Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

එල්ටීටීඊය සැමියා මැරූ කාන්තාව දැක්වූ කරුණාවෙන් ත‍්‍රස්තවාදය තිත්ත වුණා - නැඟෙනහිර මහ ඇමැති චන්ද්‍රකාන්තන්

ත‍්‍රස්තවාදියකු ලෙස මාදුරුඔය ප‍්‍රදේශයේ සැඟවී සිටියදී, එල්.ටී.ටී.ඊ. යෙන් සිය සැමියා ඝාතනය කරනු ලැබූ සිංහල කාන්තාවක ලබාදුන් ආහාරපාන වලින් පණනල ගැට ගසා ගන්නට හැකිවීම තම දෛවය වෙනස් කිරීමට ඉවහල් වූ බවත්, ඒ අනුව ත‍්‍රස්තවාදය අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසීමට තීරණය කළ බවත් නැඟෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.
“කලකට පෙර, එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධවී මාදුරුඔය ප‍්‍රදේශයේ සැඟව සිටියදී, අප හාමතෙන් පසුවුණා. එහිදී දරුවකු වඩාගත් සිංහල කාන්තාවක අපට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළා. මා ඇයගෙන් ඇගේ සැමියා පිළිබඳව විමසීමේදී ඔහු එල්.ටී.ටී.ය අතින් මැරුම් කෑ බව කීවා.
ඇගේ පිළිතුරෙන් මා ගල්ගැසුණා. ඇගේ සැමියා එල්.ටී.ටී.ඊ යෙන් ඝාතනය කැර තිබියදීත් ඇය ත‍්‍රස්තවාදීන්ට ආහාරපාන පවා ලබාදෙමින් සිටියා.
ත‍්‍රස්තවාදයෙන් අත්මිදිය යුතු බව මා තීරණය කළේ එම අවස්ථාවේදීයැ’යි ඔහු කියා සිටියේය.
තවද මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ප‍්‍රතිපත්ති හා මහින්ද චින්තනය කෙරේ ඇති ගරුත්වය කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසීමට තමන් පෙළඹවූ බවද මහ ඇමැතිවරයා කීවේය.
මහ ඇමැතිවරයා මෙසේ ප‍්‍රකාශ කැර ඇත්තේ ‘සාම සේවය’ නමැති සංවිධානයේ පිරිසක් ති‍්‍රකුණාමලයේදී හමුවූ අවස්ථාවේදීය.
‘ඊළාම්’ යන නමේ ආකර්ෂණයෙන්, සිදුවන්නේ් කුමක්දැයි නොදැන ත‍්‍රස්තවාදීන්ට එකතු වූ නමුත්, පසුව එහි නායකත්වය වැදි බණ කාරයෙකු බව වටහා ගත්තේ යැයි මහ ඇමැතිවරයා පැවසීය.
ද්‍රවිඩ ජනතාව මුදාගෙන ඔවුනගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට අවංක වුවමනාවක් තිබුණේ නම් එම අවදියේදී එල්.ටී.ටී.ඊ. නායකත්වයට පළාත් සභා මැතිවරණයට තරග කොට ජයග‍්‍රහණය කළ හැකිව තිබුණු බවද ඔහු පැවසීය.
එසේ වී නම් මේ වනවිට ඔවුන් ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රවාහයට එක්ව සිටිනු ඇති බවත්, එහෙත් ප‍්‍රභාකරන් කටයුතු කළේ ඔහුගේ ඊනියා උපදේශකයන්ගේ සිතැඟි හා අභිමතයන්ට අනුව පමණක් බවත් කියා සිටියේය.
‘මා වැනි කණ්ඩායම් මේ උපදේශකයන්ට එරෙහි වන බව දැනගැන්මෙන් පසු ඔවුන් තමන් ඈත් කළ අතර ඉන්දීය සාම සාධක හමුදාව පැමිණි අවස්ථාවේද එම ඊනියා උපදේශකයන් තමන්ට කන් නොදුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එල්.ටී.ටී.ඊ. යට පැහැදිලි ප‍්‍රතිපත්තියක් හෝ අරමුණක් නැති බවද ඔහු කීවේය. එල්.ටී.ටී.ඊ.ය, උතුරු හා නැඟෙනහිර ප‍්‍රදේශවල ද්‍රවිඩ නායකයන්ට හඬක් නැගීමට ඉඩ නුදුන් අතර එම ප‍්‍රදේශවල ද්‍රවිඩ ජනතාවට දේශපාලන පක්ෂ ගොඩ නැගීමටද ඉඩක් නොදුන් නමුත්, වාර්ගික ජන කොටස් තුන එකට එක්ව කටයුතු කරන්නේ නම් උතුර සංවර්ධනය කිරීමට ඉතා පහසුවන බවද පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියද කිසිදාක සිය ලිඛිත ඉල්ලීම් වලට කන්නොදුන් බව මහ ඇමැතිවරයා පැවසීය.
“ඇය හැමවිටම, අප විරුද්ධවාදීන් ලෙස සලකමින් හෙළා දැක්කා. අපේ ඉල්ලීම් වලට ඇය කන්දුන්නානම් අද ත‍්‍රස්තවාදය තුරන් වී මුළු රටේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය බල පවත්වනවා.
අද මූලික අවශ්‍යතාවය වී ඇත්තේ උතුරේ සාමය ඇති කිරීමයැයිද චන්ද්‍රකාන්තන් මහතා ප‍්‍රකාශ කෙළේ ය.
උතුරට යන මංපෙත් විවර කොට එම ප‍්‍රදේශය පුනරුත්ථාපනය කළ යුතු බවත්, එවිට බරපතළ වාර්ගික කැලඹිලි හට නොගන්නා බවත්, ද්‍රවිඩ මුස්ලිම් හා සිංහල ජන කොටස් සහෝදරත්වයෙන් එක්ව වැඩ කරන සංවිධානයක් ඉදිරියේදී ගොඩනැගීමට තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments: