Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

පොහොර සහනාධාරයට අතිරේක මුදල් හෙට සම්මත කරනවාට එජාපය විරුද්ධයි

ගොවීනට පොහොර සහනාධාරය දිගටම ලබාදීමට ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ පරිපුරක ඇස්තමේන්තු යෝජනාව හෙට (7) සම්මත කර ගැනීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඊයේ දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරවරුවේ රැස් වූ පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සහභාගි වූ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පරිපූරක ඇස්තමේන්තුව හෙට සම්මත කරගැනීම අතවශ්‍ය බව පෙන්වා දුන්නේය.
එහෙත් එජාපය වෙනුවෙන් සහභාගි වූ රවී කරුණානායක සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මන්තී‍්‍රවරු එහිදී දැඩි විරෝධය පළ කළහ.
ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් රුපියල් එක්දහස් එකසිය අසූපන්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් සඳහා මෙම පරිපුරක යෝජනාව ඉදිරිපත් කර තිබේ.
හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා හෙට (7) එම යෝජනාව සම්මත කර ගැනීමට ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන් එජාපයේ දැඩි විරෝධතා ගැන දිගින් දිගටම කරුණු ඉදිරිපත් කැර තිබේ.
කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පෙරවරු 11 ට රැස් වූ පක්ෂ නායක රැස්වීමට ඇමැති මනෝ විජේරත්න, මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ, අනුර දිසානායක, රවුෆ් හකීම්, මහත්වරු සහ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝද සහභාගි වුහ.
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබාදීමට අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් දිගින් දිගටම කරුණු දැක් වූ අතරතුර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා රැස්වීමෙන් පිට වී ගොස් තිබේ.

No comments: