Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

සාර්ක් ප‍්‍රතිඵල මනින්නේ කෙසේ ද?

ලෝකයේ පැවැත්ම ඇත්තේ මනුෂ්‍යයා සාමුහික ව ජීවත් වුවහොත් පමණක් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, යුරෝපා සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, නොබැඳි ජාතීන්ගේ සම්මේලනය, අප‍්‍රිකා සංගමය, ආසියා සංගමය, දකුණු ආසියාතික සහයෝගිතා සංවිධානය අපට පසක් කරන යථාර්ථය එය යි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ කුමන විවේචන ඉදිරිපත් වුව තෙවැනි ලෝක යුද්ධයක් පහළ නො වීම පමණක් වුව එහි සාර්ථකත්වය කියා පාන ප‍්‍රබල සාධකයෙකි. නො බැඳි ජාතීන්ගේ සම්මේලනය ගැන වේවා, සාර්ක් සංවිධානය ගැන වේවා අප බැලිය යුත්තේ එබදු සාධනීය චින්තනයක සිට ය.
කොළඹ දී මුළුදෙන පහළොස්වන සාර්ක් සමුළුව ගැන විවිධ විවේචන මේ වනවිටත් ඉදිරිපත් ව තිබේ. සැබෑ ලෙසින්ම ගතහොත් ඊට අදාළ විවේචන ඉදිරිපත් වන්නට වූයේ මීට මසකට පමණ කලින් සිට ය.
පළමුවන විවේචනය ඒ සඳහා වැයකරන මූලික ධනය ගැන ය. දෙවන විවේචනය සාර්ක් සමුළුව කතාවට මිස වැඩවලට මුල්තැනක් දෙන සංවිධානයක් නො වන බව ය. තෙවන විවේචනය මේ මගින් ඉන්දීය ව්‍යාප්තිවාදයක් ඇතිවන බව ය. මේ සියල්ල අස්ථාන භීතිකා ලෙස සැලකිය හැකි ය.
ඕනෑ ම රාජ්‍යයක් සිය අන්තර්ජාතික සබඳතා වර්ධනය කරගැනීම සඳහා කිසියම් මූලධනයක් වැයකළ යුතු ය. දියුණු රටවල් එය ඉක්මවා ගොස් ලෝකයේ එකිනෙක කලාප සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා වාර්ෂිකව වෙන - වෙනම මුදල් වෙන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊට කදිම උදාහරණය වේ. රුසියාව ද මීට කලින් එම ප‍්‍රතිපත්තිය ම අනුගමනය කළේ ය. එකල රුසියාව සෝවියට් දේශය නමින් හැඳින්විණි. එකී බලවත් ජාතීන් හැරුණුකොට වෙනත් රාජ්‍යයන් ද කලාපීය සහයෝගීතාව සඳහා සිය කැමැත්තෙන් ම අධික මුදලක් වැය කරයි. එහි ප‍්‍රතිඵල හැමවිට ම සාර්ථක වනු ඇත.
1976 දී කොළඹ දී මුළුදුන් නො බැඳි ජාතීන්ගේ සම්මේලනය ගැන විවිධ විවේචන තිබිණි. එහෙත් රටවල් අසූහයක සහභාගිත්වයෙන් ඉතා සාර්ථක සමුළුවක් පැවැත්වීමට සමගි පෙරමුණ ආණ්ඩුව සමත් විය.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවට විශාල කීර්ති නාමයක් ලැබිණි. ඒ මගින් අප ගේ අන්තර්ජාතික වෙළෙඳ්‍රම දියුණු විය. මැදපෙරදිග විදේශ රැකියා සම්බන්ධ ඉඩ ප‍්‍රස්ථා බිහිවුණේ ද නො බැඳි ජාතීන්ගේ සම්මේලනයේ ප‍්‍රතිඵලයක් හැටියට ය. අද ශ‍්‍රී ලංකාවේ විදේශ ආදායම් අතර ප‍්‍රමුඛම තැන පවතින්නේ විදේශ රැකියා සම්පාදනයේ ය.
පහළොස්වන සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ නැඟෙන චෝදනාවල ඇත්තේ දේශපාලනය පිළිබඳ දෘෂ්ටි කෝණයෙක් හෙවත් දේශපාලන බලය පිළිබඳ යටි අරුතකි. ආණ්ඩුව හා විපක්ෂය ලෙස එම දෘෂ්ටිය දෙපැත්තකට විහිද ගොස් තිබේ.
ආණ්ඩුවේ සෑම වැඩසටහනක් ම විවේචනය කිරීම මෑතක සිට ශ‍්‍රී ලංකාවට පුරුදු වු චාරිත‍්‍රයෙකි. ජනවාර්ගික ගැටලුව වේවා, ආර්ථික අර්බුදය වේවා විග‍්‍රහයට ලක්වන්නේ දේශපාලන පක්ෂවල බලය ලබාගැනීම පිළිබඳ ඉලක්කය ට සාපේක්ෂව ය. මේ අනුව සාර්ක් සමුළුව සම්බන්ධ බරපතළ චෝදනා එල්ල වූයේ විපක්ෂයෙන් ය.
කලාපීය සහයෝගීතාව නො මැති ව ශ‍්‍රී ලංකාවට අදාළ එකදු ප‍්‍රශ්නයක් විසඳ්‍රගත නො හැකි බව අප ගේ සියලූම දේශපාලකයන් තේරුම්ගත යුතුª ය. එක් නිදසුනක් කිවහොත් ශ‍්‍රී ලංකාවේ කොටි ත‍්‍රස්තවාදය පිළිබඳ ගැටලුව විසැඳීමට නම් ඉන්දියාවේ ඒකමතික සහාය අපට අවශ්‍ය වේ.
1987 දී වූ දේශපාලන සිදුවීම් ඊට කදිම සාක්ෂ්‍යයක් ලෙස පෙන්වා දිය හැකි ය. එදා ඉන්දියාව හා ශ‍්‍රීී ලංකාව අතර පැවැති මිත‍්‍රත්වය බිඳී ගොස් තිබූ බැවින් අපට ප‍්‍රශ්න ගණනාවකට මුහුණදෙන්නට සිදුවිණි.
තවත් එක් නිදසුනක් දක්වතොත් ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින සීතල යුද්ධය යථාර්ථයක් බවට පත්වුණහොත් එය කලාපීය සාමයට බලවත් තර්ජනයක් වේ. ඉතිහාසයේ කිහිපවරක් යුදමය වශයෙන් ගැටුම් ඇතිකර ගත් ඉන්දියාව හා පාකිස්ථානය දේශපාලන සංවාදයක් සඳහා හමුවන ප‍්‍රධාන වේදිකාව වන්නේ සාර්ක් සමුළුව ය.
මෙතෙක් ඉතිහාසය පුරා සාර්ක් සංවිධානය මගින් එකී සාමකාමී වාතාවරණය උදාකර දී තිබේ. මෙවර සාක් සමුළුවේදී ද ඉන්දියාව හා පාකිස්ථානය අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. දෙරට අතර උණුසුම් වාතාවරණයක් පවතින මේ මොහොතේ එම සාකච්ඡා අතිශයින් වැදගත් වනු ඇත.
මැදිහත් විචාරාක්ෂියකින් බැලුවහොත් ශ‍්‍රීී ලංකාවේ ත‍්‍රස්තවාදය විසැඳීම සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු කිහිපයක් සාර්ක් සමුළුවේ දී ගත හැකි ය. එය අපට වාසියක් නො වේද? දුප්පත්කම පිටුදැකීම සම්බන්ධයෙන් මෙන් ම ලෝක ආහාර අර්බුදයට මුහුණදීම සම්බන්ධයෙන් ද තෙල් අර්බුදය විසැඳීම සම්බන්ධයෙන් ද එබඳුම වැදගත් තීන්දුවලට ඒමට සාර්ක් සමුළුවට හැකි වේ.
මේ සාමුහික ප‍්‍රයත්නය අලුත් දකුණු ආසියාවක් නිර්මාණය කරනු ඇත. ඊට එරෙහි වන්නෝ බටහිර ගැති දේශපාලන බලවේග කරපින්නා ගත් ප‍්‍රතිගාමීහු වෙති. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලී ජනතාව ගේ සාමාන්‍ය වැටහීම එය වේ.

No comments: