Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

ජනපති මැදිහත් වෙයි: ගාලු නාගරික මන්තී‍්‍ර මෙත්සිරි උපවාසය අත්හරී

ඩී. සිරිවර්ධන – ගාල්ල දිසා විශේෂ හා ගාල්ල උතුර සමූහ
ගාල්ල පුරපති ධූරය ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් නාගරික මන්තී‍්‍ර මෙත්සිරි ද සිල්වා මහතා පුරා දින 9 ක් පැවැත්වූ මාරාන්තික උපවාසය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (12) පෙ. ව. 11.20 ට අවසන් කෙරිණි.
ජනාධිපති සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයක් මත ගාල්ල පුරපති ධූරය ගිවිසුම් ප‍්‍රකාරව ලබා දෙන බවට ඇමැති අමරසිරි දොඩංගොඩ මහතා මෙත්සිරි මහතාට දන්වා සිටි අවස්ථාවේ එය පිළිගත් ඔහු උපවාසය අත්හැර කරාපිටිය රෝහලට ඇතුළුවීමට ගියේය.
මෙම අවස්ථාවට දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා ද සහභාගි විය.
ජනාධිපතිතුමාගේ තීරණය රැගෙන පැමිණි දොඩන්ගොඩ මහතා පළමුව උපවාසකරුට තැඹිලි ගෙඩියක් බොන්නට දී එම අට්ටාලයට නැඟ ජනාධිපතිතුමාගේ තීරණය ප‍්‍රකාශ කෙළේය.
පක්‍ෂය මගින් ගන්නා තීරණවලට අනුව සාමාජිකයන් කටයුතු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර යැයි ජනාධිපතිතුමන් පැවසූ බවත් ඇමැති අමරසිරි දොඩන්ගොඩ මහතා ප‍්‍රකාශ කළේය.

No comments: