Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් පිල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

ප‍්‍රින්ස් ගුණසේකර
ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ශ‍්‍රී ලංකා පිල සිව්වැනි ස්ථානයට පත්ව ඇත.
නිමාවට පත් වූ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2 – 1 ක් ලෙස ශ‍්‍රී ලංකාව ජය ලැබීමත් සමග ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට පැමිණීමට හැකියාව ලැබුණි.
ශ‍්‍රී ලංකාවට ඉහළින් තෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාව එක ප‍්‍රසාද ලකුණකින් ඉදිරියෙන් සිටී. ශ‍්‍රී ලංකාව ලකුණු 108 ක් ලබාගනිද්දී ඉන්දියාව ලකුණු 109 ක් ලබා ඇත.
ශ‍්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් තරගාවලිය ආරම්භයේ දී ශ‍්‍රී ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ ලකුණ‍්‍ර 103 ක් ලබා සිටි අතර තරගාවලිය නිමාවෙද්දී ලකුණු 109 දක්වා ඉහළ ගියේය.
ඉන්දියාව ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 113 සිට 109 දක්වා පහතට වැටුණි. ශ‍්‍රී ලංකා පිලට ඉදිරි මාස 9 ක කාලය තුළදී ටෙස්ට් තරග නොමැති අතර එංගලන්තය සමග ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සාකච්ඡා මට්ටමේ පවතී.
එහෙත් ඉන්දියාව හා ඔස්ටේ‍්‍රලියාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ලබන ඔක්තෝම්බර් මස දී ඉන්දියාවේ පැවැත්වෙන බැවින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ තවදුරටත් ඉන්දියාව ඉහලට හෝ පහළට යෑම තීරණය වනු ඇත.
ඔස්ටේ‍්‍රලියාව වෙතින් ඉන්දියාව ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වුවහොත් ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ‍්‍රී ලංකාවට වඩා පහතට වැටී සිව්වැනි ස්ථානයට පත්වනු ඇත.
එහෙත් ඉන්දියාව වෙතින් ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත්වුවහොත් ඉන්දියාව තවදුරටත් ඉහළට ගොස් දකුණු අප‍්‍රිකාව පසුකර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පත්වීමේ හැකියාව උදාකරගනු ඇත.
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන
රට
තරග
ලකුණු
1. ඔස්ටේ‍්‍රලියාව
26
138
2. දකුණු අප‍්‍රිකාව
29
115
3. ඉන්දියාව
35
109
4. ශ‍්‍රී ලංකාව
28
108
5. එංගලන්තය
33
106
6. පාකිස්තානය
19
100
7. නවසීලන්තය
21
83
8. බටහිර ඉ. කොදෙව්
22
81
9. බංග්ලාදේශය
14
00

No comments: