Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 2, 2008

අම්මේ මම දොස්තර කෙනෙක් වෙලා අම්මයි තාත්තයි කාර් එකෙන් ගෙනියනවා’


කෑගල්ල දිස්ති‍්‍රක් සමූහ දයාරත්න බණ්ඩාර
සිසුන් ප‍්‍රවාහනය කිරීම සඳහා සුදුසු යැයි යෝග්‍යතා සහතික මාර්ග බලපත‍්‍ර ලබාදෙන නිලධාරීන් මෙයට වඩා සැලකිලිමත් නොවුණහොත් මෙවැනි මරණ ඉදිරියේ දී බොහෝ සිදුවීමට ඉඩ ඇතැයි කෑගල්ල නගරයේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය රෝහන් බී. නිශ්ශංක මහතා පැවසීය.
ඔහු එසේ පැවසුවේ පාසල් බස් රථයක ලෑලි තට්ටුව කඩා වැටීමෙන් මිය ගිය පාසල් දැරියකගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේ දී ය. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බොස්සැල්ල දම්පැල්ගොඩ පදිංචිව සිටි කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි 12 හැවිරිදි පී. ඇම්. ඩිල්ශානි ප‍්‍රාර්ථනා කරුණාසේන නම් සිසුවියකි.
ඇය බොස්සැල්ල විද්‍යාලයේ සිට ශිෂ්‍යත්ව විභාගයෙන් දක්‍ෂ ලෙස සමත් වී නගරයේ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයට ඇතුළු වී ඇත. ඇය අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම බාහිර කටයුතුවල දී ද ඉමහත් දක්‍ෂකම් දැක්වූ කාගේත් සිත් දිනා ගත් උද්යෝගිමත් ශිෂ්‍යාවකි.
“අම්මේ මම දොස්තර කෙනෙක් වෙලා කාර් එකක් අරගෙන අම්මා තාත්තා එක්ක යනවා යැයි කියන ප‍්‍රාර්ථනය ඩිල්ශානිගේ ප‍්‍රාර්ථනා තුළ තිබූ බව ඇයගේ මෑණියන් වූ එස්. ඩී. කුසුමාවතී මහත්මිය හැඬූ කදුළෙන් පැවසුවා ය. ඇය නිතර නිතර තම දියණියගේ වියෝවීම ඉවසා ගත නොහැකිව විලාප දෙමින් සිටින්නී ය.
ඇයගේ කාමරයේ කුඩා බුදු කුටියකි. ඇය දිනපතාම උදේ හවස පිච්ච මල් පූජා කිරීම පහන් දැල්වීමෙන් පසු දින චර්යාව ආරම්භ කරයි. මෙදින මගේ දුව වෙනදාට වඩා මල් කඩාගෙන බන්දේසිය පුරවා මල් පූජා කළා. අම්මේ වෙනදාට වඩා ලස්සනට මගේ ඔලුව පීරලා කරල් දෙකක් වනසේ ගොතලා දෙන්න කීවා. ඇය වෙන දිනවල කරන වැඩ වලට වඩා විශේෂයක් මෙදින පාසල් යාමට පෙර සිදු කළා යැයි කුසුමාවතී මහත්මිය පැවසුවාය.
පාසල් බස් රථ සංගමයේ සභාපතිගේ බස් රථය හැර වෙනත් බස් රථයක් මෙම මාර්ගයේ ධාවනය නොවන හෙයින් කෑළි හැලි හැලී ධාවනය වන මෙම බස් රථයේම සිසුන්ට පැමිණීමට සිදුව ඇත. දම්පැල්ගොඩ සිට කෑගල්ල දක්වා සැතපුම් 22 ක් පමණ සිසුන් 100 ක් පමණ රැගෙන එයි. බස් රථයේ මුල සිටම ගමන් කරන්නන්ට ආසන හිමිවෙයි. අලුතින් එකතු වන සිසුන්ට ආසන හිමි නැත. එම නිසා මෙම දැරියට ද සිදු වූයේ ආසන දෙකක් අතර සැතපුම් 22 ක් සිටගෙන ඒමටය. මෙම මාර්ග ඉතාමත් දුෂ්කර මාර්ගයකි. ආසන වල ඉඩ තිබුනත් අලුත් සාමාජිකයනට හිටගෙන ඒමටත් පැරණි සාමාජිකයනට ආසන දීමත් මෙම බස් රථයේ පවත්නා නීතියකි.
ඩිල්ශානිට අවුරුදු දෙකක්ම මෙම බස් රථයේ සිටගෙන ඒමට සිදුව තිබිණ. මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී ඇය බස් රථයේ අනාරක්‍ෂිත ව තිබූ ලෑල්ල මත සිට ගෙන සිටියේ ය. ඒ බස්රථ හිමිකරු රියදුරු හා සහායක වශයෙන් වැඩ කරන එකම තැනැත්තාගේ නියෝගය නිසා වෙනි.
මෙම බසයේ ගමන් කරන එක් ශිෂ්‍යාවක් පැවසුයේ මෙම බස් රථයේ ලෑලි තැනින් තැන දිරා ගොස් තිබෙනවා ඒ තැන්වලට හාඩ් බෝඩ් ලෑලි දමා තිබෙනවා. ගොඩ වෙන දොර ළඟ මහා සිදුරක් තිබෙනවා. රියදුරාගේ ආසනයටත් ලී වලින් මුක්කු ගසා තිබෙනවා. සිදුරු වසා ලෑලි දමා තිබුනාට ඒවාට ඇනගසා නැහැ. ධාවනයේ දී එහාට මෙහාට විසිවෙනවා. එවිට කාපට් එක පමණයි තිබෙන්නේ. සමහර සිදුරු තුළින් ළමයින් ගේ කකුල් පවා යනවා. මේවා ගැන කීවොත් අපිට යන්න තිබෙන එකම බසයත් නතර වෙනවා යැයි ඇය පැවසුවාය.
මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හා කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය සිදුවූ ස්ථානයට ගොස් මූලික පරීක්‍ෂණයන් අවසන් කර පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේ දී පවත්වා ඇත.
එහිදී මියගිය දැරියගේ පියාවන පී. ඇම්. කරුණාසේන මහතා (57) සාක්කි දෙමින් මෙසේ පැවසීය.
මියගිය ඩිල්ශානි දියණිය මගේ එකම දියණියයි මෙයාට වඩා වැඩිමහල් පුතෙක් සිටිනවා. මගේ බිරිඳ කුසුමාවතී ඇය දැඩි කම්පනයකින් සිටින නිසා මරණ පරීක්‍ෂණය සඳහා පැමිණියේ නැහැ.
මියගිය දුව බොස්සැල්ල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවා. ඇය ඉතාමත් දක්‍ෂ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් වී කෑගල්ල නගරයේ ස්වර්ණ ජයන්ති විද්‍යාලයට ඇතුළු කළා. ඇය හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.
ඇය දිනපතාම බොස්සැල්ලේ පාසල් බස් සංගමයේ සභාපති සුභසිංහ මහතාගේ බස් රථයෙන් පාසල් යමින් සිටියා. මෙම බස් රථයේ සිසුන් 100 ක් පමණ ගමන් කරනවා. බස් රථය පරණ අබලන් තත්ත්වයේ තිබුණා. ගමේ වැඩි පිරිසක් මේ බස් රථයෙන් ගමන් කරනවා. දුවද මෙම බස් රථයෙන් පාසල් ගියා.
ඉකුත් 30 වැනි දින පාන්දර 5.30 ට පමණ දුව සුපුරුදු පරිදි පාසල් බස් රථයට යාමට පාරට ගියා. පාන්දර 5.40 ට පමණ දුවව බසයට ගොඩකර නිවෙසට ගොස් සිටියදී උදේ 6.30 ට පමණ මගේ ඥාති සහෝදරයෙක් වූ කළු මහත්තයා මට කීවා ඩිල්ශානි දුව ගිය බසයට යටවී බසය ප‍්‍රජාශාලාව ඉදිරිපිට නතර කර ඇති බව.
ඒ අනුව මා එතනට යද්දී බසය ප‍්‍රජාශාලාව ඉදිරිපිට නතර කර සෙනඟ රැදී සිටියා. පාරේ කන්ද පාමුල නතර කර තිබූ බසයට පිටුපස පාරේ වම් පස සුදු ඉටිරෙදි කවරයකින් දුවගේ දේහය වසා තිබුණා. ඒ අසල ලේ ගලාගෙන ගොස් තිබුණා. පාරේ කන්දට වන්නට තුනී ලෑල්ලක් හා රබර් කාපට් කෑල්ලක් බසයෙන් වැටී තිබුණා.
ඒ දුව බසයෙන් වැටුණු ස්ථානයට දමා තිබූ ඒවා බවට සිටි පිරිසගෙන් දැන ගත්තා. මූලික පරීක්‍ෂණ වලින් පසු කෑගල්ල රෝහලේ දී මරණ පරීක්‍ෂණයට පෙනී සිටියා. දුව බසයේ තට්ටුවෙන් අනාරක්‍ෂිතව තිබූ ලෑල්ලක් ගැලවී වැටී එම ස්ථානයෙන් බසයේ යටට වැටී රෝද වලට යටවී මෙසේ මියයන්නට ඇතැයි මා විශ්වාස කරනවා.
මරණ පරීක්‍ෂකවරයා - මෙම බස් රථයේ අයිතිකරු රියදුරු එකම පුද්ගලයෙකි. මොහු පාසල් බස් සංගමයේ සභාපති ද වෙනවා. සභාපතිගේ බස් රථය මේ ආකාරයට නුසුදුසු නම් අනික් බස් රථවල තත්ත්වය ඉතාමත් පැහැදිලියි. තවද මෙම බස් රථයට සහායෙකු ද යොදවා නැත. බස් රථ මාර්ග ධාවනයට සුදුසු බවට යෝග්‍යතා නිකුත් කරන මාර්ග බලපත‍්‍ර දෙන නිලධාරීන් ද විශේෂයෙන් පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස්රථ සඳහා යෝග්‍යතා නිකුත් කිරීමේ දී මෙයට වඩා සැළකිලිමත් වියයුතු යයි ද මරණ පරීක්‍ෂක නිශ්ශංක මහතා පැවසීය.
පාසල් සිසුන් ගේ ආරක්‍ෂාව හා ජීවිත කෙරෙහි බස්රථ රියදුරන් ගුරුවරුන් දෙමව්පියන් නිරන්තරයෙන් ඔවුන් අතර සිටින විටදී සොයා බැලිය යුතුයි. මෙවැනි කුඩා දරුවන් අකාලයේ මිය යාමට මෙම සියලු දෙනාම වගකිව යුතු වෙනවා යයිද මරණ පරීක්‍ෂකවරයා පැවසීය.
පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මංජුල අතුකෝරල මහතා රිය අනතුරක් නිසා මොළයට ඇතුළු ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියයන්ට සිදුවී ඇති බරපතළ හානි නිසා මෙම මරණය සිදුවූ බවට නිගමනය කර ඇත.
කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ශි‍්‍රයන්ත පීරිස් මහතාගේ අධීක්‍ෂණය මත රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේසේන මහතා ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.
කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයට ආලෝකයක් වූ ඩිල්ශානි කාගේත් සිත් දිනාගත් උද්යෝගිමත් ශිෂ්‍යාවක් වූවාය. එම මිණි පහන සදහටම නිවී ගියේ කිසිවෙකු අපේක්‍ෂා නොකළ අයුරිනි. ඇය වෙනුවෙන් ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ සිසුකැළ ඔවුන්ගේ ශෝකය මෙසේ පළ කරනු ඇත.
සුදු වතක් හැඳ – හිරු පිබිදෙන උදෑසන
විදු පියස වෙත පිය නැගු නුඹෙ මුව කමල
අපේ සිත් තුළ අමරණීයයි – අතින් අත
හදින් හද නුඹ සමග බැදුණු දින සිට
අප ගෙවූ ඒ නිමේෂය
හදින් කිසිදා සමු නොගනු ඇත.

No comments: