Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

මුලතිව්හි පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ කොටි රේඩාර් මධ්‍යස්ථානය ගුවන් ප‍්‍රහාරවලින් වනසයි

චන්ද්‍රිකා පෙරේරා සහ මහින්ද කුලතුංග
පුනරීන්හි නාගදිවන්තුරෙයි සහ මුලතිව්හි පුදුකුඩුඉරුප්පු හා විශ්වමඩු ප‍්‍රදේශවල පිහිටුවා තිබූ කොටි රේඩාර් මධ්‍යස්ථානයක් සහ බුද්ධි මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහිත කඳවුරු තුනකට ගුවන් හමුදාව පෙරේදා (09) පහරදී විනාශ කැර තිබේ.
එම්. අයි. 24 හෙළිකොප්ටර් හා ප‍්‍රහාරක ජෙට් යානා උපයොගී කර ගනිමින් පෙරේදා අලුයම හා පෙරවරුවේ මෙම ප‍්‍රහාර එල්ල කැර ඇත.
මුලතිව් ප‍්‍රදේශයේ පිහිටා තිබූ කොටි බුද්ධි මෙහෙයුම් සඳහා ඔත්තු එක්රැස් කරන ප‍්‍රධාන මධ්‍යස්ථානයක් සහිත කඳවුරු පරිශ‍්‍රයකට ද එදින පෙරවරුවේ පහරදී තිබේ.
පුදුකුඩුඉරුප්පු සිට කිලෝමීටර් පහළොවක් පමණ බටහිරින් විශ්වමඩු ප‍්‍රදේශයේ පිහිටා තිබූ කොටින්ගේ අවි හා පිරිස් සැපයීමේ මධ්‍යස්ථානයක් සහිත කඳවුරකට ප‍්‍රහාරක ජෙට් යානා යොදා ගෙන දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කැර විනාශ කළ බව ගුවන් හමුදාව පවසයි.
මිනිස් හා විද්‍යුත් බුද්ධි තොරතුරු මත ලබාගත් නිවැරදි ඉලක්කවලට ප‍්‍රහාර එල්ල බව කළ ගුවන් නියමුවන් සනාථ කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය.
ප‍්‍රහාරවලින් එල්. ටී. ටී. ඊ. යට සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

No comments: