Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 7, 2008

ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෝ බීජිං පරිසරයට හුරුවෙති


බීජිං ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය සඳුදා මෙහි පැමිණි අතර දැන් ඔවුන් හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවය උදාවන තෙක් මහත් උනන්දුවෙන් පසුවෙති.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඇතුළු මෙම කී‍්‍රඩා උළෙලට සහභාගි වන බොහෝ රටවල නායකයින් දෙපැයක් පුරා පැවැත්වෙන සමාරම්භක උත්සවයට අති විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වනු ඇත.
ඊයේ සවස මෙහි පැමිණීමට නියමිතව සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කී‍්‍රඩා ගම්මානයේදී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මුණගැසීමට නියමිතව තිබිණි. ජනාධිපතිතුමාගේ මේ ගමනට කී‍්‍රඩා ඇමැති ගාමිණී ලොකුගේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරු ද එක් වෙති.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායිකා සුසන්තිකා ජයසිංහ හැරෙන්නට බීජිං ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරන සෙසු සියලුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ දැන් කී‍්‍රඩා ගම්මානයට ඇතුළත්ව සිටිති.
පිහිනුම් කී‍්‍රඩිකා මයුමි රහීම් කෙලින්ම සිංගප්පූරුවේ සිට මෙහි පැමිණි අතර සුසන්තිකා ජයසිංහ බ‍්‍රහස්පතින්දා (අද) මෙහි පැමිණීමට නියමිතය. ඇය මේ වසර මුල සිටදීම ඇමරිකාවේ පුහුණුව ලබමින් සිටි අතර කෙලින්ම ලොස් ඇන්ජලීස් හි සිට මෙහි පැමිණෙනු ඇත.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ක‍්‍රම ක‍්‍රමයෙන් මෙහි පරිසරයට හුරු වෙමින් සිටින බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා වන ඩයන් ගෝමස් මහතා පැවසීය.
මයුමි රහීම් ඇගේ පුහුණුවීම් දැනටමත් ආරම්භ කොට තිබේ. බොක්සිං කී‍්‍රඩක අනුරුද්ධ රත්නායක විදෙස් පුහුණුවීම් ගනණාවකින් හා තරග අත්දැකීම්වලින් පසුව දැන් හොඳ සූදානමක සිටී.
ඔහුගේ මූලික ඉලක්කය වී ඇත්තේ අවසන් හතර දෙනා අතරට පිවිසීමය. ප‍්‍රධාන ජාත්‍යන්තර තරග කිහිපයකදීම ඔහු අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වී තිබේ.
හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවය රාතී‍්‍ර 8.00 ට (ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 5.30ට) ආරම්භ වන අතර එය පැය තුනහමාරක් පමණ පැවැත්වෙනු ඇත.
සමාරම්භක උත්සවයේ ප‍්‍රධානතම අංගය වන කලාත්මක රංගනය පැයක කාලයක් පැවැත්වෙන අතර එය චීනයේ ආදි යුගය හා නවීන යුගය ඉස්මතු කෙරෙන අංශ දෙකකට බෙදා තිබේ.
චීන ජනාධිපති හූ ජින්ටාඕ ඔලිම්පික් උළෙල නිල වශයෙන් විවෘත කරනු ඇති අතර කී‍්‍රඩක ආචාර පෙළපාළිය පැය දෙකක් තිස්සේ පැවැත්වෙනු ඇත.
රටවල් 205ක නියෝජිතයෝ මීට සහභාගි වනු ඇත.
මේ අතර ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවසන් අදියර බීජිංහිදී ඊයේ උදේ ආරම්භ විය.
මෙම ගිනිසිළුව ඔලිම්පික් සත්කාරක නගරයේ දින තුනක් රැගෙන යනු ඇති අතර 841 දෙනකුට ගිනිසිළුව මාරු වනු ඇත.
දින 129ක් පුරා මහාද්වීප හයක් හරහා කිලෝමීටර 137,000ක දුරක් රැගෙන ආ මෙම ගිනිසිළුව 1936 වසරේ බර්ලින් ඔලිම්පික් උළෙලේදී මේ සම්ප‍්‍රදාය ආරම්භ වූ තැන් පටන් මේ දක්වා වැඩිම දුරක් ගිය ඔලිම්පික් ගිනිසිළුව වෙයි.

No comments: