Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

බීජිං ඔලිම්පික් උළෙල චින්තන විදානගේ අද බර ඉසිලීමේ තරග බිමට

පොදු රාජ්‍ය මණ්ඩල සහ දකුණු ආසියානු රන් පදක්කම්ලාභී චින්තන විදානගේ අද බීජිං ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ සිවුවැනි දිනයේදී බර ඉසිලීමේ තරගාවලියට සහභාගි වෙයි.
ඇමරිකාවේ මයිකල් ෆෙල්ප්ස් පිරිමි මීටර් 400 තනි මෙඩ්ලි පිහිනුම් ඉසව්වේ තරග වැදුණු අයුරු.
දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලවලදී පදක්කම් දිනා ගනිමින් ශ‍්‍රී ලංකා කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ ඉතිහාසගත වූ විදානගේ හට අද ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට ඇරැඹෙන පිරිමි කිලෝ ග‍්‍රෑම් 69 ‘සී’ කොටසේ තරගාවලියේ දී තියුණු තරගයකට මුහුණදීම සිදුවනු ඇත.
විදානගේ ඊයේ දැඩි අධිෂ්ඨානයකින් සිටියේය. “මම ඉතා හොඳින් පුහුණු වුණා.
ගොඩක් මහන්සි වුණා. නමුත් ඔලිම්පික් කියන්නේ ලොකු තරගාවලියක් කියා මා දන්නවා.
මෙහි සෑම එකක්ම හරිම තරගකාරියි.
මෙය පහසු දෙයක් වෙන්නේ නැහැ. නමුත් මම මගේ තරග ඉසව්වේ උපරිම හොඳින් කී‍්‍රඩා කිරීමට අවධානය යොමුකර තියෙනවා.
විදානගේ ඊයේ පුහුණුවීම්වලින් පසුව ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක එදිරිසිංහ සේනානායක ද පිරිමි මීටර් 10 ගුවන් පිස්තෝල ඉසව්වේ ලත් පරාජයෙන් පසුව දැන් ඔහුගේ සුපුරුදු ඉසව්ව වන පිරිමි මීටර 50 ගුවන් පිස්තෝල තරගයට සූදානම් වෙමින් සිටී.
කාන්තා මීටර 400 තනි මෙඩ්ලි පිහිනුම් රන් පදක්කම දිනා ගත් ඔස්ටේ‍්‍රලියාවේ ස්ටෙෆනී රයිස්.
හෙට ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 ට ඇරැඹෙන පිරිමි මීටර් 50 ගුවන් පිස්තෝල සුදුසුකම් ලබාගැනීමේ වටයට පෙර සේනානායක ඔහුගේ අවසාන පුහුණු වාරයට අද සහභාගි වනු ඇත.
හෙට ශ‍්‍රී ලංකාවට වැදගත් දිනයකි.
ශ‍්‍රී ලංකා බොක්සිං කී‍්‍රඩක අනුරුද්ධ රත්නායක ලතින් ඇමරිකානු රිදී පදක්කම්ලාභී බ‍්‍රසීලයේ රොබිනිසන් වියෙයිරා සමඟ පිරිමි කිලෝ ග‍්‍රෑම් 51 ෆ්ලයිවේට් ඉසව්වේ පළමු වටයේ හෙට තරග වැදීමට නියමිතය.
පෙරේදා පැවැති පිරිමි මීටර 10 ගුවන් පිස්තෝල ඉසව්වට සහභාගි වූ එදිරිසිංහ සේනානායකට අත්වූයේ 48 වැනි අන්තිම ස්ථානයයි.
ඔහු එම ඉසව්වට සුදුසුකම් ලබාගැනීමේ වටයේදී 91, 94, 93, 91, 94, 98 වශයෙන් ලකුණු 561 ක එකතුවක් ලබා ගත්තද එය ඔහු විසින් කලින් වාර්තා කර ඇති හොඳම පෞද්ගලික දක්ෂතාවයට බොහෝ පිටුපසින් විය.
තමන්ගේ පිස්තෝලයේ පීඩන ප‍්‍රශ්නයක් හට ගත් බව සේනානායක කියා සිටියේය. ඒ වැරැද්ද කලින් හදා ගත්තා.
නමුත් පිස්තෝලය යළි පරීක්ෂා කොට සහතික කර ගත්තත් මම තරගයේදී පිස්තෝලය පත්තු කරන කොට ඒ වැරැද්දම යළිත් මතුවුණා” සේනානායක තරගයෙන් පසුව පැවැසීය.
බීජිං ඔලිම්පික් පළමු රන් පදක්කම දිනා ගත් චෙකොස්ලොවේකියාවේ කැතරිනා එමන්ස් කාන්තා මීටර 10 ගුවන් රයිෆල් තරගයේදී ...
තමාට ලැබුණු අලුත් පිස්තෝලයට හුරුවීමට තමාට අවශ්‍ය කාලයක් නොලැබුණු බැවින් පරණ පිස්තෝලයෙන්ම කී‍්‍රඩා කරගෙන ගිය බව ඔහු කීවේය.
“මම දොස් කියනවා නෙවෙයි. නමුත් අත්තෙන්ම සිදුවුනේ එයයි.
කොහොමටත් මෙය මගේ සුපුරුදු ඉසව්ව නොවෙයි.
මගේ මීටර් 50 ගුවන් පිස්තෝල ඉසව්වට මා දැන් මගේ දැඩි අවධානය යොමු කර තියෙනවා.”
සෙනානායක වැඩි දුරටත් කියා සිටියේය.
ඔලිම්පික් වැනි දැවැන්ත කී‍්‍රඩා උළෙලක ජගත් මට්ටමේ කී‍්‍රඩකයන්ට එරෙහිව තරග කරද්දී තමාට දැඩි පීඩනයක් දැනුනු බව ඔහු පිළිගත්තේය.
“නමුත් මීටර් 50 ඉසව්වේ මම වඩා හොඳින් තරග කරනවා” ඔහු විශ්වාසයෙන් කියා සිටියේය.
පිරිමි මීටර් 10 ගුවන් පිස්තෝල ඉසව්ව අවසානයේ ජය ගත්තේ චීනයේ පැනග් වෙයිය. 22 හැවිරිදි ඔහු ලකුණු 688.2ක් ලබා ගනිමින් රන් පදක්කම දිනා ගත්තේය.
කොරියාවේ ජින් ජෝං ඕරිදී පදක්කමද කිම් ජොං සු ලෝකඩ පදක්කමද හිමිකර ගත්හ.
චීනයේ චෙන් සියෙක්සියා කාන්තා කි. ග‍්‍රෑ. 48 බර ඉසිලීම ඉසව්වේ තරග වැදුණු අයුරු. ඇය මෙහි රන් පදක්කම් දිනා ගත්තේ නව ඔලිම්පික් වාර්තා ද බිහි කරමිනි.
මේ අතර ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණි ජයසිංහද පෙරේදා කාන්තා කේවල තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි විණි.
ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක තරග වැදුනු ප‍්‍රථම ශ‍්‍රී ලාංකික බැඩ්මින්ටන් කී‍්‍රඩිකාව බවට පත් වූ 23 හැවිරිදි තිළිණි හට අත්වූයේ අසුභ ආරම්භයකි.
ඇය වියට්නාමයේ නන් ලී හට කෙළින්ම තරග වට 0 – 2 කින් පරාජය වූවාය.
තරගයේ පළමු වටයේ ලකුණු 9 – 17 ක් පිටුපසින් සිටියදී තිළිණිගේ දකුණු අතේ ඇඟිල්ලක නියපොත්ත අසළ සුළු කැපීමක් ඇති වූ අතර ඊට වෛද්‍ය සත්කාරයෙන් පසුව ඇය යළි තරග වැදුනාය.
පළමු වටය මිනිත්තු 12 ක් තුළදී ලකුණු 13 – 21 කින් පරාජය වූ ඇය දෙවැනි වටය ලකුණු 12 - 21කින් පරාජය වූවාය.
“මම මීට වඩා හොඳින් කී‍්‍රඩා කරන්න බලාපොරොත්තු වුනා. නමුත් මා බලාපොරොත්තු වූ ලෙසින් සියල්ල සිදුවුනේ නැහැ. තිළිණි පරාජයෙන් පසුව පැවසුවාය.
මේ අතර ස්පාඤ්ඤයේ සැමුවල් සැන්චස් කිලෝ මීටර් 245ක් 36 පිරිමි පාපැදි මාර්ග තරගයේ රන් පදක්කම හිමි කර ගත්තේය.
මැඩ්රිඩ් හි 30 හැවිරිදි සැන්චස් පැය 6 යි මිනිත්තු 23 යි තත්ත්පර 49 කාලයක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය.
බීජිං ඔලිම්පික් සමාරම්භක උලෙළේ අවස්ථාවක්. ඡායාරූප – ඒ. එෆ්. පී.
ඇමරිකානු සුපිරි පිහිනුම් කී‍්‍රඩක මයිකල් ෆෙල්ප්ස් පිරිමි මීටර 400 තනි මෙඩ්ලි අවසන් තරගයේදී නව ලෝක වාර්තාව බිහි කළේ මිනිත්තු 4 යි තත්ත්පර 03.84ක් සටහන් කරමිණි.
ඔහු බිඳ හෙලුවේ මේ වසර මුලදී 2008 ඇමරිකානු පිහිනුම් තරගාවලියේ ඔහු විසින්ම තබා තිබූ මිනිත්තු 4 යි තත්ත්පර 05.25 ලෝක වාර්තාවයි.
එක් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකදී රන් පදක්කම් 7 ක වාර්තාව බිඳ හෙලීමේ උත්සාහයක නිරතව සිටින ෆෙල්ප්ස්ට ලැබුනු පළමු රන් පදක්කම මෙය වේ.

No comments: