Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

ෂර්මා - හර්බජන ශ‍්‍රී ලංකා පිල අසරණ කරයි

වර්නන් ගුණසේකර ගාල්ලේ සිට...
ඉෂාන්ට් ෂර්මාගේ වේග පන්දුවත් හර්බජන් සිංගේ දඟ පන්දුවත් හමුව් අසරණ වූ ශ‍්‍රී ලංකාව ගාල්ල කී‍්‍රඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තවත් දිනයක් ඉතිරිව තිබියදී ඉන්දියාව වෙතින් ලකුණු 170ක පරාජයක් ලැබීය.
ෂර්මා ලකුණු 20 කට කඩුලු 3 ක් ද සිං ලකුණු 51 කට කඩුලු 4 ක්ද බිඳ හෙලූහ.
ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා වූයේ තිලාන් සමරවීරය. අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු නොදැවී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් විය. මිනිත්තු 217ක් තිස්සේ පන්දු 126කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් එල්ල කළේය.
හර්බජන් සිං මේ තරගයේදී ලකුණු 153කට කඩුලු 10ක් බිඳ හෙලූ අතර ඔහු කඩුලු 10 ක් ලබා ගත් 5 වැනි අවස්ථාව මෙය වේ.
මුත්තයියා මුරලිදරන් දැන් ටෙස්ට් කඩුලු 751 ක් ලබා ගෙන සිටී.
තරගයේ වීරයා ලෙස විජේන්ද්‍ර සෙවාග් නම් කෙරිණි. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ලුතිනන්වරයකු වන අජන්ත මෙන්ඩිස් ටෙස්ට් තරගයක ඔහුගේ මංගල කඩුලු 10 ඊයේ වාර්තා කළේය.
ඔහු පළමු ඉනිමේදී ලකුණු 117 කට කඩුලු 6 ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 92කට කඩුලු 4 ක්ද වශයෙන් සමස්ත තරගයේදී ලකුණු 209 කට කඩුලු 10 ක් බිඳ හෙළීමට සමත් විය.
අජන්තට කඩුලු 10යි
ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 292කට පෙරේදා නිමා වූ අතර මේ අනුව ශ‍්‍රී ලංකාව තරගයේ පළමු ඉනිමේදී ඉන්දියාවට වඩා ලකුණු 37 ක් පිටුපසින් සිටියේය.
නායක මහේල ජයවර්ධන වැඩිම ලකුණු වාර්තා කරමින් ලකුණු 86ක් රැස් කළේය. ඉන්දියාව වෙනුවෙන් හර්බජන්සිං ලකුණු 102කට කඩුලු 6 ක් ලබා ගත්තේය.
පෙරේදා තෙවැනි දින තරගය නතර කරන විට කඩුලු 4 කට ලකුණු 200ක් රැස්කර ගෙන සිටි ඉන්දියාවේ දෙවැනි ඉනිම ඊයේ උදය වරුවේ ලකුණු 269කට අවසන් විය.
ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර් (74) වැඩිම ලකුණු ලබා ගත් කී‍්‍රඩකයා වූ අතර පළමු ඉනිමේදී නොදැවී ලකුණු 201 ක් රැස්කළ අනෙක් ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග් අර්ධ ශතකයක් ලබා ගත්තේය.
සව්රවි ගංගුලි ලකුණු 7 ක් ලබා ගෙන සිටියදී මුරලිදරන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කළ බවට තරග විනිසුරු තීරණය කළ නමුදු එම තීරණයට ඔහු අභියෝග කිරීමෙන් පසු රූපවාහිනී විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළේය.
ඔහු ලකුණ 14 ක් රැස්කර ගෙන සිටියදී මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා නොකළ බවට තරග විනිසුරු දුන් තීරණයට නායක මහේල ජයවර්ධන අභියෝග කළද රූපවාහිනී විනිසුරුගේ තීරණයේද වෙනසක් සිදු නොවිණි.
ගංගුලි අවසානයේ ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 16කට දැවී ගියේය.
මයිකල් වැන්ඩට්ගේ දුර්වල උඩ පන්දු රැකීම ඊයේ හොඳින් දිස්විණි.
මුරලිදරන්ගේ පන්දුවකට සහීර් ඛාන් දුන් උඩ පන්දුව රැක ගැනීමට ‘මිඩ් විකට්’හි වැන්ඩට් හට ඕනෑ තරම් කල් වෙලා තිබුනද එය ඔහු අත හැරියේ මුරලි කෝපයට පත් කරවමිණි.
ඉන්දියා නායක අනිල් කුම්බ්ලේ ද ඔහුට දුන් කඩුල්ල මුවා කිරීමේ තීරණයට අභියෝග කළද රූපවාහිනී විනිසුරුද එයදැවී යාමක් බවට තීරණය කළේය.
ලකුණු 307 ක ජයග‍්‍රාහී ඉලක්කයකට මුහුණ දුන් ශ‍්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3 දෙවැනි ඉනිම ආරම්භයේදීම බිඳ වැටිණි.
එම ඉනිමේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි ඕවරවලදී පිළිවෙළින් මලින්ද වර්ණපුර (0) කුමාර් සංගක්කාර (1) හා මහේල ජයවර්ධන (5) දැවී ගිය අතර මලින්ද සහ මහේල ඉෂාන්ට් ෂර්මාටද සංගක්කාර සහීර් ඛාන්ටද ගොදුරු වූහ. මේ අනුව ශ‍්‍රී ලංකා පිලේ මුල් කඩුලු ති‍්‍රත්වය මුළු ලකුණු 10 දී බිඳ වැටී තිබිණි.
හර්බජන් සිං කඩුල්ලක් දවාගැනීමේ සතුට
ඊයේ සිවුවැනි දින තරගය දිවා ආහාරය සඳහා නතර කරන විට ශ‍්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 24 ක් ලබා ගෙන සිටියේය.
තරගයේ දහවල් වරුවේ ශ‍්‍රී ලංකා පිලේ බිඳ වැටුනේ එක් කඩුල්ලක් පමණි.
ඒ ආරම්භක පිතිකරු මයිකල් වැන්ඩට් (10) ය. හර්බජන් සිංගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ඔහු මුළු ලකුණු 37 දී දැවී ගියේය.
වැන්ඩට් ලකුණු 6 ක් ලබා ගෙන සිටියදී තෙවන ස්ලිප් හි රාහුල් ද්‍රාවිඩ් අතට උඩ පන්දුවක් දුන්නද සහීර් ඛාන් එවූ එම පන්දුව නෝ බෝල් එකක් විය.
සිං එම කඩුල්ල ලබා ගත්තේ ඊයේ ඔහු යැවූ පළමු ඕවරයේ අවසන් පන්දුවෙනි.
තිලාන් සමරවීර හා තිලකරත්න ඩිල්ෂාන් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක අගනා සබඳතාවයක් ගොඩනගමින් සිටියදී ෂර්මාගේ වේග පන්දුවකට කඩුලු රකින කර්තික් අතට උඩ පන්දුවක් දෙමින් ඩිල්ෂාන් ලකුණු 38කට දැවී ගියේය. මිනිත්තු 70 ක් කඩුල්ලේ රැඳී සිටි ඔහු හතරේ පහර 5 ක් එල්ල කළේය.
සමරවීර හා ඩිල්ෂාන් වේගයෙන් ලකුණු රැස් කළහ. ඩිල්ෂාන් ගේ දැවීමත් සමග ශ‍්‍රී ලංකාවට තිබුනු අවසන් බලාපොරොත්තුවද බොඳව ගියේය.
ඊළඟට පැමිණි කණ්ඩායමේ අවසාන පිතිකරු ප‍්‍රසන්න ජයවර්ධනට ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.
ඔහු එක් ලකුණක් ලබා සිටියදී සිං ගේ පන්දුවකට කඩුල්ල මුවා කළ බවට තරග විනිසුරු බිලී ඩොක්ට්‍රෝව් දුන් තීරණයට කරන ලද අභියෝගයෙන් පසුව රූපවාහිනී විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළේය.
ඉන්දියාව පළමු ඉනිම 329එම්. වර්ණපුර 66, කේ. සංගක්කාර 68,එම්. ජයවර්ධන 86ඛාන් 5/ 1, කුම්බ්ලේ 81/ 3, සිං 102/ 6ඉන්දියාව දෙවන ඉනිම
ජී. ගම්භීර්පී. සෙවාන්ආර්. ද්‍රාවිඩ් එස්. ටෙන්ඩුල්කාර් එස්. ගංගුලි වී. ලක්ෂ්මන් ඩී. කාර්තික්ඒ. කුම්බ්ලේ එච්. සිං අයි. ෂර්මා ඉසෙඩ් ඛාන්
බෝ. මෙන්ඩිස් ඇ. ඩිල්ෂාන් බෝ. වාස් කඩුල්ල මුවා කළා බෝ. මුරලිදරන්ඇ. එම්. ජයවර්ධන බෝ. වාස්ස්ටම්ප් කළා පී. ජයවර්ධන බෝ. මුරලිදරන්කඩුල්ල මුවා කළා බෝ. මෙන්ඩිස් ඇ. සංගක්කාර බෝ. මුරලිදරන් කඩුල්ල මුවා කළා බෝ. මෙන්ඩිස් ඇ. හා බෝ. මෙන්ඩිස් දුවද්දී දැවී ගියා නොදැවී
7450443116132002110001


කඩුලු බිඳ වැටීම - 1- 90, 2- 144, 3- 200, 4– 200, 5– 221, 6–252, 7– 255, 8- 257, 9- 257පන්දු යැවීම - වාස් 13– 4- 32- 2, කුලසේකර 5– 0- 31- 0මුරලිදරන් 31- 3- 107- 3, මෙන්ඩිස් 27.2- 4- 92- 4ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිම
එම්.වැන්ඩට් එම්.වර්ණපුර කේ. සංගක්කාර එම්.ජයවර්ධන ටී.සමරවීර ඩිල්ෂාන් පී.ජයවර්ධනසී.වාස් එන්.කුලසේකර ඒ.මෙන්ඩිස් එම්.මුරලිදරන්
කඩුල්ල මුවා කළා බෝ.සිං ඇ. ලක්ස්මන් බෝ. ෂර්මා ඇ.ලක්ස්මන් බෝ. ඛාන් ඇ. ද්‍රාවිඩ් බෝ. ෂර්මානොදැවී ඇ. කර්තික් බෝ. ෂර්මා ඇ. ගංගුලි බෝ.සිං කඩුල්ල මුවා කළා බෝ’ සිං ඇ. ෂර්මා බෝ. කුම්බ්ලේඇ.කුම්බ්ලේ බෝ.සිංඇ. හා බෝ. කුම්බ්ලේ
1000010567380400010200

අතිරේක 08 එකතුව 136 කඩුලු බිඳ වැටීම 1 – 4, 2 – 5 , 3 – 10 , 4 – 37,, 5 – 113, 6 – 130, 7 – 131, 8 – 132, 9 - 135පන්දු යැවීම: ඛාන් 8 – 1 – 18 - 1,ෂර්මා 15 – 8 - 20 - 3කුම්බ්ලේ 10. 3 – 3 – 41 - 2, සිං 14 – 1 – 51 - 4

No comments: