Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 7, 2008

මුහමලේ කොටි ඉදිරි වළල්ලට දැවැන්ත ප‍්‍රහාරයක්

චන්ද්‍රිකා පෙරේරා, විජයානි එදිරිසිංහ සහ මහින්ද කුලතුංග
යාපනය මුහමලේ පිහිටි කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ඊයේ (06) අලුයම යුද හමුදාව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ලකැර තිබේ.
එම ආරක්ෂක වළල්ලේ ශක්තිමත් ස්ථාන හතක් බිඳිමින් එදින අලුයම 2. 30ට පමණ එහි ඇතුළු වූ හමුදා භටපිරිස් හා ත‍්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කොටි ත‍්‍රස්තවාදීන් පස්දෙනකු මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇත.
එහිදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට ද තුවාල සිදුව තිබෙන බවද ප‍්‍රහාරයෙන් පසු හමුදා භටපිරිස් නැවත හමුදා ආරක්ෂක ප‍්‍රදේශ කරා පැමිණ ඇති බවද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
මේ අතර වවුනියාව, මුලතිව් හා වැලිඔය ප‍්‍රදේශවලදී පෙරේදා (05) යුද හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 40 දෙනෙක් මියගොස් තවත් 94 කට තුවාල සිදුව තිබේ.
එම ප‍්‍රදේශවලදී හා මඩකළපුව පෙරියවඩ්ඩුවන්හිදී ත‍්‍රස්තවාදීන් එල්ලකළ අවි හා ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරවලින් යුද හමුදා සෙබළුන් සිවුදෙනකු මියගොස් 13කට තුවාල සිදුව තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කීය.
මඩකළපුව පෙරියවඩ්ඩුවන්හි දී එදින රාතී‍්‍ර 10.30ට පමණ ට‍්‍රැක්ටරයක ගමන්ගත් යුද හමුදා භට පිරිසක් ඉලක්ක කැර කොටි ත‍්‍රස්තවාදීන් ක්ලේමෝ බෝම්බයක් එල්ලකැර තිබිණි.
එහිදී යුද හමුදා සෙබලකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇත. එදින වැලිඔය ජනකපුර උතුර ප‍්‍රදේශවල හා සාම්පූර් සින්නකුලම්හි අතහැර දැමූ කොටි කඳවුරක් ආශ‍්‍රිත ප‍්‍රදේශයේ යුද හමුදාව හා පොලිසිය කළ සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගල නාශක බෝම්බ 67ක්, නවීකරණය කරන ලද බෝම්බ 11 ක් හා ක්ලේමෝ බෝම්බ තුනක් සොයාගෙන ඇත.

No comments: