Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 8, 2008

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුව ලසිත් මාලිංගට කොන්ත‍්‍රාත්තුවක් නෑ ජයසූරිය–වාස්ට විශිෂ්ට දක්ෂතා දීමනා නෑ

2008/2009 වසර සඳහා වන ශී‍්‍ර ලංකා කි‍්‍රකටි කණ්ඩායමේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ඇතුළත් කර නැතැයි දැනගන්නට තිබේ.
කොන්ත‍්‍රාත්තුවේ 1 වැනි අංශයට මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුළත්ව සිටින අතර මේ කී‍්‍රඩකයන් පස්දෙනාට ඇමරිකානු ඩොලර් 100000 බැගින් හිමිවේ.
මීට අමතරව මුරලිදරන්, මහේල හා සංගක්කාර හට විශිෂ්ඨ දස්කම් වෙනුවෙන් ඩොලර් 25000 බැගින් අමතර මුදලක් එක් කොට ඇති අතර ජයසූරියට හා වාස් හට ඔවුන්ගේ විශිෂ්ඨ දක්ෂතා සඳහා එම මුදල ලබාදී නැත.
කොන්ත‍්‍රාත්තුවේ 2 වැනි අංශයට කිසිම කී‍්‍රඩකයකු ඇතුළත් කර නැති අතර 3 වැනි අංශයට ඇතුළත් කර තිබෙන තිලාන් සමරවීර හා තිලකරත්න ඩිල්ෂාන් හට ඇමරිකානු ඩොලර් 60000 බැගින් හිමිවේ. 4 වැනි අංශයට ඇතුළත්ව සිටින උපුල් තරංග, දිල්හාර ප‍්‍රනාන්දු, ප‍්‍රසන්න ජයවර්ධන, ෆර්වීස් මහරූෆ්, චාමර සිල්වා, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, මයිකල් වැන්ඩොට්, මාලිංග බණ්ඩාර හා රංගන හේරත්ට ඩොලර් 45000 බැගින්ද, 5 වැනි අංශයේ ඉෂාර අමරසිංහ, ජෙහාන් මුබාරක් හා මලින්ද වර්ණපුරට ඩොලර් 30000 බැගින්ද හිමිවේ.

No comments: