Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

ලේටන් බොක්සිං සමස්ත සූරතාව යුද හමුදාවට ආසියානු රන් පදක්කම්ලාභිනිය චන්ද්‍රිකාට පරදියි

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
66 වැනි ලේටන් බොක්සිං තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වූ යුද හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමස්ත සූරතාව දිනා ගත්හ. මෙම තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.
එහිදී මෙතෙක් කිලෝග‍්‍රෑම් 48 බර පංතියේ අපරාජිත කී‍්‍රඩිකාව ලෙස සිටි ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු 20 - 16ක් ලෙස පරාජය කිරීමට යුද හමුදාවේ චන්ද්‍රිකා ගුරුගේ සමත් වීම කැපී පෙණුනි. එම ඉසව්වේ ජාතික සූරිය වන අනූෂා ආසියානු රන් පදක්කම්ලාභිනියක ද වන්නීය. මීට ප‍්‍රථම කිලෝග‍්‍රෑම් 46 බර පංතිය නියෝජනය කළ චන්ද්‍රිකා වෛද්‍ය උපදෙස් මත ප‍්‍රථම වරට 48 බර පංතිය නියෝජනය කළේ මෙම වසරේදීය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස යුද හමුදාවේ ජයන්ත කුමාර ද දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මාස් සදර්න් හි බී.එල්.එස්.සඳරේඛා ද නම් කෙරුණි. දක්ෂතම පරාජිතයා ලෙස ස්ලිම්ලයින්හි ඩී.එම්.සමරනායක ද දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස පොලිස් කී‍්‍රඩා සමාජයේ ඩබ්ලිව්.ඒ.එස්.ශාන්තිකා ද සම්මාන දිනා ගත්හ.
බාලිකා
කිලෝග‍්‍රෑම් 46ට අඩු පින්වේට් - ඒ.ඒ.කේ.නිල්මිණි(ස්ලිම්ලයින්) විසින් ඩබ්ලිව්.එස්.වී.නිශාදි (මාස් සදර්න්) පරාජය කරන ලදී. කිලෝග‍්‍රෑම් 50 ට අඩු ෆ්ලයිවේට් - නිල්මිණි ජයසිංහ (ස්ලිම්ලයින්) විසින් එච්.පී.ඊ.අසෝකමාලි(සිලුටා) පරාජය කරන ලදී.
කිලෝග‍්‍රෑම් 52ට අඩු ලයිට් බැන්ටම්වේට් - එස්.ඒ.එන්.වීරරත්න (ස්ලිම්ලයින්) විසින් එම්.ආර්.පී.කි‍්‍රශාන්ති(සිලුටා) පරාජය කරන ලදී.කිලෝග‍්‍රෑම් 54ට අඩු බැන්ටම්වේට් - එස්.ඩී.එන්.කරුණාරත්න (යුද) විසින් එම්.ඩී.ඒකනායක(මාස් සදර්න්) පරාජය කරන ලදී.කිලෝග‍්‍රෑම් 57 ට අඩු ෆීදර්වේට් - එම්.එම්.එම්.සුසන්ති(යුද) විසින් ඩබ්ලිව්.ඒ.එස්.ශාන්තිකා (පොලිසිය) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 60ට අඩු ලයිට් වේට් - බී.එල්.එස්.සඳරේඛා(මාස් සදර්න්) විසින් බී.එම්.පී.දසනායක(ගාන්ධාර) පරාජය කරන ලදී. කිලෝග‍්‍රෑම් 48ට අඩු ලයිට් ෆ්ලයිවේට්-චන්ද්‍රිකා ගුරුගේ(යුද) විසින් අනූෂා කොඩිතුවක්කු(ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 63 ට අඩු ලයිට් වෙල්ටර්වේට් පී.කේ.සුමුදු (යුද) විසින් එස්.එම්.එන්.සේනානායක (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. කිලෝග‍්‍රෑම් 66ට අඩු වෙල්ටර් වේට් - ජී.එල්.ඒ.එම්.ලියනගේ(මාස් සදර්න්) විසින් ඩබ්ලිව්.කේ.වයි.කුමාරි (මාස් සදර්න්) පරාජය කරන ලදී.
කිලෝ ග‍්‍රෑම් 70 ලයිට් මිඩ්ල්වේට් - ඒ.ඒ.නිලන්ති (සින්සෙසි)
බාලක
කිලෝග‍්‍රෑම් 48ට අඩු ලයිට් ෆ්ලයි වේට් - ටී.එම්.සී.තෙන්නකෝන්(යුද)විසින් එස්.ඒ.එම්.චන්ද්‍රසේකර (යුද) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 51 ට අඩු ෆ්ලයි වේට්- ජයන්ත කුමාර (යුද) විසින් සී.පී.අබේරත්න (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 54ට අඩු බැන්ටම් වේට් ඩී.එම්.සමරනායක (ස්ලිම්ලයින්) විසින් ඩී.ආර්.විජේරත්න (සින්ටෙසි) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 57 ට අඩු ෆෙදර් වේට් - කමල් සමීර (ස්ලිම්ලයින්) කිලෝග‍්‍රෑම් 60 ට අඩු ලයිට්වේට් - එස්.එච්.ඩබ්.කරුණාරත්න (යුද) විසින් ආර්.එම්.එස්.රත්නායක (යුද) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 64ට අඩු ලයිට් වෙල්ටර්වෙට් - ඒ.ජී.එන්.බණ්ඩාර (යුද) විසින් ඩබ්ලිව්.එම්.ආර්.වෑකඩපොළ(ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. කිලෝග‍්‍රෑම් 69ට අඩු වෙල්ටර් වේට් - පී.එම්.ආර්.පුෂ්පකුමාර (යුද ) විසින් කේ.ජී.ජීවන්ත (යුද) පරාජය කරන ලදී. කිලෝග‍්‍රෑම් 75 ට අඩු මිඩ්ල්වේට් - ආර්.ටී.ජයතිලක (ස්ලිම්ලයින්) විසින් කේ.එම්.පී.කුමාර(යුද) පරාජය කරන ලදී. කිලෝ ග‍්‍රෑම් 81 ට අඩු ලයිට් හෙවි වේට් - ඒ.එච්.එස්.අතුකෝරල (යුද ) විසින් එස්.එච්.ආර්.කුමාර (යුද) පරාජය කරන ලදී. කිලෝග‍්‍රෑම් 81ට අඩු හෙවි වේට් - ආර්.බී.එස්.රත්මල්ගොඩ (නාවික) විසින් එච්.එම්.ආර්.හේරත්(යුද) පරාජය කරන ලදී.කිලෝ ග‍්‍රෑම් 81ට වැඩි සුපර් හෙවිවේට් පී.බී.ඒ.බණ්ඩාර (යුද) විසින් එම්.අයි.හන්සාර්(යුද) පරාජය කරන ලදී.

No comments: