Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

වසර 20කට පසු මන්නාරම හමුදාව අතේ

භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
මන්නාරම දිස්ති‍්‍රක්කයේ අවසන් කොටි කඳවුර වූ වෙල්ලන්කුලම කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමත් සමග මේ වනවිට මන්නාරම දිස්ති‍්‍රක්කයට හමුදා පාලනයට පත්ව ඇතැයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
මන්නාරම දිස්ති‍්‍රක්කයේ අනාරක්ෂිත ප‍්‍රදේශ සියල්ල වසර 20කට පසු මෙලෙස හමුදා පාලනයට නතු වී ඇත.
පැය විසිහතක් තුළ දරුණු සටනක යෙදී වෙල්ලන්කුලම හමුදාව අත්පත් කර ගැනීමත් සමගම මුලු දිස්ති‍්‍රක්කයම හමුදාව අතට පත් විය.
කොටි ත‍්‍රස්තවාදීන් යුද්ධය ආරම්භ කළ දින සිට කොටින්ගේ ප‍්‍රධානතම සැපයුම් මාර්ග බොහොමයක් මන්නාරම දිස්ති‍්‍රක්කය හරහා වැටී තිබිණි.
ඉන්දියාව හරහා කොටි සංවිධානයට යාත‍්‍රා මගින් ගෙන ආ අවි ආයුධ, ආහාර පාන ඇතුළු නොයෙක් භාණ්ඩ මන්නාරම වෙඩිතලතිව් සහ ඒ අවට මුහුදු කොටි කඳවුරු හරහා ලැබිණි.
එහෙත් මේ වනවිට වෙඩිතලතිව් ඇතුළු මන්නාරම දිස්ති‍්‍රක්කයට හමුදා අත්පත් කර ගැනීම නිසා කොටි සංවිධානය ප‍්‍රබල පසු බෑමකට ලක් වී ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
මන්නාරම සහල් බදුන ප‍්‍රදේශය වගා කටයුතු සඳහා වැදගත් ස්ථානයක් වන අතර වැව් රාශියක් එය පෝෂණය කරයි.
කොටින් මේ ප‍්‍රදේශවල වගා කිරීමටද කටයුතු කර තිබිණි. මේ ප‍්‍රදේශද හමුදාව අතට පත්වීම නිසා කොටි සංවිධානයේ ආහාර නිෂ්පාදනයටද ගැටලු එල්ල වී තිබේ.

No comments: