Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 8, 2008

සටන් විරාම - සාම කතා හෝ වෙනත් බාධක හමුවේ මුලතිව් සහ කිලිනොච්චිය මුදා ගැනීම නතර කරන්නේ නෑ - රණ විරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ බව කෙහෙළිය කියයි

විජයානි එදිරිසිංහ සහ චන්ද්‍රිකා පෙරේරා
ති‍්‍රවිධ හමුදාව කිලිනොච්චි සහ මුලතිව් ප‍්‍රදේශ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් ඇප කැප වෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එසේ ආරම්භ කර ඇති මෙහෙයුම ප‍්‍රභාකරන්ගේ සටන් විරාම, සාම සාකච්ඡා හෝ වෙනත් කිසිම බාධකයක් හමුවේ නතර නොකරන බවද ඒ මහතා කීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එම කරුණු හෙළිදරව් කෙළේය.
රටේ නායකයා සහ සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි අධිෂ්ඨාන ශක්තියකින් උතුරේ ජනතාව ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට පියවර ගෙන ඇත. එතුමාගේ එම අධිෂ්ඨානයට ආරක්ෂක ලේකම්වරයාත් යුද, ගුවන්, නාවික ඇතුළු හමුදාපතිවරුද වීරෝදාර රණවිරුවෝද දැඩි ආත්ම ශක්තියකින් යුතුව සහයෝගය ලබාදෙන බව රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.
මුලතිව් සහ කිලිනොච්චි බේරා ගැනීමට එම දිස්ති‍්‍රක්කවලට ඇතුළු වී සිටින ආරක්ෂක අංශවල චිත්ත ධෛර්යය ඉතා ඉහළ මට්ටමක පවතී. රජයක් වශයෙන් ප‍්‍රකාශ කළහොත් උතුරේ සිදු කෙරෙන්නේ යුද්ධයක් නොවේ. මානුෂික මෙහෙයුමකි.
නැගෙනහිර මෙන්ම උතුරේ ජනතාව ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේරා ගැනීමේ සද්කි‍්‍රයාව දැන් සිදුවෙමින් පවතින බවද ඇමැතිවරයා කීය.
මන්නාරම වෙඩිතලතිව් ප‍්‍රදේශයෙන් පසු ආරක්ෂක හමුදාවලට මුලතිව් කිලිනොච්චිවලට යා නොහැකි බව ඇතැම්හු පැවසූහ. එහෙත් ආරක්ෂක හමුදා එම දිස්ති‍්‍රක්කවලට ඇතුළු වී තම මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදුකරන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

No comments: