මඩු මංගල්‍යය පැවැත්වීම සඳහා සුදුසු ආරක්ෂක වාතාවරණයක් නැති බව මන්නාරම රදගුරුතුමා පවසනවා. වන්නියේ ආරක්ෂක ප්‍රධානියා ලෙස ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
මඩු මංගල්‍යය පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ලබාදී තිබෙනවා. දේවස්ථානයට අයත් භූමිය සම්පූර්ණයෙන්ම හා අවම වර්ග කිලෝමීටරයක ප්‍රදේශය බෝම්බ හා මර උගුල් ඉවත්කොට තිබෙනවා.
එතනින් ඔබ්බට ඇති ආරක්ෂිත පෙදෙස් සීමා ලකුණුකොට අනතුරු ඇඟවීම් සලකුණු කර තිබෙනවා. මේ නිසා වැරදී හෝ අනාරක්ෂිත පෙදෙස් වෙත කිසිවකු යැවෙන්නේ නැහැ.
රදගුරුතුමා ඉල්ලීමක් කරනවා නම් හමුදාවට සුබසාධක වෙළෙඳසල් විවෘත කිරීමටත් ඒ මගින් ආහාර ගැටලුව විසඳීමටත් අපට පුළුවන්. දේවස්ථානය අලුත්වැඩියාවෙන් පසු එහි තත්ත්වය රදගුරුතුමා දැක්කා. එතුමා අපට ස්තුතිකර සිටියා.
මඩු දේවස්ථානයේ විවිධ සේවාවල නිරතවන අවට ගම්මානවල ජනතාව පදිංචි කළ යුතු බවට ඉල්ලීමක් තිබෙනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?
අපි බෝම්බ ඉවත් කළේ වර්ග කිලෝමීටරයක බිම් ප්‍රමාණයක් පමණයි. එතනින් එහා ප්‍රදේශ තවමත් ආරක්ෂිත නැහැ. එතන ජනතාව යළි පදිංචි කිරීම එම ජනතාවගේ විපතට හේතුවක්.
ඒ නිසා ජනතාව යළි පදිංචි කිරීමට තවම සුදුසු කාලය එළඹ නැහැ. මඩු වෙත යන මාර්ගය පූර්ණ ලෙස ආරක්ෂිතයි.
අමතර ආරක්ෂාව සඳහා කොළඹින් අතිරේක බළඇණි පවා යුද හමුදාපතිතුමා ලබාදී තිබෙනවා. රදගුරුතුමා මඩු පල්ලිය වෙත ගියා. එතුමා එහි තත්ත්වය ගැන සෑහිමට පත්වූවා.
රදගුරුතුමා පවසන්නේ මංගල්‍යය සඳහා පැමිණෙන ජනතාවකට අවශ්‍ය යටිතල පහසුකම් නැති බවයි. ජලය හා ආහාර ප්‍රමුඛතාව ගන්නා බව රදගුරුතුමා පවසනවා.
මඩු වැව සම්පූර්ණයෙන්ම පිරිසුදු කර ජලටැංකිය පවිත්‍ර කොට ජලකරාම 306 ක් සවිකරා. විදුලිජනක යන්ත්‍ර අලුත්වැඩියා කර තිබෙනවා. දැන් රාති‍්‍රය පුරා එහි විදුලිය තිබෙනවා.
රුපියල් මිලියන 3.3 ක වියදමෙන් ;ද්වස්ථානය අලුත්වැඩියා කර තීන්ත ආලේප කොට තිබෙනවා. ආහාර ගන්න නම් වෙළෙඳසල් ඇරඹිය යුතුයි.
ජනතාව පැමිණෙනවා නම් තමයි වෙළෙඳසැල් විවෘත වන්නේ. දැන් ප්‍රතිමාව එහි නැති නිසා වන්දනාකරුවන් එන්නේ නැහැ.
සටන් පවතින ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සඳහා සටන් මුක්ත කලාප මුලතිව් කිලිනොච්චිය සහ මන්නාරමේ පිහිටුවන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීමට එකඟවිය හැකිද?
සටන් පවතින ප්‍රදෙශ ගතහොත් මන්නාරමේ තවදුරටත් සටන් නැහැ. එය සම්පූර්ණයෙන් මුදවා අවසන්.
අනෙක් ප්‍රදේශ ගතහොත් මේ මොහොතේ සටන් මුක්ත කලාප ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ. මොකද එල්.ටී.ටී.ඊ.ය ඒවායේ රැකවරණය ලබන නිසා. ඇත්තටම සටන් මුක්ත කලාපයක් දැන් තියෙනවා.
ඒ රජයේ පාලන ප්රදේශයි. ආරක්ෂාව උදෙසා ජනතාවට රජයේ පාලන පෙදෙසට පැමිණිය හැකිය.
මුදානොගත් ප්‍රදේශවල ජනතාවම රජයේ පාලන ප්‍රදේශ කරා ගමන්ගත හැකිද?
අනිවාර්යෙන්ම වවුනියාව - කිලිනොච්චිය මාර්ගය (ඒ 9) තුළ අද මෙහෙයුම් කරන්නේ නෑ. එසේ කරන්නේ සාමාන්‍ය ජනතාවගේ යෑම් ඒම් ආහාර සැපයුම් සඳහා බාධාවීම වැළැක්වීමටයි.
මුදානොගත් ප්‍රදේශවල ජනතාවට ඒ – 9 මාර්ගය ඔස්සේ පැමිණීවීමට අද ඉඩදී තිබෙනවා.
වන්නිය තුළ සිටින මුළු ජනගහනය ලක්ෂ 2 – 3 ක් අතර වෙනවා. මේ පිරිස පැමිණියහොත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ප්‍රමාණවත් හැකියාව තිබෙනවාද?
ලක්ෂ දෙකත් පහත් අතර ජනතාවක් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අපට හැකියාව තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ජලය, ආහාර, ඖෂධ සැපයීමට අප සතුව විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා.
ඔවුන්ට නවාතැන් සැපයීම සඳහා සුබසාධන කඳවුරු පිහිටුවීමට සුදුසු භූමි ප්‍රදේශ අද තෝරා තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්වී වැඩ කරන්න අප සූදානම්.
මේ වනවිට පැමිණ සිටින වන්නි සරණාගතයන්ගේ තත්ත්වය කොහොමද?
600 ක පමණ පිරිසක් මුහුදු මාර්ගයෙන් පැමිණ තිබෙනවා. ඔවුන් මන්නාරමේ සිටිනවා. දිසාපතිවරයා මාර්ගයෙන් ඔවුන්ට සහනාධාර ලබාදෙනවා. මන්නාරම ප්‍රදේශය තුළ රැකියාවල නිරතවීමට පවා ඔවුන්ට ඉඩ සලසා තිබෙනවා.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment