සම්පත් බණ්ඩාර
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තෙවැනි හා අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (08) වනාතමුල්ලේ පී.සර්වනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.
මේ තරගය දෙපිලටම ඉතාමත් තීරණාත්මක හා වැදගත් තරගයක් වන්නේ දැනට 1 – 1 ක් වශයෙන් සමව පවතින ටෙස්ට් තරගමාලාවේ ජය මේ තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට හිමි වන බැවිනි.
එස්.එස්.සී.කී‍්‍රඩාංගණයේදී පැවැති දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට ඉනිමක ජයග්‍රහණයක් හිමි වුවද, ශ්‍රී ලංකා පිලට වාසනාව රැගෙන එන කී‍්‍රඩා පිටියක් ලෙස ප්‍රකට ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී සිදුවූයේ අනපේක්ෂිත පරාජයක කටුක අමිහිර විඳ ගැනීමට ය.
අජන්ත මෙන්ඩිස්
අපේ ඉදිරිපෙල පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මේ පරාජයට හේතු සාධක වූ අතර, අද ඇරැඹෙන තරගයේදී මෙම දුර්වලතා හඳුනාගෙන ඊට පිළියම් යොදමින් කටයුතු කිරීමට නායක මහේල ජයවර්ධනට සිදු වනු ඇත.
එහෙත් බලාපොරොත්තු නොවූ පරිදි මෙම තරගය සඳහා නම් කළ සංචිතයේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
එහෙත් වේග පන්දු යවන නුවන් කුලසේකර වෙනුවට වෙනත් පන්දු යවන්නකු අද තරගය සඳහා නම් කිරීමට බොහෝ දුරට ඉඩ ප්රස්ථා තිබේ.
සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සහභාගිවන 150වැනි ටෙස්ට් තරගය මෙයයි. දැනට ටෙස්ට් තරග 149කදී ශතක 39ක් හා අර්ධ ශතක 89ක් සමඟ ලකුණු 11,857ක් ලබාගෙන සිටින සචින් තෙන්ඩුල්කාර්ට බ්‍රයන් ලාරාගේ ටෙස්ට් ලකුණු ලෝක වාර්තාව බිඳ හෙලීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 96ක් පමණි.
බොහෝ දුරට මෙම ටෙස්ට් තරගයේදී සචින් එම වාර්තාව බිඳ හෙලීමට ඉඩ තිබේ.
තවමත් ටෙස්ට් තරග 8 කට පමණක් සහභාගී වී කඩුලු 22 (සාමාන්‍ය 36.36) ක් ලබාගෙන සිටින විසි හැවිරිදි ෂර්මාට ගාලු ටෙස්ට් තරගයේදී අපේ පළපුරුදු පිතිකරුවන් මුහුණ දුන් අසාර්ථක භාවය මේ තරගයේදී තුරන් කර ගත යුතුව ඇත.
ෂර්මා
පළමු ටෙස්ට් තරග දෙකේදී මෙන්ම මෙම තරගයේ දී ද අපේ තීරණාත්මක පන්දු යවන්නන් දෙදෙනා බවට මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් පත් වීම නොවැලැක්විය හැකිය.
නායක මහේල ජයවර්ධන හා උප නායක කුමාර් සංගක්කාර යළි සුපුරුදු දස්කම් අතරට පිවිසීම අත්‍යවශ්‍ය කරුණකි.
අපේ මංගල ටෙස්ට් තරගය මෙන්ම මංගල ටෙස්ට් ජයග්රහණයද සලකුණු කළ වනාතමුල්ලේ පී.සර්වනමුත්තු කී‍්‍රඩාංගණයේ මේ දක්වා ටෙස්ට් තරග 12 ක් පවත්වා ඇති අතර, ඉන් 5 කින්ම ශ්‍රී ලංකාවට ජය අත්වී තිබේ.
තරග 4 ක් ජය පරාජයකින් තොරව කෙලවර වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇත්තේ තරග 2 කින් පමණි.මේ අනුව සරවනමුත්තු කී‍්‍රඩාංගණය ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්කරදුන් කී‍්‍රඩාංගණයක් ලෙස සැලැකිය හැකිය.
මේ කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ දහතුන් මසකට පසුවය.
අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම පහත සඳහන් කී‍්‍රඩකයන් අතුරින් තෝරා ගැනෙනු ඇත.
මහේල ජයවර්ධන (නායක), කුමාර සංගක්කාර, මයිකල් වැන්ඩෝර්ට්, මලින්ද වර්ණපුර, ප්‍රසන්න ජයවර්ධන, චාමර සිල්වා, චාමර කපුගෙදර, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, තිලාන් සමරවීර, තිළිණ තුෂාර, ධම්මික ප්‍රසාද් හා නුවන් කුලසේකර
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment