Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

මාධ්‍ය මර්දනයක් නැතැයි රනිල්ගේ අයියාත් පිළිගන්නවා,මාධ්‍ය නිදහසට මා කැප වෙනවා -‘රන්බිම’ ඔප්පු ප‍්‍රදානයේදී ජනාධිපති කියයි

ධනුෂ්ක ගොඩකුඹුර
මාධ්‍ය නිදහස වෙනුවෙන් සැමදා පෙනී සිටි පුද්ගලයකු වශයෙන් එය උපරිම ලෙස ආරක්‍ෂා කිරීමට සැමදා කැපවෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කෙළේය.
මාධ්‍ය මර්දනයක් රට තුළ ඇති බව පෙන්වීමට උත්සාහ කළත් මාධ්‍ය ආයතන හිමිකරුවන්, පුවත්පත් කතුවරුන් පවා එවැනි මර්දනයක් පිළිබඳ නොදන්නා බව පැවසූ ජනාධිපතිවරයා විපක්‍ෂ නායකයාගේ සහෝදරයා පවා මාධ්‍ය මර්දන කථාව විශ්වාස නොකරන බවත් පැවසීය.
කිසියම් සිද්ධියක් වී ඇත්නම් එය සාක්කි සහිතව පොලිසියට ඉදිරිපත් කර සාධාරණය ඉෂ්ඨ කරවා ගත හැකි බව කියන ජනාධිපතිවරයා තමන්ට කිසිවකු රැකීමේ අවශ්‍යතාවක් නැතැයිද ප‍්‍රකාශ කෙළේය.
දේශීය, විදේශීය හා දේශපාලන බලවේගවල රට පවාදීමේ උගුල්වල නොවැටෙන ලෙස ඉතා හිතවත් ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවත් තමන්ගේ සාටකය සුනඛයන්ට පොරවා කාටුන් ඇන්දත් තමන් ඒ තත්ත්වයට තවමත්වැටී නැති බවත් පැවසීය.
කොළඹ ලෝටස් පාරේ බෝම්බය පිපිරවූ ත‍්‍රස්තවාදියාගේ නමත් අතුරුදන්වූවන්ගේ ලයිස්තුවේ ඇතැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඔහුගේ මව පොලිසියට පැමිණිලි කර ඇත්තේ හමුදා පිරිසක් සුදු වෑන් රථයකින් තමන්ගේ පුත‍්‍රයා පැහැරගෙන ගිය බවට යැයි ද පැවසීය.
අතුරුදන් වූවන් පිළිබඳ නැඟෙන ඝෝෂාවේ සැබෑ තත්ත්වය එය බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මානව හිමිකම් පිළිබඳව විශ්වාස කරන, ඊට ගරු කරන පක්‍ෂයක් වශයෙන් මෙම රජය මානව හිමිකම් උපරිමයෙන් සුරකින බවත් ප‍්‍රකාශ කෙළේය.
අරලියගහ මන්දිරයේදී ඊයේ (12) පැවැති රන් බිම ඔප්පු ප‍්‍රදානෝත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේය.

No comments: