ලුමුත් හැදුවද? පොළොස් කොහෙන්ද? කැඩුවෙ ආරි අයිය ගේ වත්තෙන්ද? අම්මට කිව්වද මම පොළොස් කන්න කැමතියි කියල.
ආ මාළු ඇඹුල් තියල් කරල හදල තියනවද? ෂෝක් අනේ” මෙවැනි සාකච්ඡා වට කීපයක් ම කිලෝමීටර් 06 ක පමණ දුරක් ගෙවා යන තරුණයා තම පෙම්වතිය සමඟ හුවමාරු කර ගත්තේය.
බස් රියේ සිටින්නන්ට පේන්නට පොළොස් ඇඹුල් ගැනත්, පරිප්පු හොද්ද ගැනත් තරුණයා කතා කළේය. තවත් නොයෙකුත් වැල්වටාරම් රැසක් ද ඔහු සාකච්ඡා කෙළේය.
යම් භාණ්ඩයකින් ගත හැකි නියම ප‍්‍රයෝජනය කුමක්ද? එය පාවිච්චි කළ යුත්තේ කුමකටදැයි අප දෙවරක් සිතා බැලිය යුතුය. සමහරු රාතී‍්‍ර එකට දෙකටත් දුරකථනය නාද වන විට නැගිට පිළිතුරු දෙයි.
විශේෂයෙන් පෙ‍්‍ර්මවන්තයෝ පැය ගණන් කාබාසිනියා කරමින් නොයෙකුත් තොදොල් වචන තෙපලති. භාණ්ඩයක් ප‍්‍රදර්ශනයට තබමින් එයින් සමාජ තත්ත්වයක් ලබාගැනීමට බලන්නේ ඇතුළාන්තයෙන් කිසිවක් නැති හරසුන් මිනිසුන් බව අප වටහා ගත යුතුය.
අද තරුණයා බ්‍රොයිලර් කුකුළෙකුට සමානය. ඇඟපත සොලවා දහඩිය දමන තුරු වැඩක් කිරීමට බැරිය. රූපවාහිනී තිරය අභියස ඉදසිටීමත් සෙලියුලර් දුරකථන භාවිතා කිරීමත්, පයින් ගමන් නොකර සැම විටකම කෙටි දුරක් වුව ද බස් රියේ ගමන් කිරීමත් නිසා අද තරුණයා බ්‍රොයිලර් කුකුළෙකුගේ තත්ත්වයට පත්ව ඇත.
කුඹුරට බැස වැඩක් කිරීමට නූතන තරුණයාට ඉතා අපහසු කාර්යයක් වේ. කෑමක් බීමක් ළඟට ගෙනත් දිය යුතුය.
නූතන තරුණ පරපුර බ්‍රොයිලර් කුකුළෙක් බවට පත් කළ අනෙක් භාණ්ඩය වන්නේ රූපවාහිනියයි.
රූපවාහිනිය මගින් තරුණ පරපුරත් ළමා පරපුරත් ගළවා නොගතහොත් ඇතිවන ව්‍යසනය කිසිවකුට නැවතිය නොහැකි වෙයි.
තිලක් පුෂ්ප කුමාර සේනානායක

No comments: