Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

ක්‍රෙඩිට් කාඩ් මඟින් මුදල් සොරා ගත් ප‍්‍රබල කොටියෙක් ඇතුළු 5ක් දැලේ

චන්ද්‍රිකා පෙරේරා, මහින්ද කුලතුංග සහ දෙහිවල ගල්කිස්ස සමූහ - සුරංජිත් පෙරේරා
ව්‍යාජ ලෙස සැකසූ කෙඩි‍්‍රට් කාඩ්පත් උපයෝගී කර ගනිමින් අන්සතු ගිණුම්වලින් මුදල් ලබාගෙන කොටි සංවිධානය වෙත සපයමින් සිටි ප‍්‍රබල පෙළේ කොටි ත‍්‍රස්තවාදියෙකු ඇතුළු පස්දෙනෙකු පෙරේදා (09) විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
මොවුන් විසින් එම කාඩ්පත් සැකසීමට යොදාගත් යන්ත‍්‍රයක්, පරිගණකයක්, පරිගණක දත්ත ගබඩා කර ගන්නා උපකරණයක් (පෙන්ඩ‍්‍රයිව් එකක්), විවිධ වර්ගයේ ක්‍රෙඩිට් කාඩ්පත් ඡායා සහිත ඇල්බමයක් හා මෝටර් රථ දෙකක් ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු කොටි නායකයන් සමඟ සමීප සබඳතා පවත්වා තිබෙන බට හෙළිවී තිබේ.
මොවුන් ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිට මෙසේ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාජ ලෙස සකසා අනුන් සතු ගිණුම්වලින් මුදල් ලබා ගැනීමේ ජාවාරම සිදුකර ඇති බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇත.

No comments: