Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 3, 2008

ඇස්බැස්ටර්ස් වහලයේ එළවළු කොටුව

රජයේ දිරිගැන්වීම් ඔස්සේ ඇති නැති ලොකු කුඩා සෑම කෙනෙකුම වගා කටයුතුවලට පෙළඹී සිටීම අද සුලබ දෙයක් බවට පත් වී ඇත. ඉඩ කඩ මදියැයි කියා මැසිවිලි නගමින් සිටින්නේ ද නැත.
අඩුම ගණනේ මල් පොච්චියක ඉවතලන භාජනයක මිරිස් පැළයක් හෝ සිටුවා ගැනීමට බොහෝ දෙනකු උනන්දුවක් දක්වනු පෙනේ.
තට්ටු නිවාසවල කොන්කී‍්‍රට් වහලයේ සරුසාර වගාවන්හි නිරත වන අයද අපි බොහෝ විට දැක ඇත්තෙමු.
නමුත් ඇස්බැස්ටස් වහලයක් ගොවි බිමක් කළ අපූරු ගොවි මහතකු හමුවීමට පසුගිය දිනෙක අපට හැකි විය.
ඔහු කඩවත ඉහළ බියන්විල ජම්බුගස්වත්තේ පදිංචි බී. සුනිල් ගොවි මහතා යි. සිය නිවෙසේ ඇස්බැස්ටස් වහලය මත සරුසාර එළවළු වගාවක් කරගෙන යාමට ඔහු සමත් වී ඇති ආකාරය සැබවින්ම පුදුම සහගතය.
මෑ, පුහුල්, බෝංචි, කරවිල, පතෝල, වැටකොළු වැනි වැල් වර්ගද බඩ ඉරිඟු ලුනු, වැනි වගාවන්ද ඔහුගේ වහලය මත සරුවට වැඩේ.
කොන්කී‍්‍රට් තට්ටුවේ සහ වහලය මත එලන ලද ටයර් මත පස් පුරවා සකස් කළ වගාවන් දුටු අපට නම් එය අලුත් අත්දැකීමක් විය.
මෙම වහලය සහ අඩක් නිම වූ නිවසේ කොන්කී‍්‍රට් තට්ටුව එකම භෝග යායකි.
මෙහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වූයේ අවුරුද්ද පුරාම ඵල නෙළා ගත හැකි පරිදි කුඩා, මධ්‍යම හා ලොකු යන ප‍්‍රමාණයන්ට සෑම භෝගයකින්ම වගා කොට තිබීමය.
රජ රට ප‍්‍රදේශයේ උපත ලැබූ සුනිල් රියැදුරකු ලෙස ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට එක්වී කඩවත ප‍්‍රදේශයට පදිංචියට පැමිණියද තම ගොවි කටයුතු අත් හලේ නැත.
ගෙවත්තේ නොයෙකුත් පලතුරු සහ වටිනා ගහ කොළ සිටවූ ඔහු හොඳ ප‍්‍රතිඵල ලැබීමට මී මැසි රංචුවක්ද පදිංචි කළේය.
වහලයේ වැවීම ගැන ඔහු පවසන්නේ මෙවැනි අදහසකි. ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පළමුවරට අපි වවමු රට නගමු වැඩසටහන පිළිබඳ මහරගමදී නිලධාරීන් දැනුවත් කිරීමක් සිදු කළා.
මා අපගේ නිලධාරීන් කැටුව යාම සඳහා යොදවා තිබුණා. එහිදී මම මේ කතාව ඇසූ විට නැවතත් මගේ ඇඟේ තිබූ වැවීමේ ආශාව පන ගැන්වී ආවා.
එදින සිට මා වහලය මත එළවළු කොටුවක් තැනීමට මහන්සි ගත්තා.
එළවළු සඳහා අවශ්‍ය පොහොර ගෙවත්තෙන්ම සාදා ගන්නවා. මම දැන් අසල්වාසීන් ටත් විකුණා මුදලක් ලබනවා.නිවසටත් අවශ්‍ය දේ ලබනවා.
නිවසේ අප සැවොම ලබන සතුට මිල කළ නොහැකියි. මේවා ඉතිං අපට හුරු පුරුදු දේවල්.
හිරු නැගෙන්නේ ගොවි දෑත් සඳහාය යන්න අපටත් පසක් වන්නේ ගහ කොළවලට ආදරය දක්වන මෙවැනි මිනිසුන් හමුවන අවස්ථාවලදීය.
සටහන හා ඡායාරූප එම්. එච්. ස්ටැන්ලි අබේරත්නබෙම්මුල්ල සමූහ

No comments: