Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

ගහන්න ඕනෑ අයට අපි බය නැතිව ගහනවා - ජයතිලක පොඩිනිලමේ

පී. සෙනෙවිරත්න මාවනැල්ල සමූහ
මනාප පොරය නිසා කාටත් ප‍්‍රශ්න උද්ගත වෙලා. මෙවන් කරදර කාරී පාලනයක් ඉවත් කැර ජනතාවට නිදහස්ව සාමයෙන් යුතුව දේශපාලනයේදී තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් විදියේ සාධාරණ ඡන්ද ක‍්‍රමයක් ඇති කරන්නත් එජාපයේ සැලැසුමක් තිබෙනවා.
ඊට පළමු පියවර පළාත් සභා ඡන්දයෙන් රජය පරාජය කිරීමයි. එමනිසා ඊට පස්සේ අපි රජයට හොඳ සෙල්ලමක් පෙන්වන්නෙමු’යි සබරගමුව පළාත් සභාවේ හිටපු (එ. ජා. ප.) මහ ඇමැති කෑගල්ල කණ්ඩායම් නායක ජයතිලක පොඩිනිලමේ මහතා පැවසීය.
මාවනැල්ල පරණගම හෙම්මාතගම හා තවත් පෙදෙස් කිහිපයක කෑගල්ල එජාප පළාත් සභා කණ්ඩායමට අනුග‍්‍රහය ලබාදීම සඳහා පැවැති මහජන හමු කිහිපයකදී ජනතාව ඇමැතූ ඒ මහතා එසේ පැවසීය.
කෑගල්ල දිසා එජාප මන්තී‍්‍ර කබීර් හසීම් මහතා සහ එජාප මාවනැල්ල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු පිරිස් විසින් මෙම ජනහමුව සංවිධානය කළහ.
පළාත් සභා මැතිවරණයේ කෑගල්ල එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක හිටපු එජාප මහ ඇමැති ජයතිලක පොඩිනිලමේ මහතා ඇතුළු දිසා එජාප කණ්ඩායමට සහාය ලබා ගැනීමේ ප‍්‍රචාරක ජනහමුව ජයතිලක පොඩිනිළමේ මහතා විසින් අමතනු ලබයි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පක්ෂ ලේකම් තිස්ස අත්තනායක හා හිටපු ඇමැතිවරු ඇතුළු එජාප නායකවරුද මෙහි සිටිති. පී.සෙනෙවිරත්න – මාවනැල්ල සමූහ
ජයතිලක පොඩිනිලමේ මහතා මෙසේද කීය.
මම පළාත් සභාවේ මහ ඇමැති ධූරය දැරූ සමයේ නාස්ති දූෂණ කොමිස් ගහල නැහැ. බස් ගත්තේ නැහැ. මා එදා කළ සේවයෙන් අඩක්වත් අද කැර නැහැ.
නිළධාරි පිරිසක් වටකැරගෙන ඒ අය කියනදේ මහ අමාත්‍යවරයා අහනවා. ජනතාව කන්දෙන්නේ නැහැ. වසර නවයක දුර්දාන්ත පාලනයක් තමයි සිදුකැර තිබෙන්නේ.
වැසීගිය පාසැල් ලැයිස්තුව මා ළඟ තිබෙනවා. මම මුදල් වලට ජනතා අයිතිය උකස් කළේ නැහැ. යහපාලනයක් තමයි ගෙනගියේ. එජාප කණ්ඩායමේ නායකත්වය දරන්නේ මමයි.
මට මනාප ටිකක් වැඩිපුර ලබා දෙන්න එවිට නායකතුමා ඒ ගැන සිතා බලයි.
අපේ රනිල් වික‍්‍රමසිංහ නායකතුමා දැඩි ජනතා මතයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එකගව සෘජුව අවංකව කි‍්‍රයා කරණ පිරිසුදු චරිතයක් ඇති කයිවාරු නොගහන ජනතාවට අවශ්‍යදේ පමණක් කියන චරිත ඝාතනයේ නොයෙදෙන සැබෑ නායකවරයෙකි.
එතුමාට මෙම දේශපාලන සටන එතරම් අසීරු නැහැ යන තැන්වලදී ජනතාවගේ ගෞරවය හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවා. එජාපයේ එකම ඡන්දයක්වත් කැඩිලත් නැහැ. හැරිලත් නැහැ පත්තරකාරයෝ අල්ලාගෙන බොරු පතුරනවා.
අපට බලය ආපු දවසට අපි කළයුතු දේ කරනවා. මීට පෙරනම් අප පළිගත්තේ නැහැ. දැන් නම් ගහන්න ඕනෑ වුණොත් ගැසිය යුතු අයට ගහනවා සටනට සටන දෙනවා. අපි මෙදා නිසැකවම දිනනවා.
එජාප ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර වරුන්වන සුජිත් සංජය පෙරේරා, එම්. ඩබ්ලිව්. පල්ලේපොල නිහාල් පාරුක්, සනත් ගලප්පත්ති ලක්ෂමන් දිසානායක නිහාල් ජයරත්න දුමින්ද කරුණාරත්න බී. ආර්. ඒ. බණ්ඩාර සහ තවත් ගම් වාසීහු මෙහිදී අදහස් පලකළහ.

No comments: