Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 2, 2008

කිංස්ලි ටී. වික‍්‍රමරත්න අභාවප‍්‍රාප්ත වෙයි


හිටපු ඇමැතිවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු වූ කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා ඊයේ (01) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.
1989 දී කඩුවෙල ආසනය නියෝජනය කරමින් කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා 1994 පොදුජන එක්සත් පෙරමුණු රජයේ වෙළෙඳ වාණිජ්‍ය සහ ආහාර ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළේය. කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරද්දී පාන් 3.50 ට ලබාදෙමින් ජනතා සිත් දිනා ගත්තේය. 1974 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා 1977 මැතිවරණයට තරග කළද පරාජයට පත්විය.
1981 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තේරීපත් වූ වික‍්‍රමරත්න මහතා පසුකලෙක ශ‍්‍රීී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ධූරයේ ද කටයුතු කළේය. ඒ මහතා කඩුවෙල ආසනයේ සංවිධායකවරයා වශයෙන් කලක් කටයුතු කළේය.
2000 මැතිවරණයේදී කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා ආසනය දිනා ගත්තත් මනාප ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්තී‍්‍රධූරය අහිමිවිය. ඉන්පසු ඔහු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් වසර 5 ක් කටයුතු කළේය.
බි‍්‍රතාන්‍ය කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමාධාරියකු වන වික‍්‍රමරත්න මහතා කළමනාකරණ ක්‍ෂේත‍්‍රයේ විද්වතෙකි.
කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා දියණියන් දෙදෙනකුගේ දයාබර පියාණන්ය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

No comments: