Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

කිලිනොච්චියට පිවිසෙන මල්ලාවි - තුනුකායි දොරටු අල්ලන්න හමුදාවන්ගෙන් දැඩි ප‍්‍රහාර

එල්.ටී.ටී.ඊ.යේ පරිපාලන මධ්‍යස්ථානය වන කිළිනොච්චිය වෙත පිවිසීමේ දොරටුව වන මල්ලාවි සහ තුනුකායි අත්පත් කර ගනිමින් කොටි සංවිධානය කැලෑවට පළවා හැරීමට ආරක්ෂක හමුදා තීරණාත්මක සටනකට පිවිසීම ද ආරක්ෂක හමුදාවේ ප‍්‍රයත්නය වළකා අභිමානය රැක ගැනීමට එල්.ටී.ටී.ඊ.ය උපරිම ශක්තිය යොදවා මාරාන්තික සටනක නියැළීමද සමඟ සතිය පුරා වන්නි යුදබිමේ ගිනිදැල් දැඩිවිය.
කොටි සංවිධානයේ පරිපාලන මධ්‍යස්ථානය කිළිනොච්චිය වේ. කොටි පොලිසි, අධිකරණ, දේශපාලන කාර්යාලද පිහිටි මේ නගරය තුළ දසවසරකට වැඩි කාලයක් තර්ජනයකින් තොරව කොටි ජීවත් වෙති.
කොටි නායක ප‍්‍රභාකරන්ද වරින්වර විදේශ නියෝජිතයන් හමුවීමට මතු වූයේද මේ නගරයෙනි.
මන්නාරමෙන් ගමන් ඇරඹී 58 සේනාංකය දැන් කිලිනොච්චියේ බටහිර වෙරළ සීමාවට පිවිස සිටිති.
ඒ - 32 පුනරින් මාර්ගය ඔස්සේ ගමන් කරන එම සේනාංකය ඉතාම නුඳුරේ නච්චිකුඩා අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
ප‍්‍රධාන පෙළේ මුහුදු කොටි කඳවුරක්ව තිබූ නච්චිකුඩා බිඳවැටීම සමග පුනරින් හි කොටි ආධිපත්‍යය දැඩි තර්ජනය කට ලක්වෙයි.
බටහිර වෙරළේ බලය කොටි සංවිධානයෙන් ගිලිහීම සමග 58 වන සේනාංකයට සිය බටහිර පාර්ශ්වය අතහැර නැගෙනහිර පාර්ශවය වෙත වැඩි අවධානය යොමු කළ හැකිය. 58 සේනාංකයේ නැගෙනහිර පැත්ත කිළිනොච්චිය යි.
මේ අතර වවුනියාවෙන් ගමන් ඇරඹූ 57 සේනාංකය මල්ලාවි හා තුනුකායි හි අතිශය දරුණු සටනක නිරතව සිටිති.
ගෙවී ගිය දෙවසර පුරාවට ආරක්ෂක හමුදා මුහුණදුන්න බරපතලම අභියෝගය දැන් මල්ලාවි හා තුනුකායහිදී දක්නට ලැබේ.
ඒ - 09 මාර්ගයේ මාන්කුලම සහ ඒ - 32 මාර්ගයේ වෙල්ලන්කුලම සම්බන්ධ කරන මාර්ගයේ මල්ලාවි සහ තුනුකායි පිහිටා තිබේ. සතියාම්වලට අනුව මල්ලාවි හා තුනුකාය කොටස් මුලතිවු දිස්ති‍්‍රක්කයේ බටහිර අන්තයය.
58 සේනාංකය ඉකුත් සතියේ දී වෙල්ලන්කුලම මුදා ගැනීම සමඟ මාර්ගයේ කිලෝ මීටර් 04 ක් පමණ බටහිර කොටස හමුදාව අත පවතී.
මේජර් ජනරාල් ජගත් ඩයස් 57 සේනාංක ආඥාපතිවරයා ය. ඔහුට අනුව එල්.ටී.ටී.ඊ.ය කොතෙක් උත්සහ ගන්නා නමුදු මල්ලාවි හා තුනුකායි අත්පත් කර ගැනීම ප‍්‍රමාද කරවීම විනා වැළැක්වීමට කොටි සංවිධානයට ශක්තියක් නැත්තේ ය.
57 සේනාංකයේ බළ සේනා 03 ස්ථාන 03 කින් මාන්නකුලම - වෙල්ලන්කුලම මාර්ගය ආක‍්‍රමණය කරති. ලුතිනන් කර්නල් සෙනරත් බණ්ඩාර අණදෙන 572 බළ සේනාව තුනුකායි දකුණේ යටන් වදිති.
ලුතිනන් කර්නල් ප‍්‍රතාප් තිලකරත්න අණදෙන 573 බළ සේනාව මල්ලාවි දකුණේ සටන් කරති. වෙල්ලන්කුලම සහ තුනුකායි අතර කර්නල් ජී.ටී.රවිප‍්‍රිය අණදෙන 571 බළ සේනාව සටන් වදිති.
ගෙවීගිය සතිය පුරා මේ බළ සේනාවලට එල්.ටී.ටී.ඊ.යේ දැඩි ප‍්‍රතිරෝධයකට මුහුණ දීමට සිදු විය. 05 වැනි අඟහරුවාදා අලුයම දරුණුම ප‍්‍රතිරෝධය කල්විලාන්හිදී 572 බළ සේනාව වෙත එල්ල වූයේ ය.
මාන්කුලම - වෙල්ලන්කුලම මාර්ගය යේ කල්පළාන් බටහිර දෙසින් බලනවිට හමුදාවේ ආරක්ෂක තීරයකි. වන්නියේ කොටි අලුත් නායකයා වන තීපන් ඉතා සැලසුම්සහගත ලෙස ප‍්‍රහාරය එල්ල කර තිබූ බව ආරංචිමාර්ග කියයි.
අලුයම 3.00ට පමණ හමුදාව වෙත කාලතුවක්කු සහ මෝටාර් ප‍්‍රහාරයක් එල්ල විය.
අනතුරුව පැමිණි එල්.ටී.ටී.ඊ. පාබළ සාමාජිකයෝ අතේ ගෙන යා හැකි තරමේ බර අවි යොදවා 572 බළ සේනාවට පහර දුන්හ.
පළමු ප‍්‍රහාරය මැඩ පැවැත්විණි. එහෙත් වරින්වර රැළි ආකාරයෙන් පැමිණි කොටි පැයකට වරක් බැගින් පහර දී තිබිණි.
තීපන් විසින් යාපනය ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට වන්නිය වෙත කැඳවන ලද පළපුරුදු සටන්කරුවෝ කල්විලාන් ප‍්‍රහාරය සඳහා පැමිණ සිටියහ.
තීපන් ගේ සැලසුම වී තිබුණේ කල්විලාන් හමුදා ආරක්ෂක තීරය බිඳ දමා පලි ආරු ගංගාව ඔස්සේ ඒ - 32 මාර්ගය වෙත කඩා වැදීම ය.
පලි ආරුව ඔස්සේ බටහිරට ගමන් කළ විට පුනරින් - මන්නාරම (ඒ – 32) මාර්ගයේ වෙල්ලන්කුලම දකුණට පිවිසිය හැකිය.
ඒ මගින් වෙල්ලන්කුලම පෙදෙසේ සිටින හමුදා එම පිරිස් හුදකලා කළ හැකිවෙයි. මන්නාරම සමඟ වෙල්ලන්කුලමට ඇති සැපයුම් අවහිර කොට 58 සේනාංකයේ ඉහළට පහරදීම තීපන්ගේ සැලසුම වූ බව හමුදා ආරංචි මාර්ගසඳහන් කළේය.
එහෙත් කල්විලාන්හි දරුණු සටනක නිරත වී ආරක්ෂක තීරය රැක ගැනීමට 572 බළ සේනාව සමත් වූහ. ලුතිනන් කර්නල් රංජිත් අබේරත්න අණ දෙන 7 පාබළ, ලුතිනන් කර්නල් ඊප්ෂිත දිසානායක අණ දෙන 8 පාබළ, ලුතින්න කර්නල් ජගත් කොඩිතුවක්කු අණදෙන 10 පාබළ රෙජිමේන්තු සටනට දායක වී තිබිණි.
කල්විලාන් ගැටුමේ දී කොටි සාමාජිකයන් විසිතුනක් මිය ගොස් හැටහතරක් තුවාල ලද බව හමුදාව පවසයි. එහිදී හමුදා සෙබලුන් පස් දෙනකු මියගොස් තවත් විසි දෙකක් තුවාල ලබා තිබිණි.
“ජයසිකුරු මෙහෙයුමේ දී වරින් වර කොටි මේ උපාය භාවිත කළා. හමුදාව ටික දුරක් ඉදිරියට ගමන් කළ පසු අතර මැද සැපයුම් මාර්ගය අවහිර කිරීමත් ඉන්පසු ඉහළ කොටසේ හුදකලා වූ හමුදා භට පිරිස් වෙත පහරදීමත් මගින් එම කාලයේ හමුදාවට සෑහෙන හානි සිදු කිරීමට එල්.ටී.ටී.ඊ.ය සමත් වූවා.
නමුත් මෙවර එම උපක‍්‍රමය සාර්ථක වූයේ නැහැ.” යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා පැවසීය.
“කොටි සාමජිකයන් තිහක් හතළිහක් පමණ යොදවා එල්ල කරන මෙම ප‍්‍රහාර කොටි උපක‍්‍රමයක්. ප‍්‍රහාරය නිසා හමුදාව පසුබැස්සවිට යළිත් එතනට පහර දෙනවා.
අතීතයේ දී කිළිනොච්චිය, පරන්තන්, මාන්කුලම, අලිමංකඩ පවා බිඳ වැටුනේ මෙම උපක‍්‍රමයට නිසි ලෙස මුහුණ නොදීම නිසා” ලුතිනන් ජනරාල් ෆොන්සේකා කී ය.
මල්ලාවි හා තුනුකායි මැදිකරගෙන දෙපසට ඇත්තේ වර්ග කිලෝමීටර් හැත්තෑවක් පමණ වන සම්පූර්ණ විවෘත බිමකි. වැඩි වශයෙන් කුඹුරු යායත් සහ කුඩා පඳුරු සහිත මේ බිම අවසන් වන්නේ කිළිනොච්චිය වනාන්තරයෙනි.
මල්ලාවි හා තුනුකායි වලට දකුණින් පිහිටි විවෘත භූමි කොටසේ වර්ග කිලෝමීටර් 20 ක පමණ භූමියක් දැනටමත් හමුදාව විසින් අත්පත් කර ගෙන තිබේ.
ඒ අනුව මල්ලාවි සහ තුනුකායි නගර දෙක සමග මාර්ගයට උතුරෙන් ඉතිරි බිමද අත්පත් කර ගතහොත් යුද හමුදාව පහසුවෙන් කිළිනොච්චිය වනාන්තරයට ඇතුළු වෙයි.
“අපි වනාන්තරයට ඇතුළු වුවහොත් එතැන් සිට අපට කිළිනොච්චිය වෙත පිවිසීමට හැකි වනවා. වනාන්තරයට ඇතුළු වුණහොත් හමුදාවේ ගමන නතර කළ හැකි තැනක් එල්.ටී.ටී.ඊ. යට හමුවන්නේ කිළිනොච්චිය නගරයේ දී.
මෙ නිසා තුනුකායි සහ මල්ලාවි රැක ගැනීමට කොටි මාරාන්තික සටනක නියැළීම අපේක්ෂා කළ හැකි දෙයක්” 57 සේනාංකාධිපති මේජර් ජනරාල් ජගත් ඩයස් පැවසීය.
සේනාංකාධිපතිවරයා සිටින්නේ යථාර්ථයට ඈතින් නොවන බව සතිය පුරා 57 සේනාංකය වෙත එල්ල වූ ප‍්‍රහාරවලින් පෙනී යයි. ගෙවී ගිය ශනිදා 571 බළසේනාවට අයත් අට දෙනාගේ කණ්ඩායම් දෙකක් තුනුකායි බටහිර දී කොටි මරඋගුලකට හසු වී තිබිණි.
ඔවුන්ගෙන් දොලහක් තුවාල ලැබූහ. තුවාලකරුවන් රැගෙන ඒමට ගිය තවත් අට දෙනාගේ කණ්ඩායමක් දැඩි ප‍්‍රහාරයකට මුහුණ දුන්හ.
තම්පනේ අත්පත් කර ගැනීමට මාස 08 ක් පමණ කළ දරුණු සටනින් පසු 57 සේනාංකය දැන් එවැනිම බාධා සඳහා මුහුණදෙයි. “තම්පනේ ගම තමයි මන්නාරම පාරේ සිට පැමිණෙන විට තිබූ ලොකුම බාධකය.
එය බිඳ දැමූ පසු අපට ගමන අසීරු වූයේ නෑ. තුනුනායි සහ මල්ලාවි එවැනි බාධකයක්. එය බිඳ දැමූ පසු අප කිළිනොච්චිය දක්වා බාධාවක් නැහැ” හමුදාව පවසයි.
කොටි නායක ප‍්‍රභාකරන් වරින්වර පැමිණ නතර වී සිටි ස්ථානයක් ලෙස මල්ලාවි සැලකෙයි. එම නිසා උපක‍්‍රමික අතින් මල්ලාවි රැක ගැනීමේ වැදගත්කම ට අමතරව එය රැක ගැනීම කොටි සංවිධානයේ ගෞරවය පිළිබඳ කරුණකි.
මේ වනවිට 400ක පමණ කොටි සටන්කරුවන් පිරිසක් මල්ලාවි හා තුනුකායි යුද පෙරමුණේ සිටින බවට තොරතුරු හෙළිව තිබේ. බුද්ධි අංශ වාර්තා අනුව මල්ලාවි තුනුකායි පෙරමුණේ සිටි කාන්තා කොටි සාමාජිකාවෝ පවා දැන් ඉවත් කර තිබේ.
මේ අතර වෙල්ලන්කුලම පසුකොට ඉදිරියට යන 58 සේනාංකය නච්චිකුඩා පෙදෙස වෙත කිලෝමීටර් දෙකක් තරම් සමීපව සිටියේය. ලුතිනන් කර්නල් සේනක විජේසූරිය අණදෙන 11 වන පාබළ රෙජිමේන්තුව හා ලුතිනන් කර්නල් කමල් පින්නවල අණ දෙන 06 වන ගැමුණු රෙජිමේන්තු නච්චිකුඩා වෙත සමීප ව සිටිති.
බටහිර වෙරළේ ප‍්‍රබල මුහුදු කොටි කඳවුරක් වන නච්චිකුඩා හමුදාව අතට පත් වූ පසු එල්.ටී.ටී.ඊ.යට පුනරින් වෙත පසු බැසීමට සිදු වෙයි. සටන්බිම ආරංචි මාර්ග අනුව පෙරේදා (09) රාති‍්‍රය වනවිට නච්චිකුඩා අතහැර කොටි සාමාජිකයන් උතුරට පළා යමින් තිබිණි. “වරින්වර බෝට්ටු පැමිණෙන ශබ්දය ඇසෙනවා.
දැනගැනීමට ඇති ලෙස පළායාම තමයි කොටි සැලසුම. අපි පාරෙන් නැගෙනහිර ගමන්කොට නච්චිකුඩාවලට උතුරෙන් මාර්ගය අවහිර කළහොත් කොටුවන බව කොටි දන්නවා. ඒ නිසා මේ මොහොතේ හොඳම විකල්පය පළා යාම බව කොටි සිතනවා ඇති” සටන් බිම ආරංචි මාර්ග සඳහන් කළේය.
සිකුරාදා (09) රාතී‍්‍ර මුහුදු මගින් පැමිණ ඉලුප්පාකඩවෙලි වෙත ගොඩ බැස කොටි සාමාජිකයන් දෙදෙනකු මරා දැමීමට 10 වන සන්නාන සන්නද්ධ බළකා සෙබළු සමත් ව තිබිණි.
තෙප්පමක නැගී මුහුදින් දකුණට ගමන් කළ මේ දෙදෙනා ඉලුප්පකඩවේලි මුහුදින් ගොඩ බැස හමුදා පාලන පෙදෙසට රිංගීමට උත්සාහ ගැනීම සමඟ සෙබළු ප‍්‍රහාරය එල්ල කර තිබිණි.
කිලෝ 10 ක් බරැති ක්ලේමොවක්, ටී – පනස්හය ගිනි අවි දෙකක්, ජී.පී.එස්.යන්ත‍්‍රයක්, පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් ඔවුන් සතුව තිබී හමු වී තිබිණි.
“හමුදා පාලන පෙදෙස තුළ රැඳී සිට ඔත්තු බැලී ම, කාලතුවක්කු ප‍්‍රහාර සඳහා ඉලක්ක ලබා දීම, ක්ලේමෝව මාර්ගයේ රඳවා හමුදා රථයක් පුපුරුවා හැරීම වැනි කාර්යන් ඉටු කිරීම සඳහා මොවුන් පැමිණි බව විශ්වාස කරනවා.
නමුත් හමුදාව යොදවා තිබූ ආරක්ෂක වැඩ පිළිවෙළ නිසා ඔවුන් කොටු වූවා” 58 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වා කීය.
නච්චාකුඩා අත්පත් කරගත් පසු එතන සිට පුනරින් දක්වා ඇත්තේ තනි විවෘත බිමකි. එහෙයින් ඉදිරියට එන හමුදා භට පිරිස් ඈත සිට නිරීක්ෂණය කළ හැකිවීමේ වාසිය කොටින් ලබති.
පුනරින් අත්පත් කර ගැනීම හා කිළිනොච්චිය වෙත හමුදාව පිවිසීම එල්.ටී.ටී.ඊ. යේ ආපසු ගමනක ඇරැඹුමය. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. ය උපරිමය යොදා මාරාන්තික සටනකට සැරසෙන බව පෙර ලකුණු පෙන්වා දෙයි. එළඹෙන කාලය වන්නියේ අහස පුරා ගිනිදැල් නැංවෙන කාලයයි.
ප‍්‍රසන්න ෆොන්සෙකාජායාරුප- රුක්මල් ගමගේ

No comments: