Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 14, 2008

පිහිනුම් සූර ෆෙල්ප්ස් නවීන ඔලිම්පික් ඉතිහාසය අලුතින් ලියයි

වසර 112 ක් පැරණි නවීන ඔලිම්පික් ඉතිහාසය ඊයේ බීජිං පිහිනුම් තටාකයේදී අලුතින් ලියැවෙමින් ඇමරිකාවේ මයිකල් ෆෙල්ප්ස් වාර්තාගත ඔලිම්පික් රන් පදක්කම් 11 ක් දිනා ගත් පළමුවැන්නා බවට පත් විය.
ෆෙල්ප්ස් ඊයේ ප‍්‍රථමයෙන් පිරිමි මීටර් 200 සමනල ආර ඉසව්වෙන් සිය සිව්වැනි රන් පදක්කම හා මුළු ඔලිම්පික් උළෙලවල ඔහුගේ 10 වැනි රන් පදක්කම දිනා ගත්තේය. ෆෙල්ප්ස් මෙම ඉසව්ව ජය ගත්තේ මිනිත්තු 1 යි තත්තර 52.03 ක නව ලෝක වාර්තාවක් ද බිහිකරමිනි.
ඊට මිනිත්තු කිහිපයකට පසුව ඔහු ඇමරිකානු පිරිමි මීටර් 200 ය 4 නිදහස් ආර පිහිනුම් කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයැවීය.
එයින් ෆෙල්ප්ස් හට බීජිං ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ 5 වැනි රන් පදක්කම හිමි වූ අතර ඔහුගේ සමස්ත ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාව වාර්තාගත 11 කට ඉහළ නැංවීය. ඔහු මීට පෙර 2004 ඈතන්ස් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 6 ක් දිනා ගත්තේය.
මේ අතර සත්කාරක චීනය ඉතිහාසගත වෙමින් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ ඔවුන්ගේ ප‍්‍රථම ඔලිම්පික් රන් පදක්කම වාර්තා කළේය. චීන කී‍්‍රඩිකාවෝ ලකුණු 188.900 ක් ලබා ගත් අතර ඇමරිකාව ලකුණු 186.525 ක් ලබා ගෙන රිදී පදක්කම ද, රුමේනියාව ලකුණු 181.525 ක් ලබා ගනිමින් ලෝකඩ පදක්කම ද හිමිකර ගත්හ.
චින්තන ගීතාල් විදානගේ කි. ග‍්‍රෑම් 69 බර ඉසිලීමේ ඉසව්වෙන් 16 වැනි ස්ථානයට පත් විය. ‘සී’ කාණ්ඩයෙන් තරග වැදුණු විදානගේ ඉසිලූ බර ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 293 කි.
ශී‍්‍ර ලංකා වාර්තා තුනක් තබමින් ‘සී’ කාණ්ඩයේ ඉහළට ම පැමිණි විදානගේ තම බර පන්තියේ ලොව හොඳම විසිදෙනා අතරට එක්ව සිටියේය. එසේ වුවද 2006 වසරේ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් දිනූ චින්තන විදානගේට බෙයිජිං නුවරදී හිමිවූයේ 16 වැනි ස්ථානයයි. චින්තනට ඉහළින් දස්කම් දැක්වූ කී‍්‍රඩකයන් 15 දෙනා ‘ඒ’ හා ‘බී’ කාණ්ඩ නියෝජනය කළහ.
චීනයේ හුයි ලියාබෝ කිලෝ ග‍්‍රෑම් 69 බර පන්තියේ කිලෝ ග‍්‍රෑම් 348 ක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේ චින්තන විදානගේට වඩා කිලෝ ග‍්‍රෑම් 55 ක බර ප‍්‍රමාණයක් උසුලමිණි. ලියාවෝ පසුගිය වසරේ ලෝක සූරතාව දිනූ කී‍්‍රඩකයායි.
ප‍්‍රංශයේ වෙන්සෙලාස් ඩබය මියෙන්චු හා ගෙවොර්ග් මර්ටිරොසියන් (ආමේනියාව) පිළිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් ලබා ගත්හ. බොක්සිං කී‍්‍රඩක අනුරුද්ධ රත්නායක ශී‍්‍ර ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් සුණු විසුණු කර දැමුවේ ලතින් ඇමරිකානු කී‍්‍රඩක රොබෙනිල්සන් වේරා වෙතින් මූලික වටයේදීම කිලෝ ග‍්‍රෑම් 51 බර පන්තියේ තරගයෙන් පරාජය වැළැඳ ගනිමිණි.
බ‍්‍රසීලියානු කී‍්‍රඩක වේරා සිය උසින් හා දිගු අත්වලින් උපරිම ප‍්‍රයෝජන නෙලා ගත්තේය. තරගයේ පළමු වටයේ මුල් තත්පර කිහිපයේදී දෙදෙනාටම කිසිම ප‍්‍රසාද ලකුණක් හිමි නොවූ අතර එම වටය අවසානයේ වේරා ප‍්‍රසාද ලකුණු 2ක් රැස් කිරීමට සමත් විිය. දෙවන වටය අවසානයේ ඔහු ප‍්‍රසාද ලකුණු 6ක් ලබාගෙන තිබිණි.
තුන්වැනි වටය අවසානයේ ලකුණු තත්ත්වය 2 – 9 ක් විය. අවසානයේදී බ‍්‍රසීල කී‍්‍රඩකයා 13 – 3ක පහසු ජයක් ලැබීය.
“මට සාමාන්‍ය විදිහට කී‍්‍රඩා කිරීමට බැරිවුනා. මට මීට වඩා හොඳින් තරග කරන්න තිබුනා. මට තේරෙන්නේ නැහැ...” යැයි තරගය අවසානයේ අනුරුද්ධ රත්නායක පැවැසීය.
උස හා දිගු බාහු තම ප‍්‍රතිවාදියාට විශාල වාසියක් අත්කරදුන් බව රත්නායක කීය. “ඒත් මෙය සමාවට හේතුවක් නොවෙයි. මා හොඳින් කී‍්‍රඩා කළේ නෑ” යැයි ඔහු කීය.
තමාගේ ඔලිම්පික් සහභාගිත්වය ලාංකේය බොක්සිං කී‍්‍රඩාවේ නව යුගයක ආරම්භය වූ බව කී අනුරුද්ධ රත්නායක තමාගේ ගමනට උදව් උපකාර කළ සියලුම ශී‍්‍ර ලාංකිකයන්ට ස්තූතිවන්ත වන බව ද කීය.
තමාගේ අත්දැකීම් 2012 වසරේ ඔලිම්පික් උලෙළ සඳහා යොදවන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම භාර ප‍්‍රධානියා වන ඩයන් ගෝමස් මහතා පැවැසුවේ අනුරුද්ධ රත්නායකගේ ඔලිම්පික් ගමන ලාංකේය බොක්සිං කී‍්‍රඩාව නව මඟකට යොමු කිරීමට හේතු වූ බවය. ”ඔහු හොඳින් කී‍්‍රඩා කළේ නෑ” යැයිද ඩයන් ගෝමස් මහතා කීය

No comments: