Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

ඔලිම්පික් කමිටුව එන්.ජී.ඕ. එකක් වෙලා අපි කීර්තිමත් ට‍්‍රැවල් ඒජන්සියක් වගෙයි - කී‍්‍රඩාවේ තිත්ත ඇත්ත ගැන හේමසිරි ප‍්‍රනාන්දු කතා කරයි

ලොව දැවැන්තම කී‍්‍රඩා උළෙල තවත් දින දෙකකින් ඇරැඹේ. ඒ උණුසුමේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාවේ සහභාගිත්වය, ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්යභාරය පිළිබඳ හා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා අනාගතය පිළිබඳ ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සමඟ කළ සංවාද සටහනයි මේ.
ප‍්‍රශ්නය - ඔලිම්පික් පදක්කමක් මෙවර අපට හිමි වෙයිද?
පිළිතුර - ඉස්සෙල්ලාම ඇහුවේ නරකම ප‍්‍රශ්නයක්. මා එක දෙයක් කියන්නම්. කවදාවත් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ගැන අනාවැකි කියලත් නෑ කියන්නෙත් නෑ. ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවල් අලුත්ම තාක්‍ෂණය යටතේ හොඳම පුහුණුකරුවන් අරගෙන උපරිම දක්‍ෂතාවට ඇවිත් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට එන්නේ. අපේ අය හැමදාම යනකොට මා කරන්නේ සුභ පතන එකයි. “තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මෙඩ්ල් එකක්” ලැබේවා” කියා ප‍්‍රාර්ථනා කරන එකයි.
ප‍්‍රශ්නය - ඇයි අපට විශ්වාසයක් ගොඩනගාගන්න බැරි? කවද ද විශ්වාසයක් ඇති කරගන්නේ?
පිළිතුර - විශ්වාසය ඇතිකරගන්න, කී‍්‍රඩාවේ දියුණුවට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. 1991 දී දකුණු ආසියා කී‍්‍රඩා උළෙලේදී ඉසව් 10 කින් රන් පදක්කම් 44 ක් අපට හිමිවුනා. 2006 දී මොකද වුනේ? කී‍්‍රඩා 20 කින් රන් පදක්කම් 19 යි. එතනින් එහාට ඔලිම්පික් පදක්කම් ගැන කතා කළ යුතුද? ලොකු ප‍්‍රශ්නාර්ථයක් තියෙන්නේ.
ප‍්‍රශ්නය - එහෙම කියලා හරිද? ඔලිම්පික් කමිටුවේ සභාපති හැටියට ඔබට විශාල වගකීමක් තිබෙනවා ශී‍්‍ර ලංකවේ කී‍්‍රඩාවේ දියුණුවට වැඩ පිළිවෙළක් හදන්න?
පිළිතුර - මා ඔලිම්පික් කමිටුවේ සභාපති බව ඇත්ත. ඒත් රටේ කී‍්‍රඩා සංවර්ධනයට ඔලිම්පික් කමිටුව සම්බන්ධ කරගෙන නෑ. කී‍්‍රඩා පනතේවත් කොහේවත් අපේ දායකත්වය ලබාගත යුතුයි කියා සඳහන් නෑ. ඔලිම්පික් කමිටුව අද එන්. ජී. ඕ. එකක් විදිහට යන්නේ. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව , අන්තර් ජාතික කී‍්‍රඩා සම්මේලන හා ශී‍්‍ර ලංකාව අතර සම්බන්ධීකරණ කටයුතු කරගෙන යනවා. නමුත් ඉන්දියාවේ තත්ත්වය වෙනස්. ඉන්දියාවේ කී‍්‍රඩා පනත මගින් සෘජුවම ඔලිම්පික් කමිටුව කී‍්‍රඩා සංවර්ධනයට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ සඳහා මුදල් දෙනවා. අපිට සතයක්වත් අමාත්‍යංශයෙන් ලැබෙන්නේ නෑ.
ප‍්‍රශ්නය - කී‍්‍රඩාවේ දියුණුවට සම්බන්ධ වෙන්න බැරි ඔලිම්පික් කමිටුවක් මොකටද?
පිළිතුර - එහෙම කියන්න එපා. ඔලිම්පික් කමිටුවක් නැතිව දකුණු ආසියා , ආසියා, පොදු රාජ්‍ය මණ්ඩලීය, ඔලිම්පික් ඇතුලු ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන්න බෑ. ඒවාට හැඳුනුම්පත් හදා දෙනවා. රට යන ලිපි ලේඛන වලට අස්සන් යොදනවා. දැනට කෙරෙන්නේ ඒ ටික විතරයි. අපි හරියට කීර්තිමත් ට‍්‍රැවල් ඒජන්ට් කෙනෙක් වගේ.
ප‍්‍රශ්නය - ඒ අයිතිය පාවිච්චි කරලද මෙවර ඔලිම්පික් උළෙලට නිලධාරීන් විශාල පිරිසක් යවන්නේ ?
පිළිතුර - ඔලිම්පික් කමිටුවෙන් යන්නේ නිලධාරීන් 8 යි. අතිරේක නිලධාරීන් හැටියට අමාත්‍යංශයෙන් 3 යි. ඔලිම්පික්් කමිටුවෙන් 3 යි. ඇමැතිවරු දෙදෙනයි. උළෙල නරඹන්න ප‍්‍රවේශපත‍්‍ර මිලදීගෙන අතින් ගුවන් ප‍්‍රවේශපත් හදාගෙන බොහෝ පිරිසක් යනවා. ඒක නිලධාරි ගොඩට දාල මඩගහන එක වැරදියි. යථාර්ථය නොදැන සමහරු කතා ගොතනවා.
ප‍්‍රශ්නය - රටේ කී‍්‍රඩාවේ දියුණුවට ඔබේ යෝජනා මොනවාද?
පිළිතුර - මගේ යෝජනා වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කරනවා. මේක කාට කීවත් වැඩක් නෑ. ඔව්, ඔව්, ඇත්ත තමයි කියා. ඔලුව වනනවා විතරයි. එහෙම බෑ. අපි ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තියක් සැදිය යුතුයි. ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තියේ ප‍්‍රමුඛතා අංක එක විය යුත්තේ දකුණු ආසියා කී‍්‍රඩා තරගාවලියයි. ඒක තමයි අපේ ඔලිම්පික් උළෙල. දකුණු ආසියාවේ රන් පදක්කම් 50 ක් ගත්තට පස්සේ අපට ආසියානු කී‍්‍රඩා තරගාවලිය ගැන හිතන්න පුළුවන්. ඊට පසුවයි පොදු රාජ්‍ය මණ්ඩලීය හා අනෙකුත් තරගාවලි ගැන හිතන්න වෙන්නේ. ඊට පසුවයි සුව පහසුවේ බලාපොරොත්තු ඇතිව ඔලිම්පික් යන්න පුළුවන්. දැන් බලන්න මෙවර ඔලිම්පික් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් දකුණු ආසියා රන්පදක්කම් ගත්තේ කී දෙනා ද? සුසන්තිකා හා මයුමි විතරයි. චින්තන පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේදී පදක්කමක් දින්නා .

මිලියන 150ක වියදමින් කී‍්‍රඩා අමාත්‍යංශය අසල ඉදිවෙන ඔලිම්පික් නිවහන
ප‍්‍රශ්නය - ජාත්‍යන්තර තරග සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සූදානම් කළ යුත්තේ කොහොමද?
පිළිතුර - කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්‍ෂතා දියුණු කරන්න ආයතන ගොඩක් තියෙනවා. අවශ්‍ය වන්නේ ඒවා සම්බන්ධීකරණය කොට දුර දක්නා වැඩපිළිවෙළක්. කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කී‍්‍රඩාවේ දියුණුවට සෘජුවම වගකිව යුතුයි. ඒ අයට වාර්ෂිකව මුදල් දෙනවා. නමුත් ඒක ප‍්‍රමාණවත් මදි බව කාලයක සිට ඔප්පුවෙලා හමාරයි.
කී‍්‍රඩා අමාත්‍යංශය කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ඔලිම්පික් කමිටුව මේ පහම එකතු වී අත්වැල් බැදගෙන අලුත් ගමනක් යා යුතුයි.
ප‍්‍රශ්නය :- මේ වැඩ පිළිවෙල ඉහළ බලධාරීන්ට යෝජනා කරන්න ඇයි ප‍්‍රමාද වෙන්නේ?
පිළිතුර :- යෝජනා කරලා දැන් ඇතිවෙලා. හෙට අනිද්දාටම ජනාධිපතිතුමා හමු වී මා සියලු කරුණු කියනවා. එතුමා කී‍්‍රඩාවට ඇල්මක් දක්වන නිසා යම් ගමනක් යා හැකියි. අලුත් වැඩපිළිවෙළක් හදයි.
ප‍්‍රශ්නය :- ඔබ චෝදනා කරන්නේ කී‍්‍රඩා සංවර්ධනයට ඔලිම්පික් කමිටුව යොදාගන්නේ නෑ කියල ද?
පිළිතුර :- ඔව්. මා ඉහත සඳහන් කළ ආයතන පහම ඒකාබද්ධ කළ යුතුයි. නැත්නම් කොහොමද කුසලතා හඳුනා ගන්නේ? අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැතිව ඒක කරන්න බෑ. දැන් රේල් පීලි දෙකවගේ මේ දෙක යනවා. කී‍්‍රඩාවේ දියුණුවට නම් මේ දෙකම එකතු කළ යුතුයි. ගමේ කුසලතා පාසලෙන් හඳුනාගෙන දිස්ති‍්‍රක් පළාත් මට්ටමේ පුහුණුකර කොළඹට ගෙන ආයුත්තේ ජාතික සංචිතයේ සුලු පිරිසක් පමණයි. මේක කරන්න පුළුවන්.
ප‍්‍රශ්නය :- කී‍්‍රඩාව දියුණු කිරීමට ජාතික කී‍්‍රඩා සංගම්වල කාර්යභාරය වැදගත් නේද?
පිළිතුර :– ජාතික සංගම් කිහිපයක් හොඳට වැඩ කරනවා. සමහර සංගම් මොකට තියෙනවාද කියා හිතෙනවා. අඩුමගානේ ඔලිම්පික් කමිටුව තියන රැස්වීම්වලට එන්නේවත් නෑ. හැබැයි ඔලිම්පික් කමිටුව අවුරුද්දකට දෙන ලක්‍ෂ එකහමාර ගන්න වෙලාවට එනවා. අපිට සල්ලි ලැබෙන්නත් කලින් ඇවිල්ල පෝලිමේ ඉන්නවා. 1991 – 2006 ගත්තහම කී‍්‍රඩාව වැටීමට ජාතික සංගම් වගකිව යුතුයි.
ප‍්‍රශ්නය :- ඔලිම්පික් කමිටු සභාපති හැටියට ගත වූ වසර එකොලහක කාලයේ කටයුතු ගැන ඔබ සතුටට පත්වෙනවාද?
පිළිතුර :- මා ඔලිම්පික් කමිටු සභාපතිකම 1997 දී භාරගන්නා විට තිබුණේ රු. 16400 යි. බයිසිකලයක්වත් තිබුණේ නෑ.
දැන් වාහන දෙකයි. මෝටර් සයිකල් තිබෙනවා. මිලියන 150ක ඔලිම්පික් නිවහන හදාගෙන යනවා. කාර්යාලයකට අවශ්‍ය සියලු උපකරණ තිබෙනවා. එහෙම බැලුවහම විශාල සතුටක්.
ප‍්‍රශ්නය :- ඔලිම්පික් නිවහනට ඉඩම ලැබුණේ රජයෙන් නේද?
පිළිතුර :- ඔලිම්පික් නිවහන හදන්න රජයෙන් ඉඩමක් අනුමත කරගන්න කැබිනට් පති‍්‍රකාව දැම්ම වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය කොලය වීසි කෙරුවා. ලඟ හිටපු ඇමැති කෙනෙක් චන්ද්‍රිකාගේ කනට කරලා කිව්වේ හේමසිරි ගෙයක් හදාගන්න යනවා කියලා.
සති දෙකකට පස්සේ චන්ද්‍රිකා රට ගියා. ඒ වකවානුවේ අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් එකේ වැඩ බලද්දී කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය දුන්නා.
එහෙමයි පර්චස් 80ක ඉඩම ලැබුණේ අවුරුදු ගණනාවක් අහසේ තනපු මාළිගාව පොළොවට ගෙනාවේ වත්මන් ජනාධිපතිතුමායි.
කැබිනට් පති‍්‍රකාව ගෙන ආ ජීවන් කුමාරතුංග කී‍්‍රඩා ඇමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි පින් සිද්ධවෙන්න ජාතික වස්තුවක් නිර්මාණය වෙනවා.
ප‍්‍රශ්නය :- ඔලිම්පික් නිවහන කී‍්‍රඩා දියුණුවට කෙසේ ඉවහල් වේවිද?
පිළිතුර :- ඔලිම්පික් නිවහන වසර 70කට පසුවයි ඉදිවෙන්නේ. පුස්තකාලය, කෞතුකාගාරය, ජිම්එක, ශ‍්‍රවනාගාරය හා කාර්යාල පහසුකම් තිබෙනවා. සියලු සංගම්වලට එය භාවිතා කළ හැකියි. ඔලිම්පික් නිවහන හැදීමේ ගෞරවය ඔලිම්පික් කමිටුවට මෙන් ම ජාතික කී‍්‍රඩා සංගම්වලට හිමිවෙනවා. කී‍්‍රඩා ඇමැතිවරුන් දෙදෙනාම විශාල සහයෝගයක් ලබාදෙනවා.
ප‍්‍රශ්නය :- මුදල් කොහෙන් ද හොයාගත්තේ?
පිළිතුර :- ඉතාම අපහසුවෙන් අපට ලැබෙන මුදල් ඉතිරි කරගත්තා. ලේකම් එච්. යූ. සිල්වා විශාල කැපකිරීමක් කළා. ඔහුට ලැබෙන මුදල් හොරකම් නොකර මට ගෙනත් දෙනවා. ඉතිහාසයේ සමහරු ඔලිම්පික් කමිටුව හුරාගෙන කාලා ගිහින් තිබුණේ.
ප‍්‍රශ්නය :- තව කොයිතරම් කාලයක් ඔලිම්පික් සභාපති පුටුවේ ඉන්න කල්පනා කරනවාද?
පිළිතුර :- ඇයි? මෙච්චර වැඩ කරපු මාව එලවගන්න ඕනෙ ද? හෙට මළොත් වෙන කෙනෙක් එයි.
ප‍්‍රශ්නය :- මා ඇහුව්වේ ජීවතුන් අතර සිටිය දී කොයිතරම් කාලයක් ද කියලා
පිළිතුර :- ඒක කියන්න බෑ. තව අවුරුද්දක් අපිට කාලය තියෙනවා. ඊට පස්සේ මම තරග කරනවා.
ප‍්‍රශ්නය :- ඔබට වැඩපිළිවෙලක් තියෙනවා. දැක්මක් තිබෙනවා. ඔබට කී‍්‍රඩා ඇමැතිකම දුන්නොත්?
පිළිතුර :- මෙන්න වැන්දා (සිනාසෙමින්) ඒක බරපතළ ප‍්‍රශ්නයක්. හැබැයි කළ යුතුවන්නේ වසර 3කට කිසිම කී‍්‍රඩකයකු රට යැවීම තහනම් කිරීමයි. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට වසර 3ක් කිසිම ජාත්‍යන්තර තරගයකට යෑම නවතා ඒ මුදල්වලින් හැම කී‍්‍රඩාවකටම විදේශ පුහුණුකරුවෙකු ගෙනත් සංචිත පවත්වා වසර 3ක පුහුණුවක් ලබාදීමයි. එතකොට විශාල පරිවර්තනයක් වේවි. දැන් ක‍්‍රමය හොඳයි ටි‍්‍රප් එකක් ගිහිල්ලා ෂොපිං පාරක් දාන්න.
සංවාද සටහන ප‍්‍රින්ස් ගුණසේකරඡායාරූප - සමන්ත වීරසිංහ

No comments: