Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

ශී‍්‍ර ලංකාව 396යි සංගක්කාරගෙන් අනගි ඉනිමක්

සම්පත් බණ්ඩාර
ශී‍්‍ර ලංකාවත් ඉන්දියාවත් අතර වනාතමුල්ල පී. සරවනමුත්තු කී‍්‍රඩාංගනයේ දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (10) තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 161 ක් ලබා සිටියේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රාහුල් ඩ‍්‍රාපීඩ් පන්දු 46 කදී නොදැවී ලකුණු 46 ක් ලබා සිටියේය.
ලක්‍ෂ්මන් (නොදැවී 17 යි) අතර විරේන්ද්‍ර ෂෙවන් පන්දු 29 කදී හතරේ පහර 7 ක් සමඟ ලකුණු 34 ක්ද, ගෞතම් ගම්භීර් හතරේ පහර 3 ක් සමඟ ලකුණු 26 ක් ද ලබා ගත්තේය.
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් නිසා මේ තරගයේ වැඩි වාසි දැනටමත් ශී‍්‍ර ලංකා පිලට හිමිවී ඇත.
සංගක්කාර 144යි.
ඊයේ දිනයේ ධම්මික ප‍්‍රසාද් හා අජන්තා මෙන්ඩිස් කඩුලු දෙක බැගින් දවාලීමට සමත් වූ අතර මුත්තයියා මුරලිදරන් එක් කඩුල්ලක් ලබා ගත්තේය.
ශී‍්‍ර ලංකාවේදී බ‍්‍රයන් ලාරාගේ ලෝක වාර්තාව බිඳ හොලීමට තිබූ අවස්ථාව සචින් තෙන්ඩුල්කාර් අහිමි කර ගත්තේය.
ඔහු අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරීමේ වරදට හසුව ලකුණු 140ට දැවී ගියේය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී කුමාර් සංගක්කාර රැස්කළ මනරම් ලකුණු 144ත් සමඟ සියලු දෙනා දැවී ලකුණු 396ක් රැස් කළේ ඉන්දීය පිලට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිටිමිණි.
ශ‍්‍රී ලංකා ඉනිමේ වඩාත් කැපී පෙනෙන සිද්ධිය වූයේ කුමාර් සංගක්කාර හතරේ පහර 14ක් සමඟ ඉවසිලිවන්ත ඉනිමක නිරත වෙමින් සිය 17වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමයි.
මේ අනගි ඉනිමේදී ඔහු පන්දු 288කට මුහුණ දෙමින් මිනිත්තු 424ක දීර්ඝ කාලයක් කඩුල්ලේ රැඳී සිටියේ ය.
සංගක්කාරගේ මේ උත්සහවන්ත ඉනිම නොවන්නට මේ තරගයේත් වැඩි වාසිය පළමු ඉනිමේදීම ඉන්දීය පිල සතුවීමට බෙහෙවින් ඉඩ කඩ තිබිණි.
සංගක්කාර සිය පිති ප‍්‍රහාරය දියත් කළේ දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් වේගවත් පහර කරා අවතීර්ණ වෙමිණි. පන්දු 288කදීම ඔහු වෙතින් එල්ලවූයේ හතරේ පහර 14ක් පමණි.
සංගක්කාරගේ ඉනිම නිමාව දුටුවේ අනිල් කුම්බ්ලේගේ පන්දුවකට කඩුලු රකින පාර්තිවු පටෙල් අටත උඩ පන්දුවක් ලබාදීමෙනි.
(පෙරේදා 9) දිනය නිමාවන විට නොදැවී ලකුණු 107 ක් රැස් කරමින් පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී සිය 17වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ සංගක්කාර ශතකය කරා ළඟාවූයේ පන්දු 212 කිණි.
කඩුලු රකින ප‍්‍රසන්න ජයවර්ධන පන්දු 116කදී හතරේ පහර 5 ක් සමඟ ලකුණු 49ක් රැස් කළේය. පෙරේදා (09) දිනයේ ‘නයිට් වොච්මන්’ ලෙසින් පිටියට පිවිසී චමින්ද වාස් පන්දු 111 කදී හතරේ පහර 9ක් සමග ලකුණු 47ක් රැස් කළේය.
තිලාන් සමරවීර රැස් කළ ලකුණු සංඛ්‍යාව 35කි. හතරේ පහර 3 ක් එල්ලකළ අතර පන්දු 84කට මුහුණ දුන්නේය.
තවත් විශේෂ සිද්ධියක් වූයේ පන්දු යැවීමේදී කඩුලු 3 ක් බිඳ හෙලූ ධම්මික ප‍්‍රසාද් හතරේ පහර 5 ක් සමඟ පන්දු 56කදී ලකුණු 36ක් රැස් කිරීමයි.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 23ක් රැස් කළ අතර අජන්ත මෙන්ඩිස් හතරේ පහර දෙකක් සමග ලකුණු 17 ක් රැස් කළේය.
සහීර් ඛාන්, හර්බාජන් සිං හා අනිල් කුම්බ්ලේ කඩුලු තුන බැඟින් දවාලීමට සමත්වූ අතර ඊෂාන්ට් ෂර්මාට හිමි වූයේ එක් කඩුල්ලකි.
ලකුණු පුවරුව
ඉන්දියාව (පළමු ඉනිම) 249ශී‍්‍ර ලංකාව (පළමු ඉනිම)
මයිකල් වැන්ඩොර්ට්
(කඩුල්ල මුවා කළා) බෝ. කුම්බ්ලේ
47
මලින්ද වර්ණපුර
බෝ. ෂර්මා
08
චමින්ද වාස්
ඇ. ෂෙවග් බෝ. සිං
47
කුමාර් සංගක්කාර
ඇ. පටෙල් බෝ. කුම්බ්ලේ
144
මහේල ජයවර්ධන
(කඩුල්ල මුවා කළා) බෝ. සිං
02
තිලාන් සමරවීර
ඇ. පටෙල් බෝ. කාන්
35
ටී. එම්. ඩිල්ෂාන්
(කඩුල්ල මුවා කළා) බෝ. කුම්බ්ලේ
23
ප‍්‍රසන්න ජයවර්ධන
ඇ. හර්බජාන් බෝ කාන්
49
ධම්මික ප‍්‍රසාන්
ස්ටම්ප් පටෙල් බෝ. සිං
36
අජන්ත මෙන්ඩිස්
(කඩුල්ල මුවා කළා) බෝ. කුම්බ්ලේ
17
මුත්තයියා මුරලිදරන්
(නොදැවී)
00

අතිරේක
21

එකතුව
396
කඩුලු බිඳ වැටීම : 1- 14, 2- 42, 3- 137, 4- 141, 5- 201, 6- 244, 7- 324, 8- 367, 9- 396
පන්දු යැවීම : ඛාන් 32- 5- 105- 3, ෂර්මා 15.3- 3- 33- 1, සිං 40.3- 8- 104- - 3, කුම්බ්ලේ 41.2, 4- 123, 3, ෂෙවග් 2- 0- 2- 0, ගන්ගුලි 3- 0- 11- 0
ඉන්දියාව (දෙවැනි ඉනිම)
ගෞතම් ගම්භීර්
බෝ. ප‍්‍රසාද්
26
විරේන්ද්‍ර ෂෙවග්
ඇ. සමරවීර බෝ. ප‍්‍රසාද්
34
රාහුල් ඩ‍්‍රාවිඩ්
(නොදැවී)
46
සව්රවි ගන්ගුලි
(කඩුල්ල මුවා කළා) බෝ. මුරලිදරන්
18
පාර්තිව් පටෙල්
(කඩුල්ල මුවා කළා) බෝ. මෙන්ඩිස්
01
සචින් තෙන්ඩුල්කාර්
(කඩුල්ල මුවා කළා) බෝ. මෙන්ඩිස්
14
වී.වී. එස්. ලක්ෂ්මන්
(නොදැවී)
17

අතිරේක
05
එකතුව
(ඕවර 45 කදී කඩුලු 5 ක් දැවී)
161
කඩුලු බිඳ වැටීම : 1-62, 2-65, 3-108, 4-109, 5-131
පන්දු යැවීම : චමින්ද වාස් 3-0-18-0, ධම්මික ප‍්‍රසාද් 8–0-46- 2, මුරලිදරන් 16-0-56-1, මෙන්ඩිස් 18-5-39-2

No comments: