Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, August 5, 2008

සාර්ක් සමුළුව සාර්ථක නිසා විරුද්ධ පක්ෂයේ කටවල් වැහුණා - රිෂාඩ් බදියුදීන් නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති

නැවත පදිංචි කිරීමේ කටයුතු, පළාත් සභා මැතිවරණය හා සාර්ක් සමුළුව ගැන නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ කළ සාකච්ඡාවක් පහත දැක්වේ.
*හිස්බුල්ලා මහතාට නැ‍ඟෙනහිර පළාතේ මහ ඇමතිධූරය ලබා නොදීම සම්බන්ධයෙන් නැඟෙනහිර මුස්ලිම් ජනතාව ආණ්ඩුව සමග දිගටම කළකිරීමෙන් සිටින බවට චෝදනාවක් එල්ල වෙනවා නේද ?
එහි කිසිම සත්‍යතාවයක් නැහැ. මුස්ලිම් ජනතා නියෝජිතයින් වැඩිපුර පත්වුණොත් මහ ඇමැති ධූරය මුස්ලිම් නියෝජිතයෙකුට දෙන්න කියලා යෝජනාවක් තිබුණා. නමුත් ජනාධිපතිතුමා අපත් සමග සාකච්ඡා කළා.
වසර 30 කට ආසන්න කාලයක් මේ රටේ යුද්ධයක් තිබුණා. ඒක නිසා ත‍්‍රස්තවාදය අත්හැරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පැමිණි පිරිස්වලට අප සහයෝගය ලබාදිය යුතුයි කියන ජනාධිපතිතුමාගේ ස්ථාවරය අපි සියලුම දෙනා පිළිගත්තා. සිවනේතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට නැ‍ෙඟනහිර පළාත් සභාවේ මහ ඇමැතිධූරය ලබාදීම කෙතරම් නිවැරදිද ? කියා අද පේනවා.
සියලු මුස්ලිම් ජනතාව ඉන්නේ ජනාධිපතිතුමා හා මේ ආණ්ඩුව සමගයි. වසර 20කින් පසුව නැගෙනහිර සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ඉන්නේ ඉතා සමගියෙන් සතුටෙන් චන්ද්‍රකාන්තන් මහතාත්, හිස්බුල්ලා මහතාත් ඉතා සුහදශීලීව සහයෝගයෙන් කි‍්‍රයා කරනවා. සමහරු හදනවා, දිගින් දිගටම ජාති බේදය නැගෙනහිර පළාත තුළ අවුස්සන එකට ජනතාව රැවටෙන්නේ නැහැ.
* නමුත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සබරගමුව පළාත් සභාවේ ඡන්ද ප‍්‍රචාරක රැස්වීම්වලට සහභාගිවෙමින් කියා සිටින්නේ මේ ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාව මුළුමනින්ම නොසළකා හැර ඇති බවයි. මේක බරපතළ චෝදනාවක් නේද ?
එවැනි පදනම් විරහිත චෝදනාවක් කරන්න රවුෆ් හකීම් මහතාට කිසිම අයිතියක් නැහැ. හකීම් මහත්තයා, ඡන්දෙ කාලේ කිව්වේ මුස්ලිම් මහ ඇමැතිධූරය අනවශ්‍යයි කියලා. ඔහු තමයි, මුස්ලිම් ජනතාව රැවැට්ටුවේ. හකීම්, හසල් අලී යන මහත්වරුන් එදා කිව්වේ ජනතාව වෙනුවෙන් ඒ ගොල්ලන්ගේ මන්තී‍්‍රධූර පූජා කළා කියලයි. එහෙම පූජා කළා කිව්ව අය හිමින් සීරුවේ ආයෙත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දිව්රුම් දීලා. ඒක තමයි, මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරපු ලොකුම පාවාදීම.
* නැ‍ෙඟනහිර පළාතේ යළි පදිංචි කිරීමේ කටයුතුවල, අලුත්ම තත්ත්වය කුමක්ද ? තව කොපමණ පවුල් සංඛ්‍යාවක් පදිංචි කරන්න තියෙනවාද ?
ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ නැගෙනහිර ආණ්ඩුකාරතුමා යන මහත්වරුන්, අදාළ දිසාපතිවරුන්, ආරක්ෂක අංශයත් මෙම යළි පදිංචි කිරීමේ කටයුතු සඳහා උපරිම සහයෝගයක් ලබා දෙනවා. වව්නතිව්වල පවුල් 8028ක්, චෙන්කලඩි පවුල් 3448ක්, කිරාන්වල පවුල් 1400ක්, පට්පොළයි පවුල් 6437 ක්, වෙල්ලාවලිවල පවුල් 9098 ක්, වාකරේ පවුල් 4545 ක් නැවත පදිංචි කරලා තියෙනවා. මේ වෙන කොට මඩකලපුව දිස්ති‍්‍රත්කයේම නැවත පදිංචි කිරීමට ඉතිරිවෙලා තියෙන්නේ පවුල් 2878 ක් පමණයි.
ති‍්‍රකුණාමලයෙන් මඩකලපුවට පැමිණි පවුල් 1759ක් ඉන්නවා. ඒ පවුල්වලත් නැවත පදිංචි කරවීමේ කටයුතු ඉවරවෙලා නැහැ. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ වෙරගල්වල පවුල් 3033ක්, මුතූර්වල පවුල් 13042ක්, සේරුවිල පවුල් 2269ක් නැවත පදිංචිකරලා ඉවරයි. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ නැවත පදිංචිකරන්න තියෙන්නේ පවුල් 3363ක් පමණයි.
* නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි ?
ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නවා. ඉතිරි පවුල් ප‍්‍රමානයක් නැවත පදිංචි කරන්න. යම් ප‍්‍රමාදයක් පවතින්නේ සමහර නැවත පදිංචි කිරීමට තෝරාගෙන තිබෙන ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට සිදුවී තිබෙන නිසයි. ආරක්ෂක අංශ හා ඇතැම් රාජ්‍යනොවන සංවිධාන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් කරගෙන යනවා. ජනතාව වගාකරන ඉඩම්වලත් කොටි සංවිධානය බිම් බෝම්බ වළදමලා. තව මාස 3 ක් යනවිට බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කළාට පසුව යළි පදිචි කරවීමේ කටයුතු ආරම්භ කරනවා. දැනට යළි පදිචි නොකර පවුල්වලට ආණ්ඩුවෙන් දිසාපතිවරුන් හරහා වියළි සලාක ලබා දෙනවා.
* සුනාමියෙන් හා යුධ ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙනද ? මේ යළි පදිචි කරවීමේ කටයුතු සිදුකරන්නේ.
සුනාමියට වැඩියෙන්ම ලක්වූයේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ ජනතාවයි. සුනාමියට ලක්වූ පවුල් නැවත පදිංචි කරවීමේ කටයුතු හුඟක් දුරට අවසන් කරලා තියෙන්නේ. ඉතා සුළු පිරිසක් පමණයි. සුනාමි අවතැන්වූවන් යළි පදිංචි කරවීමට ඉන්නේ. ඉතා ඉක්මනින් ඔවුන් පදිංචි කිරීම සඳහා මේ වන විට නිවාස ඉඳිවෙමින් පවතිනවා. ත‍්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් අවතැන් වී සිටින මේ දක්වා පදිංචි නොකළ පවුල් මම කලින් සඳහන් කළ පරිදි බිම් බෝම්බ ඉවත් කළ ගමන්ම යළි පදිංචි කරනවා.
* ත‍්‍රස්තවාදයෙන් ජනතාව මුදාගැනීම සඳහා කි‍්‍රයාත්මක වන්නි මෙහෙයුම සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරන බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. වන්නි මෙහෙයුමේදී අවතැන්වන පිරිස කොටි සංවිධානය විසින් මිනිස් පළිහක් ලෙස යොදා ගෙන ඇති බවටද ? තොරතුරු වාර්තා වෙනවා. මේ අවතැන් වූ පිරිස් සම්බන්ධයෙන් ඔබගේ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා ද?
ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් හේතුවෙන් තමයි උතුරේ මේ පිරිස අවතැන් ව සිටින්නේ. ඔවුන් සමහරු කොටි සංවිධානයෙන් බේරී හමුදාව ඉන්න ප‍්‍රදේශවලට පැමිණෙනවා. උතුරේ ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර ;හ්තුවෙන් අවතැන්වන පිරිස්වලට අවශ්‍ය ආහාර පාන හා ඉදුම් හිටුම් ලබාදීමට අපේ අමාත්‍යාංශය මේ වන විටත් අවශ්‍ය කටයුතු ආරම්භ කරලා. ලෝක ආහාර සංවිධානයත් මීට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා.
අවතැන් වූ පවුල් 2500ක් පමණ මේ වන විට කිළිනොච්චියට පැමිණ සිටිනවා. ඔවුන්ට තාවකාලිත නිවාස හදලා අවශ්‍ය වියළි ආහාර ලබාදීමට දිසාපතිවරුන් මාර්ගයෙන් කි‍්‍රයාකරලා තියෙනවා. සමහර රාජ්‍ය නොවන සංවිධානයේ මේ කටයුතුවලට උපකාර කිරීමට කැමැත්ත පළකර සිටිනවා. ඔබ කිව්වා. ඒ ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙසත් කොටි සංවිධානය විසින් යොදාගෙන ඇති බවට. එම ජනතාව අපේ ආරක්ෂක හමුදාව විසින් නැගෙනහිර මුදා ගත්තා වගේ මුදා ගනීවි. එතකොට ඒ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙනුත් අප ඉදිරිපත් වෙනවා.
* දකුණු පළාතත් ඉතා ඉක්මනින් මුළුමනින්ම ත‍්‍රස්තවාදයෙන් මුදාගන්නා බව ආණ්ඩු ප‍්‍රකාශ කර තිබෙනවා. නැ‍ෙඟනහිර වාගේ උතුරේ යළි පදිංචි කරවීමේ කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා ඔබට තිබෙන සැලසුම් මොනවාද ?
නැ‍ෙඟනහිර යළි පදිංචි කරවීමේ කටයුතු සා සංවර්ධන කටයුතු ඉතා සාර්ථකව සිදුවෙනවා. විදේශ රටවලුත් එය පිළිගෙන තිබෙනවා. මේ සඳහා ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් අති විශාල සහයෝගයක් ලැබුණා. නැගෙනහිර වැඩකටයුතු සාර්ථකව සිදුකිරීම එක්තරා අන්දමකින් විශාල අභියෝගයක් ජයගැනීමක් ලෙස සලකන්න පුළුවන්. උතුරත් මුළු මනින්ම ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමෙන් පසුව නැ‍ෙඟනහිර පළාතේ වගේ යළි පදිංචි කරවීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරනවා.
ජනතාව මුලින්ම සිටි ප‍්‍රදේශවලට ඔවුන් කැමතියි. කෙසේ හෝ ඒ ප‍්‍රදේශවලට යළි පදිංචි කරවීමටයි. අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තුව නැ‍ෙඟනහිර නවෝදය වගේ ළඟදීම උතුරේ නවෝදයක් ආරම්භ කරනවා. නැ‍ෙඟනහිර ජනතාව ඉතා සමඟියෙන් සතුටෙන් දැන් ඉන්නවා. උතුරටත් ඒ තත්ත්වය ඉක්මනින් ලබාදීමටයි, ආණ්ඩුව කැපවී සිටින්නේ.
* උතුරුමැද හා සබරගමුව පළාත් සභා මැතිවරණය නැ‍ෙඟනහිර පළාත් සභාව වගේ පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට හැකිවෙතැයි කියා ඔබ සිතනවාද ?
මේ රටේ ජීවත්වෙන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට අවශ්‍යවෙන්නේ සාමකාමීව ජීවත්වෙන්න. මේ රට දෙකඩවෙනවාට කිසිවෙකු කැමති නැහැ. මේ ආණ්ඩුව රට දෙකඩ කිරීමට කිසිම විටෙක කි‍්‍රයානොකරන බව මේ රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා. ඒක නිසා මොන ප‍්‍රශ්න තිබුණත් ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට මේ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළට ජනතා සහයෝගය හිමිවෙනවා.
අනෙක් එක කොටි සංවිධානයේ ඊළාම් සිහිනය සැබෑ කරමින් ඉන්දියාව කිසිම අවස්ථාවක උදව් දෙන්නේ නැහැ. සාක් සමුළුවට පැමිණි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහං සිං මහතා ඉතා පැහැදිලිව කියා සිටියේ ත‍්‍රස්තවාදයට එරෙහිව ආසියානු කලාපය පමණක් නොවෙයි, මුළු ලෝකයම එකතු විය යුතුයි කියලයි. ඒක නිසා නැගෙනහිර පළාතේ ජනතාව වගේම උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල ජනතාවත් ඉන්නේ ජනාධිපතිතුමා හා මේ ආණ්ඩුව සමග. ඒක නිසා නැ‍ෙඟනහිර පළාත් සභාව වගේම උතුරුමැද හා සබරගමුව යන පළාත්සභා දෙකත් ආණ්ඩුවට පහසුවෙන් ජයග‍්‍රහණය කරන්න හැකිවෙනවා.
මේ තීරණාත්මක අවස්ථාවේ ජනාධිපතිතුමා සමග ශී‍්‍ර ලංකා, යූ.ඇන්.පී, ජේ.වී.පී. සියලුම ජනතාව ඉන්නවා. මේ මිනිස්සු ඉතා බුද්ධිමත්. ඔවුන් බඩට වඩා හිතන්නේ රට ගැන. නැගෙනහිර මුදාගත්තා වාගේ ඉතා ඉක්මනින් උතුරත් මුදා ගන්නවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් බඩු මිල ඉහළ ගිහිල්ලා අද වැඩිම ජීවන බරක් උසුලන්නේ උතුරේ ජනතාව. ඒ ජනතාව මුදා ගැනීමටයි. ආරක්ෂක අංශ මේ වන විට කි‍්‍රයා කරන්නේ. ඒක නිසා ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ පසුව ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව සූදානම්න් සිටිනවා.
* මාවනැල්ල, කෑගල්ල ඇතුළු සබරගමුව පළාතේ මුස්ලිම් ජනතාව වැඩිපුර සිටින ප‍්‍රදේශවල රැස්වීම් තබමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කියා සිටින්නේ මුස්ලිම් ජනතාව කොන්කළ මෙම ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන්න කියලා.
මං කලින් දුන්නු පිළිතුරුවලදී කිව්වා මුස්ලිම් ජනතාවට කිසිම අසාධාරණයක් මේ ආණ්ඩුවෙන් සිදු නොවුණු බව. අද නැ‍ෙඟනහිර සංවර්ධනයත් සමග වැඩිපුරම සතුටුවෙලා ඉන්නේ ඒ ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවයි. ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් ඉතිහාසයේ නොසිටි ආකාරයෙන් විශාල පිරිසක් ඉන්නවා. නැගෙනහිර පළාත් සභාවෙන් මුස්ලිම් නියෝජිතයින් විශාල පිරිසක් ඉන්නවා. මෙම මැති ඇමැතිවරුන් හරහා විශාල සේවයක් මුස්ලිම් ජනතාවට සිදුවෙනවා. ඉතිං රවුෆ් හකීම් මත්තයා කොහොමද ? කියන්නේ මේ ආණ්ඩුවෙන් මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙනවා කියලා.
පළාත් සභාවට තරග කරලා, නැවත ඉල්ලා අස්වෙලා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා , මුස්ලිම් ජනතාව පාවලා දුන්නේ රවුෆ් හකීම් සහ හසන් අලීයි. එක්සත් ජාතික පක්ෂයයි, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයි එකතුවෙලා කොටි සංවිධානයේ සහයෝගයක් ලබාගෙන නැගෙනහිර පළාත දිනන්න බැරිවුණා නම් හකීම් මහත්තයා මෙහෙම කෑගැහුවා කියලා සබරගමුව දිනන්න පුළුවන් ද? නැගෙනහිරින් ලැබුණු ප‍්‍රතිඵලමයි, උතුරු මැද හා සබරගමුව පළාත්වලිනුත් එක්සත් ජාතික පක්ෂයටයි, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයටයි, ලැබෙන්නේ, මුස්ලිම් ජනතා නියෝජිතයින් රැසක් නියෝජනය කරන නිසා නැ‍ෙඟනහිර පළාතේ පමණක් නොවෙයි, අනෙකුත් පළාත්වලිනුත් ආණ්ඩුවට මුස්ලිම් ඡන්ද වැඩිවෙලා තියෙනවා. ඒක නිසා හකීම් මහත්තයා කියනදේ සබරගමුවේ මුස්ලිම් ජනතාව ගණන් ගන්නේ නැහැ.
* ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය කියන්නේ විශාල ජනපදනමක් තිබෙන පක්ෂයක්. එවැනි පක්ෂයක නායකයෙකුට ජන පදනමක් නැහැ කියලා ඔබ කියන්නේ කොහොමද ?
මම නෙවෙයි, එහෙම කියන්නේ. ඒක කියන්නේ මුස්ලිම් ජනතාවමයි. අෂ්රොෆ් නායකතුමා ඉන්න කාලේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට ජනපදනමක් තිබුණේ ඔහු වගකිව යුතු නායකයෙකු වශයෙන් කි‍්‍රයාකළනිසයි. එතකොට අපිත් ඉතා හොඳින් ඒ පක්ෂයේ ඒවකළා. අෂ්රොෆ් මහත්තයා හිටියනම් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මේ වගේ පරාජය වෙන්නේ නැහැ.
නමුත් රවුෆ් හකීම් මහතා ගමන් කරන්නේ අෂ්රොෆ් මහත්තයාගේ ප‍්‍රතිපත්තිවලට පටහැනිවයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කොහොම හරි බලයට ගෙන එන්නයි හකීම් මහත්තයට වුවමනා වෙලා තියෙන්නේ. යූ.ඇන්.පී. එකේ ඉන්න මන්තී‍්‍රවරුන්ටත් වඩා හකීම් මහත්තයට වුමනා වෙලා තියෙනවා රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට අෂ්රොෆ් මහත්තයා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හැදුවේ එක එක නායකයින්ට කීවේ යන්න නොවෙයි. ඒ මහත්තයා මේ පක්ෂය හැදුවේ මුස්ලිම් ජනතාවට කඩේ යන්නයි.
* ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සාක් කලාපයේ රටවල් සමග ඇතිකරගන්නේ මොන වගේ සම්බන්ධයක්ද ?
ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහං සිං මහතා ඇතුළු සාක් රාජ්‍ය නායකයින් මුණ ගැසීමට මට ඇතුළු අමාත්‍යවරුන් රාශියකට හැකිවුණා. සහන සේවා හා නැවත පදිංචි කිරීමේ කටයුතු ස¼ඳහා උපරිම සහාය ලබාදීමට සාක් රාජ්‍ය නායකයින් පොරොන්දු වුණා.
ඊට අමතරව අපේ අනෙකුත් අමාත්‍යවරුන්ටත් අදාළ අමාත්‍යාංශවල කටයුතු සඳහා සහයෝගය ලබාදීමට සාක් කලාපයේ නායකයින් කැමැත්ත පළකිරීමත් විශේෂ සිද්ධියක්. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවත් මන් මෝහං සිං මහතා ප‍්‍රකාශ කිරීම ඉතා වැදගත්.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් මංජු

No comments: