Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

කියන දේ නාහන කිරි සමාගම්වලට යන්න පුළුවන් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මේ කන්නයේ වී අස්වනු මිලට ගන්නට රජය ගෙන යන වැඩපිළිවෙල පළාත් සභා ඡන්දයෙන් පසුව පොහොර සහනාධාරය නවතින බවට තැනින් තැන නැඟෙන චෝදනාව, බජට් ෂොප්වල අනාගත ඉරණම, සමූපකාරයේ ඉදිරි ගමනට රජයෙන් ලබාදෙන පිටුවහල මෙන්ම කිරිපිටි සමාගම් සමඟ ආණ්ඩුව යෙදී සිටින නිරන්තර අරගලය ගැනත් මේ කතාබහේදී අවධානය යොමු කෙරේ.
මේ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සහ සහල් වෙළෙඳපොළ පිළිබඳ තත්ත්වය කෙබඳුද?
ලංකා ඉතිහාසයේ ගොවියා නඟාසිටුවීම සඳහා වැඩිම කාර්යභාරයක් ඉටු වූ යුගයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලය ගොවි ජනතාව පිළිගන්නවා.
2003 දී පොහොර මෙටි‍්‍රක් ටොන් එකක මිල රුපියල් 12000/= යි. කිලෝ 50 බෑගය අලෙවි කළේ රුපියල් 850/= කට. මේ ඇත්ත එදා ඒ මිලට පොහොර ගත් ගොවි ජනතාව දන්නවා.
අද වනවිට පොහොර මෙටි‍්‍රක් ටොන් එකක මිල රුපියල් 96,000/= යි. ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාම 700% යි.
නමුත්, ගොවි ජනතාවට කිලෝ 50 පොහොර බෑගය රුපියල් 350/= ට ලබාදෙන ලෝකයේ එකම රට ලංකාව.
පොහොර සහනාධාරය කිසිසේත් මේ කන්නයේදී කපා නොහරින බව මෙතී‍්‍රපාල සිරිසේන ඇමැතිතුමා ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කළා.
ඊට අවශ්‍ය මුදල් කන්දරාවක් අතිරේකව පරිපූරක ඇස්තමේන්තු ලෙසත් ලබාගන්න සිදුවී තියෙනවා.
‘අපි වවමු - රට නඟමු’ වැඩපිළිවෙළ යටතේ පවතින මිලට අනුව වී මිලදී ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී තියෙනවා.
ඒ අනුව රජය රුපියල් 28/=, 30/=, 32/= වැනි මිල ගණන්වලට වී ගන්නවා. මෙහිදී රජයේ ප‍්‍රතිපත්තිය වෙන්නේ වී අස්වනු සරුවෙලා පාරිභෝගිකයාට රුපියල් 60/= හෝ ඊටත් අඩුවට සහල් කිලෝව මිලදී ගැනීමට හැකිවීම සහ ගොවියාට හොඳ මිලක් ලැබීම.
වෙනත් වගාවනට සහන නැහැ කියන එක තවත් චෝදනාවක්?
මීට වඩා අඩු මිලට සමහර භාණ්ඩ රටින් ගෙන්වීමට හැකියාව තිබියදී පවා එසේ කරන්නේ නැතිවීමත් තවත් කාරණයක්.
නිදසුනක් ලෙස මේ දිනවල නුවරඑළිය හා ආශ‍්‍රිත ප‍්‍රදේශ අර්තාපල් ගලවන බව ගොවි සංවිධාන හා ඇමැතිවරු දැනුම්දීලා තියෙනවා. ඒ අනුව අර්තාපල් ආනයන බදු ඉහළ නැංවීමට රජය කටයුතු කරනවා.
රජය නිතරම පාරිභෝගිකයාට සහන සැලසීමට මැදිහත්වන්නා සේම නිෂ්පාදකයා අධෛර්යමත් නොවන පරිදි කි‍්‍රයාකිරීමටත් වගබලා ගන්නවා. පසුගිය සතිය තුළ ඉතා විශාල ලෙස එළවළු මිල පහත වැටුණා.
එහිදී සතොස තාවකාලික පියවරක් ලෙස දිවයිනේ මධ්‍යස්ථාන 7 කදී ගොවීන්ගෙන් වැඩි මිලකට එළවළු මිලට ගත්තා. ඒ නිසා වෙළෙඳපොළේ යම් ප‍්‍රමාණයකින් මිල වැඩිවීමක් සිදුවුණා.
නගරාශ‍්‍රිත ප‍්‍රදේශවල නිෂ්පාදකයාට හෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කෘෂි නිෂ්පාදන එකතු කරන්නාට කෙලින්ම ඇවිත් ඒවා අලෙවි කළ හැකි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වැඩපිළිවෙළකුත් දැන් අපි ඇති කරගෙන යනවා.
කොළඹට ඇවිත් අතරමැදියන්ගෙන් තොරව වී මෝල් හිමියන්ට පොල්තෙල් මෝල් හිමියන්ට කිරි නිෂ්පාදකයන්ට කෙලින්ම තම නිෂ්පාදන අලෙවි කරන්න පුලුවනි.
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේදී එම පළමු මධ්‍යස්ථානය ලබන මාසයේ විවෘත කරනවා.
සමූපකාර ව්‍යාපාරය නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග විස්තර කරන්නේ කෙසේද?
නොයෙකුත් අවලාද, අපහාස, චෝදනා නැගෙන්නේ රජය ජාවාරම්කාරයන්ට අවශ්‍ය පරිදි නිදහසේ වෙළෙඳපොළ හසුරුවන්න නොදෙන නිසා. දැන් ආණ්ඩුව සෘජුව මැදිහත් වෙනවා.
ලාභ පරමාර්ථය මුල්කර නොගත් සමූපකාරය වැනි ආයතන සහ ලාභය මුල්කරගත් ආයතන අතර තරගයක් ඇති කළ යුතුයි.
ඒ සඳහා ලංකා ඉතිහාසයේ කිසිදු රජයක් සමූපකාර ව්‍යාපාරයට ලබානොදුන් අන්දමේ සහන රැසක් අතිගරු ජනාධිපතිතුමාගේ රජය පසුගිය අයවැයෙන් ලබාදුන්නා.
ඒ අනුව ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරමින් සමූපකාර ව්‍යාපාරය සියලු බදුවලින් නිදහස්. කෝප් සිටි විවෘත කිරීම සඳහා රුපියල් දස ලක්ෂ තුන්දහස් හැටක් අයවැයෙන් වෙන් කළා.
එතෙක් මධ්‍යම ආණ්ඩුව සමූපකාරයට එවැනි ප‍්‍රදානයක් ලබාදී නැහැ. මේ වනවිට උතුරු-නැඟෙනහිරද ඇතුළු කෝප් සිටි 250 කට වඩා විවෘත කර අවසන්. ඒවායින් පාරිභෝගික ජනතාව සහන මිලට භාණ්ඩ ලබා ගන්නවා.
සමහර ග‍්‍රාමීය ප‍්‍රදේශවල සමූපකාර සමිති තමන්ගේ දේපල උගස්කර බැංකු ණය ලබාගෙන අසරණ වී සිටියා. එවැනි ණය කපාහැරීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය බැංකු හා අනෙකුත් ආයතන සමඟ මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා.
මේ හැර ගම නැඟුම ව්‍යාපෘතිය යටතේ සමූපකාරවලට කුඩා ප‍්‍රාදේශික නවීකරණය සඳහා මූල්‍යාධාර දෙනවා. පාසල් සමූපකාර සමිතිවලටත් කිරි නිෂ්පාදනය සඳහාත් ආධාර සපයනවා.
සමූපකාර ව්‍යාපාරයේ 150,000 ක් වන කිරි ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමට කොළඹ වොක්ෂෝල් වීදියේ මිල්ක් සුපර් ආයතනය අලුතින් ඇති කළා.
ග‍්‍රාමීය සමූපකාර සමිතිවලට කෘෂිකාර්මික මිලදී ගැනීමට වී මෝල් පවත්වාගෙන යාමට, සහල් පිටි නිෂ්පාදනයට, කිරි, ධීවර, පේෂකර්මය ආදී නොයෙකුත් කර්මාන්තයන්ට සමූපකාර අරමුදලෙන් විශේෂ පහසුකම් ලබා දෙනවා.
සමූපකාර ව්‍යාපාරය නව ජීවයකින් පෙරට එමින් තිබියදී අතීතයේ දී මෙන් දූෂණ අක‍්‍රමිකතාවන් විසින් එහි ඉදිරි ගමන අඩාල කරන බවක් පෙනෙන්න තියෙනවා. මේවා ගැන පියවර ගන්නවාද?
ඔව්! සමූපකාර විෂයය පළාත් සභා විෂයයක්. පළාත් සමූපකාර ඇමැතිවරු, කොමසාරිස්වරු ඉන්නවා. මේ නිසා සෘජුව තනි තීරණයකින්ම මට මධ්‍යම ආණ්ඩුව හරහා එය හසුරුවන්නට බැහැ.
නමුත්, වාසනාවකට වගේ මෙතෙක් සිටි පළාත් සමූපකාර ඇමැතිතුමන්ලා අපි කවුරුත් එකට එකතු වී වැඩ කළ යුතු බව තේරුම් අරන් ඉන්නවා.
ඒ අනුව උතුරුමැද සහ සබරගමුව පළාත්වලින් හොඳ සමූපකාර ඇමැතිවරු දෙදෙනෙක් ඇතිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මොකද උතුරුමැද සේමසිංහ ඇමැතිතුමාත් සබරගමුව එල්ලාවල මැතිතුමාත් ඉතා කිට්ටුවෙන් අපිත් සමඟ කි‍්‍රයාකරමින් පෞද්ගලිකවම මැදිහත්වෙමින් ඒ පළාත්වල සමූපකාර ව්‍යාපාරය නැංවීමට කි‍්‍රයා කළා.
ඒ නිසා ඉදිරි මැතිවරණයෙදීත් එතුමන්ලාම සමූපකාර ඇමැතිධූරවලට පත්වෙනවා නම් මම බොහොම කැමැතියි.
එවිට ඔවුන්ගේ දැනුම පළපුරුද්දත් සමඟ සමූපකාර නීතිය ආදිය වෙනස් කිරීමට අප කර ඇති සාකච්ඡා, ඵලයක් ඇතිවන පරිදි පෙරට ගෙනයා හැකියි.
වතුකරයේ ජනතාවට සහල් සඳහා සහනාධාරයක් ලබාදීමට රජය පසුගියදා තීරණය කළා. එය විස්තර කරන්න.
හැමදේම දේශපාලනයට හරවාගෙන ඉන්න අය කියන්නේ බඩු මිල පහත වැටෙන්නේ ඡන්දය නිසා බවයි. ඡන්දය නැති පළාත්වලට මේ මොකුත් නැතැයි ඔවුන් කියනවා.
මේවා සේරම බොරු කතා. ඒ පළාත්වල ඡන්ද ව්‍යාපාරයේ යෙදෙද්දී අපි ජාතික වැඩපිළිවෙලක ඉන්නවා.
දිළිඳුකම පිටුදැක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන ගමේ සම්පත් හා ගමේ මිනිසුන් මත වැඩි විශ්වාසයක් තබන ජාතික ආර්ථික වැඩපිළිවෙලක් තුළින් අලුත් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සඳහායි.
පක්ෂ, පාට භේද සියල්ල ඉවතලා කවුරුත් ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න එකතු වෙලා තියෙන්නේ.
වතුකරයේ ජනතාව මේ ඡන්දවලට සම්බන්ධ පිරිසක් නොවෙයි. වතුකරයේ වැඩකරන ජනතාව විශාල ලෙස පාන් හා පිටි පරිභෝජනයට හුරුවෙලා ඉන්නේ. එම වැඩකරන ජනතාවගේ වැටුප් මට්ටමත් අඩුයි.
අනෙක් පළාත්වලට සාපේක්ෂව වතුකරයේ ජනයාගේ ජීවන තත්ත්වය පහළ මට්ටමක ඇති බවට පොදුවේ පිළිගන්නවා. මේ නිසා, එම ජනතාව අතර සහල් පරිභෝජනය ප‍්‍රචලිත කිරීමට අය-වැයෙන් ලක්ෂ දෙදහසක් වෙන් කළා.
ඒ තීන්දුව අනුව වතුකරයේ පවුල් ලක්ෂ දෙකකට වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 10/= අඩුවෙන් සහල් නිකුත් කරනවා.
මසකට රුපියල් 100/= ක් වනපරිදි සහනාධාර කාඩ්පතක් ඒ සඳහා ලබාදෙනවා. මේ වැඩපිළිවෙළ දැනට දිස්ති‍්‍රක් 04 ක කි‍්‍රයාත්මකයි.
බජට් ෂොප් සංකල්පය ගැන පාරිභෝගිකයන් තුළ කැමැත්තක් තිබෙනවා. නමුත්, රාජගිරියේ බජට් ෂොප් එක හදිසියේ වසා දැමීම පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබෙනවා නේද?
ජනාධිපතිතුමා බජට් ෂොප් සංකල්පය හඳුන්වා දුන්නේ තොග මිලට පාරිභෝගිකයාට භාණ්ඩ අලෙවි කරන බවට වෙළෙන්දන් දුන් ප‍්‍රතිඥාව අනුව නමුත්, සිල්ලරට අලෙවි කිරීමේදී තොග මිලට ඒවායේ භාණ්ඩ විකුණන්නේ නෑ.
මේ වෙළෙඳ සැල් රාජ්‍ය දේපළ සම්පත් පාවිච්චි කරමින් සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන අතර රජයේ බෙදාහැරීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වීමට බාධා ඇතිකරන අවස්ථාත් වාර්තා වුණා.
පසුගිය කාලයේ සහල් මාෆියාව විසින් සහල් කිලෝව රුපියල් 150/= කට ගෙනයාමේ තත්ත්වයක් ඇති කළා.
එහිදී අපි දැඩි තීරණ අරන් මිල පාලනය කළා. එය කි‍්‍රයාත්මක කිරීමේදී මේ වෙළෙඳසැල්වල සෘජු වෙළෙන්දන් කීවේ මේවා රාජ්‍ය ආයතන නොවෙයි, රජය කියන ගණන්වලට භාණ්ඩ විකුණන්නත් නොවෙයි මේවා කියන්නේ, මේවා අපේ පුද්ගලික ව්‍යාපාර.
ඒ නිසා අපට ඕනෑ විධියටයි භාණ්ඩ අලෙවි කරන්නේ කියලා.
ඊට අතිරේකව පසුකාලීනව මේවායේ අයිතිය එහි ව්‍යාපාර නොකරන විවිධ පුද්ගලයන් අතට කුලියට පැවරිලත් තිබුණා. එහෙම පවරන්න නීත්‍යානුකූල අයිතියකුත් නැහැ.
පාර්ලිමේන්තු මාර්ගය අසළ රාජගිරිය බජට් ෂොප් පිහිටුවා තිබුණේ. ත‍්‍රස්තවාදීන්ගේ දඩබිමක් ලෙස මෙම ස්ථානය පරිවර්තනය කර ගැනීමේ ඉඩකඩ වැඩි බව ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබුණා.
මේවා සළකලා මාර්ගය අසල වාහන නතර කිරීම තහනම් කරමින් නීති පනවන්නටත් සිදුවුණා. මේවා හා හෙළිදරව් නොකළහැකි තවත් හේතූන් නිසා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන ජීවන වියදම් හා ආහාර පෝෂණ කමිටුව මේ බජට් ෂොප් එක වසා දමා ඔවුන්ගේ බඩු බාහිරාදිය රැගෙන ඉවත්වන ලෙසට නියම කළා.
එහිදී විවිධ බලවේග හා ජාවාරම්කරුවන් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඔවුන් කීවේ මානව අයිතීන් කඩවී ඇති බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දී නැහැ.
රජය මෙම රාජ්‍ය දේපළ සංවර්ධනය කරන වැඩපිළිවෙළ 20 දාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබෙනවා.
මේ රාජ්‍ය දේපළ යම් යම් සමාගම්වලට අලෙවිකර ඇතැයි විවිධ මාධ්‍යයන් හරහා කතා පතුරුවා හැරියා. හැබැයි ඔවුන්ට වැරැදිලා. ඒ වෙන වෙළෙඳ ඇමැතිලා.
ඒ අයගේ යාළු වෙළෙඳ ඇමැතිලා. රාජ්‍ය දේපළ නෑ හිතමිතුරන් එක්ක ජාවාරම්කාරයන් එක්ක බෙදාගත්ත දේශපාලනඥයන්ගේ දුෂ්ට සිතිවිලි මට ආදේශ කිරීම සාධාරණ නැහැ.
පුද්ගලික අංශයට බෙදලා තියෙන රාජ්‍ය දේපල වුණත් පුළුවන්නම් ආපසු ගන්නවා මිසක් රාජ්‍ය දේපල ජාවාරම්කාරයන්ට, කොම්පැනිකාරයන්ට විකුණන ප‍්‍රතිපත්තියක අපි නැහැ.
කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා ඇතැම් සමාගම් දරණ ප‍්‍රයත්නයත් එක්ක ඔබ ගැටුණ හැටි දකින්න තිබුණා. පොදු ජනයාගේ පැත්තෙන් බලලා එවැනි මිල ඉහළ යාමක් ඇති නොවන පරිදි කි‍්‍රයාකිරීමට වැඩපිළිවෙළක් තියෙනවාද?
ඔව්, කිරිපිටි මිල මේ විධියට පවත්වාගෙන යන්නේ ඉතාම අමාරුවෙන්. පසුගිය නොවැම්බරයේ පටන් කිරිපිටි මිල ශතයකින් වැඩි කරන්න දුන්නේ නැහැ.
බහුජාතික කිරිපිටි සමාගම්වල දේශීය ඒජන්තයෝ විවිධ වේශයෙන් ඉන්නවා. ටයි කෝට් ඇඳලා උද්ඝෝෂකයෝ වගේ නොයෙකුත් විධියට ඔවුන් විවිධ මුහුණුවරින් කි‍්‍රයාත්මකයි.
හැබැයි, ඔය කොයි විධියට අපට එරෙහිව ආවත් අපි පසුගිය මාස 11 තුළම කිරිපිටි මිල වැඩිවෙන්න දුන්නේ නැහැ. ග‍්‍රෑම් 400 රුපියල් 275/= යි. මේ අතරතුර ජාතික ව්‍යාපාරිකයෝ රැසක් කිරිපිටි වෙළෙඳපොළට ආවා.
ඒ මිල ගණන් ඊට අඩුයි. ඒ නිසා රජය කියන විධියට කටයුතු කරන්න බහුජාතික සමාගම්වලට බැරිනම් ඒ අය ගියාට කමක් නැහැ.
මේ වෙළෙඳ ඇමැතිවරයා, ඉන්නේ මහා පරිමාණ සමාගම්වල මනදොළ පිරවීමට නොවෙයි, රටේ හඬක් නඟන්න බැරි අතිමහත් බහුතර පාරිභෝගික ජනතාවක් සමඟ බව ඔවුන් දන්නවා.
ඒ සමඟම සාධාරණ වෙළෙඳ්‍රමක යෙදෙන ඕනෑම දේශීය හෝ බහුජාතික සමාගම් එක්ක සාධාරණ වෙළෙඳ්‍රම පිළිබඳ කාරණයේදී අපි සැමවිට එකඟයි.
ඒ අයට ගහලා පන්නන්න ඕන කියන අදහසෙන් නැහැ. හැබැයි එය සාධාරණ වෙළෙඳ්‍රමක් විය යුතුයි.
අපි බහුජාතික සමාගම්වල කටුලෙවකන්නේ නැහැ.
සාකච්ඡා කෙළේධම්මික සෙනෙවිරත්න

No comments: