Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

වෙල්ලන්කුලම අත්පත් කරගත් හමුදාව කිලිනොච්චි දිසාවේ මෙහෙයුම් අරඹයි

මන්නාරම දිස්ති‍්‍රක්කයේ අවසන් කොටි කඳවුර වන වෙල්ලන්කුලම සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට යුද හමුදාව පෙරේදා (02) සමත් විය. ඒ සමඟ මන්නාරම දිස්ති‍්‍රක්කය සම්පූර්ණයෙන් රජයේ පාලනයට නතුවෙයි. එසේ සිදුවන්නේ දශක දෙකකට පසු හෙයින් ඒ ජය තීරණාත්මකය.
ඒ- 32 මාර්ගයේ එනම් පුනරින් පාරේ ගමන් ගත් 582 බළසේනාව ශනිදා පෙරවරු 9.30 ට පමණ වෙල්ලන්කුලමට ඇතුළු විය.
අවසාන මොහොත වන තෙක් කොටි එහි රැඳී සිටියහ. එල්. ටී. ටී. ඊ. යේ උත්සාහය වූයේ බඩු බාහිරාදිය රැගෙන ආරක්ෂිතව පලායන තෙක් හමුදාවට බාධා කොට රැඳවීමය.
සිකුරාදා වන විට වෙල්ලන්කුලමට පහතින් තිබූ පලිආරු ගංගාවත් ඒ සමඟ කොටි ඉදිකළ පස් බැම්මත් මගින් හමුදාව වළක්වාලීමට නොහැකි බව කොටි වටහා ගත්හ.
ගෙවුණු සතියේ මේ තීරය කියා සිටි අයුරින් වෙල්ලන්කුලමට දකුණතින් ඒ- 32 මාර්ගයේ සිට නැඟෙනහිරට කිලෝ මීටර් 03 ක් දිග ආරක්ෂක වැටක් පස් බැම්මක් සමඟ සකසා තිබිණි.
එය ඒ – 32 මාර්ගයට නැගෙනහිර පිහිටි තික්කායිගම තෙක් දිව ගියේය. 58 වැනි සේනාංකය ඉතා උපක‍්‍රමශීලීව කොටි ආරක්ෂක වළල්ල මඟහැර එහි පිටුපසට පැමිණියේ 01 සිකුරාදා ය.
එල්.ටී.ටී.ඊ ඉදිරි ආරක්ෂක වළල්ලක්
හමුදාව ඒ- 32 මාර්ගය හෝ වෙරළ තීරය දිගේ පැමිණෙතැයි කොටි අපේ්ක්ෂා කර තිබිණි. පලිආරුව හරහා ඇති පාලම සමීපව ශක්තිමත් ලෙස බංකර් තනා තිබිණි.
කොටින්ගේ මරඋගුල මඟහැර 58 සේනාංකය වෙල්ලන්කුලමට ආසන්නවීම සමඟ දරුණු සටනක් ඇරැඹිණි.
කර්නල් සුරාජ් බංශජයා අණදුන් 583 බළ සේනාව වෙල්ලන්කුලම නගරය මඟහැර නැගෙනහිරට ගමන් කළේය.
නැඟෙනහිරින් උතුරු දෙසට ගමන්ගත් 583 බළ සේනාව වෙල්ලන්කුලමට කිලෝ මීටර් දෙකක් උතුරේදී ඒ – 32 මඟට පිවිසියේය.
වෙරළ තීරය
මේජර් සාලිය අමුණුගම අණදුන් 12 වැනි ගජබා රෙජිමේන්තුª සෙබළු මන්නාරම දිසා මායිම ඉක්මවා ගොස් කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයට ඇතුළු විය.
ඒ සමඟ අට වසරකට පසු පළමු වරට යුද හමුදාව කිලිනොච්චි දිසාවේ ප‍්‍රහාරාත්මක මෙහෙයුම් ඇරැඹීම සනිටුහන් වූයේය. කිලිනොච්චි දිස්ති‍්‍රක්කය තුළ පැවැති එකම හමුදා කඳවුර වූ අලිමංකඩ 2000. 04. 22 බිඳ වැටීමෙන් පසු කිලිනොච්චිය පූර්ණ වශයෙන් කොටි පාලනයට නතුවී තිබිණි.
පුනරින් දෙසට ගමන් කළ හැකි ඒ- 32 මඟ හා මාන්කුලමට යාහැකි වෙල්ලන්කුලම – මල්ලාවි- තුනුකායි මාර්ගය ද 583 බළ සේනාව මගින් සිකුරාදා වන විට ආවරණය කර තිබිණි.
කමාන්ඩෝ බළ සේනාව සිකුරාදා පෙරවරුවේ ඒ- 32 මාර්ගයේ වෙල්ලන්කුලමට උතුරින් මාර්ගය තැන් තැන්වල බාධක යොදා රැකවල් තර කළේය.
සිකුරාදා පස්වරුව වන විට ලුතිනන් කර්නල් සංජය වනිගසිංහ අණදෙන 582 බළ සේනාව වෙල්ලන්කුලමට ඇතුළුවීමට පිඹුරුපත් සැකසීය.
ලුතිනන් කර්නල් සේනක විජේසූරිය අණදෙන 11 වන පාබළ බළ ඇණිය, ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිිරි අණදෙන 09 ගැමුණු, ලුතිනන් කර්නල් සුමින්ද ජයසුන්දර අණදෙන 08 ගැමුණු, ලුතිනන් කර්නල් නන්දන දුනුවිල අණදෙන 12 ගැමුණු ලුතිනන් කර්නල් චන්දන සෝමවීර අණදෙන 09 ගජබා රෙජිමේන්තු 582 බළසේනාව යටතේ කි‍්‍රයාත්මක වූහ.
අගෝස්තු 02 ශනිදා පෙරවරු 9.30 පමණ වන විට 582 බළසේනාව වෙල්ලන්කුලම නගරයට පිවිසුණේය. 58 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වා ගේ සැලසුම වූයේ පැය විසිහතරක් තුළ වෙල්ලන්කුලම නගරය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමය.
පෙරවරු 9.30 ට 9 වන ගැමුණු රෙජිමේන්තුව පළමුව නගර සීමාවට ගමන් කළේය. එයට පසු වෙල්ලන්කුලමට බටහිර වෙරළ තීරයට දකුණින් ද වෙල්ලන්කුලමට නැඟෙනහිර ගොඩබිම ද ආවරණය කරගෙන සෙසු භට පිරිස් නගරයට ළඟාවූහ.
වෙල්ලන්කුලමට බටහිර ඇත්තේ මුහුදය. දකුණින් කිලෝ මීටර් 1 1/2 ක් තරම් දුරක් විවෘත භූමියකි. නැඟෙනහිර කටු පඳුරු සහිත විවෘත පෙදෙසකි.
ආවරණය වන කුඩා හෝ කැලෑ පෙදෙසක් පිහිටා ඇත්තේ නගරයට දකුණින් පමණි.
මේ භූ ලක්ෂණ නිසා නගරය තුළ සිටි එල්. ටී. ටී. ඊ. යට හමුදාව පැහැදිලිව දිස්වෙයි. නගරයේ රැකවරණය කොටි සාමාජිකයින්ට හිමිවේ.
“භූමියේ තත්ත්වය හමුදා පාර්ශ්වය අතින් ඉතාම අවාසිදායකයි. ඒ නිසා භූමියේ වාසිය එල්. ටී. ටී. ඊ. ය ලබාගෙන සිටියා.
මේ තත්ත්වය යටතේ අපට ඉතා සුපරීක්ෂාකාරී ලෙස මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට සිදුවූවා” සටන් බිම සිටින නිලධාරීහු පවසති.
ශනිදා පෙරවරු 11 පමණ වන විට 50 ක පමණ කොටි සාමාජික පිරිසක් නගරය තුළ කොටුවී සිටියහ.
ඔවුන් අතර මන්නාර කොටි නායක ලක්ෂ්මන් ද සිටින බවට සැක පහළ වී තිබිණි. හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග අනුව ලක්ෂ්මන් සිටි බව සියයට සියයක් තහවුරු නොවේ.
අතිරේක සේනාංක
“කෙසේ වෙතත් කොටුවී සිටි පිරිස ගලවා ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ. ය දැඩි වෙහෙසක් ගනිමින් සිටියා. උතුරු දෙසින් අතිරේක සේනාංක පවා එල්. ටී. ටී. ඊ. ය කැඳවනු අයුරු වරින් වර අසන්නට ලැබුණා.
කොටුවී සිටි පිරිසේ උත්සාහය වූයේ මුහුද දෙසින් පලා යාමයි. අවාසනාවකට වගේ හමුදාව ඒ වන විට සිටියේ එල්. ටී. ටී. ඊ. පිරිසට කිලෝමීටර් 1 1/2 ක් පමණ දකුණින්.
එතන සිට දිගටම පිහිටා තිබුණේ සම්පූර්ණයෙන්ම විවෘත භූමියක්. ඒ හරහා භට පිරිස් යැවීම මරණය නිසැකව ළඟා කර ගැනීමක්. ඒ නිසා ක්ෂණිකව මුහුදු වෙරළ ආවරණය කර ගැනීමේ හැකියාවක් අපට තිබුණේ නෑ.” සටන් බිම ආරංචි මාර්ග සඳහන් කළේය.
දහවල් වන විට යුද හමුදා මල්ටි බැරල් රොකට් උපයෝගී කරගෙන පළායාමට උත්සාහ ගන්නා කොටි සාමාජිකයන් වෙත ප‍්‍රහාර එල්ල කළේය. ඒ අතර මුහුදු වෙරළේ තිබූ යාත‍්‍රා උපයෝගී කරගෙන කොටින් පිරිසක් නච්චිකුඩා දෙසට පළාගොස් තිබිණි.
උතුරු දෙස ගොඩබිම් මාර්ගයෙන් පළාගිය කැබ් රථයකට කමාන්ඩෝ සෙබළු පහරදී විනාශ කර තිබිණි.
“ගොඩබිම සිටි හමුදා භට පිරිස් අනුව අවසන් සටනේදී කොටි සාමාජිකයන් 40 ක් පමණ මිය ගොස් තිබෙනවා. එල්. ටී. ටී. ඊ. පණිවිඩ හුවමාරු අනුව දැනට සාමාජිකයන් 25 ක් මිය ගිය බව තහවුරු වී තිබෙනවා.
පළායාම සඳහා රඳවා ගෙන තිබූ බෝට්ටු දහයක් පමණ දැනට ආරක්ෂක හමුදා අතට පත්වී තිබෙනවා” හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.
“සෙනසුරාදා සවස 3.30 ට පමණ වන විට අපි නගරයේ බලය තහවුරු කරගත්තා. නමුත් මේ කතා කරන මොහොත වන විට සම්පූර්ණයෙන් නගරය ආශි‍්‍රත ප‍්‍රදේශය සෝදිසි කර අවසන් වී තිබුණේ නැහැ.
නගරයේ තිබූ කොටි කඳවුරු දෙකක් හමුවූවා” ඊයේ උදෑසන ලියුම්කරු ඇමැතූ මන්නාරම හමුදා ආරංචි මාර්ග කීය.
නගරයේ බලය තහවුරු කරගත් 582 බළසේනා භට පිරිස් ඊයේ (03) උදෑසන ඒ – 32 මාර්ගයේ තවදුරටත් උතුරට ගමන් කිරීම ඇරැඹූහ.
9 වන ගැමුණු හා 12 වන ගැමුණු හේවා රෙජිමේන්තු ඒ- 32 මාර්ගය හා මුහුදු වෙරළ ඔස්සේ උතුරට ගමන් කළ අතර වෙල්ලන්කුලමට උතුරේ සිටින 583 බළ සේනාව සමඟ එක්වීමට නියමිතව තිබිණි.
ඉරිදා පෙරවරුවේ 583 බළ සේනාවට අයත් ලුතිනන් කර්නල් කමල් පින්නවල අණදෙන 06 වන ගැමුණු හා මේජර් සාලිය අමුණුගම අණදෙන 12 වන ගජබා රෙජිමේන්තු ඒ – 32 මාර්ගයේ උතුරු කොටස තුළ බලය තහවුරු කර ගැනීමේ නිරතව සිටියහ.
මෙම රෙජිමේන්තු දෙක ඉරිදා උදයේ ඒ- 32 මාර්ගයේ කිලිනොච්චි දිසා සීමාවේ කිලෝමීටර තුනක් තරම් අභ්‍යන්තරයට ගමන් කර තිබිණි. වෙල්ලන්කුලමේ සිට උතුරට ගමන් ගන්නා 12 ගැමුණු හා 09 ගැමුණු භට පිරිස් මන්නාරම දිස්ති‍්‍රක් සීමාව ඉරිදා පෙරවරුවේ ඉක්මවා කිලිනොච්චිය සීමාවට ඇතුළු වී 12 වන ගජබා රෙජිමේ්න්තුව සමඟ සම්බන්ධ වීම සමඟ මන්නාරම දිස්ති‍්‍රක්කයේ සෑම බිම් අඟලක්ම රජයේ පාලනයට නතුවෙයි.
“මේ අවස්ථාව සැබැවින්ම ඓතිහාසිකයි. සිවුවන ඊළාම් යුද්ධයට දෙවසරක් පිරෙන්නේ මේ කාලයේදී. ඊළාම් යුද්ධයේ හමුදාව ලත් පළමු ජය 2006. 08. 01 මුතුර් හා කට්ටපරිච්චාන් වෙත එල්ල වූ දැවැන්ත ප‍්‍රහාරය වළකා 2006. 08. 03 වන විට යළි ප‍්‍රදේශයම මුදා ගැනීමයි.
එයින් දෙවසරක දී අපි මන්නාරම සම්පූර්ණයෙන් මුදවා ගෙන කිලිනොච්චියට තර්ජන එල්ල කිරීමට සමත්ව සිටිනවා” යුද හමුදා මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
කොටි සංවිධානය සිවුවන ඊළාම් සටනේ ඇරැඹුම සනිටුහන් කොට 2006. 08. 01 මුතුර් වෙත දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළ මොහොතේ එය ව්‍යර්ථ කිරීමේ සටනට උරදුන් එවක 07 වන පාබළ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී මේජර් සේනක විජේසූරිය මන්නාරමේ අවසන් කොටි බළකොටුව බිඳලීමේ සටනට අද 11 වන පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස එක්ව සිටීම විශේෂත්වයකි.
තීපන් වන්නියට
වෙල්ලන්කුලම මුදාගෙන යුද හමුදාව කිලිනොච්චිය සීමාවට ඇතුළු වන අතරේ කොටි සංවිධානයේ සටන් බිම නායකත්වයේද වෙනසක් සිදුකර ඇත. වන්නි මෙහෙයුම ආරම්භයේ පටන් කොටි සංවිධානය වෙනුවෙන් සටන් මෙහෙයවන ලද්දේ භානුය.
ඉකුත් සතියේ ‘භානු’ ඉන් ඉවත්කොට ඒ වෙනුවට යාපනය නායකයා වන ‘තීපන්’ පත්කර තිබේ. මුහාමලේ හමුදා මෙහෙයුම් වැළැක්වීමේ නිරතව සිටි ‘තීපන්’ කොටි සංවිධානයේ පාර්ශ්වය අතින් ප‍්‍රබලයෙකි.
දිගින් දිගටම වන්නියේ හමුදා මෙහෙයුම් වැළැක්වීමට අසමත් වීම “භානු” ඉවත් කිරීමට හේතුවූ බව වාර්තා වෙයි.
වන්නිය වෙත තීපන් පැමිණෙන විට මුහාමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි පළපුරුදු සටන්කරුවන් රැසක් කැඳවාගෙන ආ බව පැවසෙයි. පසුගිය සතිය පුරා මෙම සටන්කරුවන් යොදවා 57 සේනාංකයේ ගමන නතර කිරීමට කොටි බලවත් උත්සාහයක් දරන බව පෙනී යයි.
මල්ලාවි හා තුනුකායි අත්පත් කර ගැනීම 57 සේනාංකයේ ඉලක්කයය. වෙල්ලන්කුලම සිට මාන්කුලම දක්වා යා කරන මාර්ගයේ මේ නගර පිහිටි තිබේ. මාර්ගයේ වෙල්ලන්කුලම ප‍්‍රදේශය දැනටමත් 58 සේනාංකය විසින් අත්කරගෙන සිටිති.
මල්ලාවි හා තුනුකායි වැටීම සමග බටහිර වෙරළේ ඒ – 32 මාර්ගයේ සිට වන්නිය මැදින් දිවෙන ඒ – 09 මාර්ගය දක්වා සම්පූර්ණ කොටසක් හමුදා පාලනයට නතුවෙයි.
තුනුකායි හා මල්ලාවි සම්පූර්ණයෙන් හමුදාව අතට පත්වීම සමඟ මාන්කුලමට පිවිසීමට ද හමුදාවට හැකියාව හිමිවෙයි. මාන්කුලම මංසන්ධිය මුලෝපායික ලෙස අතිශය වැදගත් ස්ථානයකි.
එහි සිට බටහිර දක්වා මාර්ගය මුලතිවු වෙත දිව යයි. මාන්කුලමේ සිට උතුරට මාර්ගය ඒ – 09 මඟය. ඒ මාර්ගය ඔස්සේ කිලිනොච්චිය හා සම්බන්ධ වීමට හැකිවෙයි. මාන්කුලමෙන් දකුණට ඒ – 09 මාර්ගය ඕමන්තේ මුරපළ හා සම්බන්ධ වෙයි.
ආරක්ෂක හමුදා දැනටමත් ඒ – 09 මාර්ගයේ බටහිර (මාන්කුලමෙන් දකුණට) බලය හිමි කරගෙන සිටිති.
වැලිඔය සිට මුලතිවු දෙසට ගමන් කරන 59 සේනාංකය සිටින්නේ ඉලක්කය වන තුමුලමුනෙයි හන්දියට කිලෝ මීටර් 02 ක් පමණ දකුණෙනි. 59 සේනාංකය තුමුලමුනෙයි බලය තහවුරු කර ගතහොත් ඒ මගින් මුලතිවු වෙත දැඩි තර්ජනයක් එල්ල වෙයි.
ඕමන්තේ හා වැලිඔය
ඒ අතර තවත් සේනාංකයක් ඕමන්තේ හා වැලිඔය අතරින් ගමන් කොට මාන්කුලම වෙත සම්බන්ධ කිරීමේ හැකියාව යුද හමුදාව සතු ය.
එසේ වුවහොත් ඒ – 09 මාර්ගයෙන් නැගෙනහිර ද එල්. ටී. ටී. ඊ. බලය ගිලිහෙයි. එහි ඇති අවදානම කොටි සංවිධානය හොඳින් දනියි. මේ නිසා 57 සේනාංකය නතර කිරීමේ ඉතා දැඩි අවශ්‍යතාවක් දැන් කොටි සංවිධානයට ඇත්තේය.
ගෙවී ගිය 01 වැනි සිකුරාදා තුනුකායි හා මල්ලාවි පෙදෙස්වල බිහිසුණු ගැටුම් හටගත්තේ එබැවිනි. වඩා දැඩි ගැටුමකට මුහුණපෑවේ 573 බළ සේනාවය. සතියකට පෙර චාල්ස් ඇන්තනි බළකායේ 36 ක් මරා දමා මල්ලාවි දකුණ අත්පත් කර ගැනීමට 573 බළ සේනාව සමත්ව සිටියහ.
සිකුරාදා අලුයම වවුනිකුලම් ඔබ්බෙහිදී 3 වන ගජබා, 09 විජයබා, 07 සිංහ රෙජිමේන්තු තුන ඉදිරියට ඇදුනහ. ඉදිරියට ගමන් කළ භට පිරිස් අතර තිබූ පරතරයකින් වාසි ලබා ගැනීමට එල්. ටී. ටී. ඊ. ය සමත් වූහ.
සිකුරාදා දවස පුරා මල්ලාවි දකුණේ දරුණු ගැටුමක් පැවැතිණි. හමුදා සෙබළුන් 10 ක් පමණ එහිදී දිවි පිදූහ. තවත් 20 කට පමණ තුවාල සිදුවූයේය.
අති බිහිසුණු සටනකට මුහුණ දුන් නමුත් සිය ආරක්ෂක වළල්ල රැකගැනීමට නිර්භීත හා ධෛර්යමත් සෙබළු සමත් වූහ. ගෙවී ගිය සතියේ තුනුකායි දකුණේදී 572 බළ සේනාව ද මෙවැනි අත්දැකීමකට මුහුණදී තිබිණි.
තුනුකායි හා මල්ලාවි රැකගැනීමට උපරිම ශක්තිය යෙදවීමට කොටි සැරසෙන ආකාරය මේ ගැටුම් පෙන්නුම් කරයි. කොටින්ගේ එම හැකියාව කොතෙක් දුරට රඳවා ගැනීමට හැකි වනු ඇති ද යන්න සැක සංකා සහිතය.
කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය අන් කවර දිනයකටත් වඩා වන්නියේ බිම් තෙත් කරවන කාලයක් බව පැහැදිලිය.
ඡායාරූප - රුක්මල් ගමගේප‍්‍රසන්න ෆොන්සේකා

No comments: