Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, August 5, 2008

සිංගප්පූරු විවෘත මලල කී‍්‍රඩා සූරතාවලිය- ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් 4යි රිදී 2යි: ලෝකඩ 1යි කිංස්ලි ගුණතිලකගෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක්

ප‍්‍රින්ස් ගුණසේකර

මීටර් 100 රන් පදක්කම හා දුර පැනීමේ රිදී පදක්කම දිනාගත් එන්. සී. ඩි. ප‍්‍රියදර්ශනී
සිංගප්පූරුවේ දී නිමාව දුටු 70 වැනි සිංගප්පූරු විවෘත මලල කී‍්‍රඩා සූරතාවලියේ දී ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් හිමිවිය. දින දෙකක් පුරා පැවැති මෙම තරගාවලියේ දී ශ‍්‍රී ලංකාවට මීටර් 100 (කාන්තා), මීටර් 1500 (පිරිමි) මීටර් 500 (පිරිමි) හා හෙල්ල විසිකිරීම (පිරිමි) යන ඉසව්වලින් රන් පදක්කම් හිමි විය. රිදී පදක්කම් දෙක තුන්පිම්ම (පිරිමි) හා දුර පැනීම (කාන්තා) යන ඉසව්වලින් හිමි වූ අතර ලෝකඩ පදක්කම දුර පැනීම (පිරිමි) ඉසව්වෙන් හිමි විය.
මීටර් 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම තත්පර 11.92කින් නිමකර දිනාගත් එන්. සී. ඩි. ප‍්‍රියදර්ශනී දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීම විශේෂත්වයකි. ඇය විසින් මීටර් 6.14 ක දක්‍ෂතාවයක් වාර්තාකර රිදී පදක්කමට හිමිකම් කීවාය. පසුගිය මාසයේ කොළඹ දී නිමා වූ ජාතික මලල කී‍්‍රඩා තරගාවලියේ දී ද මීටර් 100 රන් පදක්කම දිනා ගනිමින් තහනම් උත්තේජක චෝදනාවට ලක් ව සිටින පෙ‍්‍රමිලා ප‍්‍රියදර්ශනී පරාජයට පත් කළාය.
හෙල්ල විසිකිරීම (පිරිමි) ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වූ කිංස්ලි ගුණතිලක මීටර් 74.85 ක දක්‍ෂතාවක් පෙන්වමින් රන් පදක්කම දිනා ගත්තේය. කිංස්ලි ගුණතිලක විසින් බිහිකළ ශ‍්‍රී ලංකා වාර්තාව 2003 වසරේ ඒ. පී. බී. නිශාන්ත විසින් මීටර් 74.27 කින් පිහිටුවා තිබුණි. මීටර් 1500 හා මීටර් 5000 ඉසව් දෙකෙන් ම රන් පදක්කම් දිනාගැනීමට චමින්ද විජේකෝන් සමත්විය. චමින්ද විජේකෝන් මීටර් 1500 ඉසව්ව විනාඩි 3 : 53 . 73 කින් ද මීටර් 5000 ඉසව්ව විනාඩි 14 : 58 . 04 කින් ද නිම කළේය.
තුන්පිම්ම (පිරිමි) ඉසව්ව මීටර් 15 . 46 කින් නිම කළ එම්. ජී. චාමර නුවන් රිදී පදක්කම දිනාගත් අතර දුර පැනීම (පිරිමි) ඉසව්ව මීටර් 7 . 23 කින් නිම කළ චාමර මධුෂාන් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.
ශ‍්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්‍ෂතා මෙසේය
මීටර් 100 (කාන්තා) :- 1. එන්. සී. ඩී. ප‍්‍රියදර්ශනී තත්. 11 . 92 (ශ‍්‍රී ලංකාව) 2. යෂූකූ කිරිටා තත් 12 . 33 (ජපානය), 3. සී. මින් චෝ තත්. 12 . 35 (තායිවානය)
මීටර් 1500 (පිරිමි) :- 1. චමින්ද විජේකෝන් 3 : 53 . 73 (ශ‍්‍රී ලංකාව) 2. මොහොමඩ් ෂා ෆාරුස් වි. 4 : 12 . 92 (තායිවානය) 3. අනන්ත රාජ් වි. 4 : 25 . 86 (සිංගප්පූරුව)
හෙල්ල විසිකිරීම (පිරිමි) 1. කිංස්ලි ගුණතිලක මී. 74 . 85 (ශ‍්‍රී ලංකාව) 2. මිංග් කුවින්ග් මි. 71 . 12 (චීනය) 3. කසුකි යමම්ටෝ මි. 68 . 01 (ජපානය)
මීටර් 5000 (පිරිමි) 1. චමින්ද විජේකෝන් වි. 14 : 58 . 04 (ශ‍්‍රී ලංකාව) 2. දර්ශනාත් ජයරාමන් වි. 16 : 21 . 89 (සිංගප්පූරුව) 3. ආරොන් මෙන්ග් වි. 17 : 07 . 11 (සිංගප්පූරු වි. වි.)
දුර පැනීම (කාන්තා) 1. සචිකෝ මුෂිමී මි. 6 . 27 (ජපානය) 2. එන්. සී. ඩී. ප‍්‍රියදර්ශනී මි. 6 . 14 (ශ‍්‍රී ලංකාව) 3. කිට් වොන්ග් මි. 5 . 69 (වින්ග්ස් ම. කී‍්‍රඩා ස.)
තුන්පිම්ම (පිරිමි) 1. ජායි යින්ග්ලී මී 16 . 15 (චීනය) 2. නුවන් චාමර මි. 15 . 46 (ශ‍්‍රී ලංකාව) 3. වෝන් කුවන්ග් සී මි. 14 . 98 (මැකාවෝ)
දුර පැනීම (පිරිමි) 1. යෂනෝරී යමගුචී මි. 7. 76 (ජපානය) 2. යොන්ග් ෆෙන් වෙන්ග් මි. 7 . 73 (චීනය) 3. චාමර මධුෂාන් මි. 7 . 23 (ශ‍්‍රී ලංකාව

No comments: