Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, August 5, 2008

යුද්ධය නිවැරැදිව මෙහෙයවන එකම නායකයා ජනපති මහින්ද - -දොස්තර ගුණදාස අමරසේකර

නුවන් කොඩිකාර
මෙරට යුද ඉතිහාසයේ සාර්ථක ලෙසම යුද්ධය මෙහෙය වු එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි. මේ වනවිට යුද්ධයේ ජයග‍්‍රහණ 75% ක්ම ලබාගැනීමට හැකිවූයේ එතුමන්ගේ නිවැරැදි නායකත්වය නිසා යයිද ඔහු කියයි.
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය ඊයේ (04) කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ පුවත්පත් සාකච්ඡාවේදී සභාපතිවරයා එසේ සඳහන් කළේය. 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කරන ලෙස යම් යම් කණ්ඩායම් ඉල්ලා සිටීමෙන් යුද්ධය නතර කිරීමට උත්සහ දරන බව පැවැසු සභාපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා එසේ නොකරනු ඇතැයි දේශහිතෛෂි පිරිස් විශ්වාසයෙන් සිටින බවද හෙතෙම පැවැසීය.
ජනතාව වර්තමාන නායකත්වය බලයට ගෙන ආවේ චන්ද්‍රිකාගේ හෝ රනිල් වික‍්‍රමසිංහගේ හෝ වැඩපිළිවෙළ ගෙන යාමට නොවන බවද හෙතෙම කියා සිටියේය.

No comments: