Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

බීජිං ඔලිම්පික් උළෙලට ශ‍්‍රී ලංකා පිල පිටත් වෙයි

ප‍්‍රින්ස් ගුණසේකර
මෙම මස 8 වැනිදා චීනයේ බීජිංහිදී ආරම්භ වන ඔලිම්පික් උළෙලට සහභාගීවන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අලුයම 4.00ට චීනය බලා පිටත්විය.
මෙවර ඔලිම්පික් උළෙලට ශ‍්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් 4 ක් හා කී‍්‍රඩිකාවන් 4 ක් ඇතළත් වෙති. වසර 2000දී සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ලෝකඩ පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.
සුසන්තිකා ජයසිංහ දැනට ඇමරිකාවේ පුහුණුව ලබන හෙයින් ඇය බීජිං නුවරට ලඟාවෙන්නේ ඇමරිකාවේ සිටය. ශ‍්‍රී ලංකා කණ්ඩායමට අනුරුද්ධ රත්නායක (බොක්සිං), නදීකා ලක්මාලී (මලලකී‍්‍රඩා) චින්තන ගීතාල් විදානගේ (බර ඉසිලීම) තිළිණි ජයසිංහ (බැඩ්මින්ටන්) ඊ.එම්.සේනානායක (ඉලක්කයට වෙඩි තැබීම) ඩැනියෙල් ලී, මයුමි රහීම් ( පිහිනුම්) ඇතුළත් වෙති.
වසර 40කට පසුව ශ‍්‍රී ලංකාවෙන් ඔලිම්පික් උළෙලට යන අනුරුද්ධ රත්නායක ශ‍්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු වෙන් ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයෙකි. පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩිතැබීමේ ඉසව්වට එක්ව සිටින යුද හමුදාවේ ඊ.එම්.සේනානායක කෙරෙහිද විශාල බලාපොරොත්තු තබා ඇත.
ශ‍්‍රී ලංකා ජාතික වාර්තාවකට හිමිකම් කියමින් මීටර් 58.48ක් දුර හෙල්ල විසිකළ නදීකා ලක්මාලි මලල කී‍්‍රඩාවෙන් සහභාගීවන දෙවැනි කී‍්‍රඩිකාව වේ.
බැඩ්මින්ටන් කී‍්‍රඩාවෙන් ඔලිම්පික් යන ප‍්‍රථම කී‍්‍රඩිකාව ලෙස ඉතිහාසයට එක්වන නදීකා ලක්මාලි හා 2006 වසරේ සාෆ් කී‍්‍රඩා උළෙලේ පිහිනුම් වාර්තා බිහිකළ මයුමි රහීම් හා ඩැනියෙල් ලී වයිල්ඩ් කාඩ් ක‍්‍රමය යටතේ සුදුසුකම් ලැබූහ.
පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමෙන් රන් පදක්කම දිනාගත් චින්තන ගීතාල් විදානගේ ද වයිල්ඩ් කාඩ් ක‍්‍රමය යටතේ ඔලිම්පික් උළෙලට සහභාගී වෙයි.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ලෝ ලීන්ගේ විශාලතම අවධානය දිනාගත් සුසන්තිකා මාස ගණනාවක් ඇමරිකාවේ ටෝනි කැම්බල් යටතේ පුහුණුව ලබා ඔලිම්පික් උළෙලට එක්ව පදක්කම් අපේක්ෂාවෙන් පසුවේ.
ඇය සමග පුහුණුකරුට ද ඔලිම්පික් උළෙලට සහභාගීවීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩා බලධාරීන් අවස්ථාව ලබාදුණි. ශ‍්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අටදෙනාගේ කණ්ඩායම් භාර නිලධාරියා ලෙස ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ සභාපති හා ජාතික ඔලිම්පික් කමිටු උපසභාපති ඩයන් ගෝමස් මහතා කටයුතු කරයි.

No comments: