Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ හමුදා ජයග‍්‍රහණ දැන් අවසන් අදියරේ - ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන

ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කැරලීම පොලීසිය ඇතුළු ති‍්‍රවිධ හමුදාව සාර්ථකව සිදු කැර ගෙන යමින් ජයග‍්‍රහණයේ අවසන් අදියරට පැමිණ ඇතැයි ද ඊට නායකත්වය දෙන ජනාධිපතිතුමා ඇතුළු රජයට ලබාදෙන අතිවිශිෂ්ට මහජන වරමක් ලෙස මෙවර උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලවලින් නිකුත් වෙන්නේ යැයිද ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ පළාත් සභා මැතිවරණ පිළිබඳව ‘දිනමිණ’ සිදු කළ විමසුමකදීය.
පළාත් සභා මැතිවරණ සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සම්පූර්ණ සහයෝගය ජනාධිපතිතුමා ඇතුළු රජයට ලබාදෙන බවද අමාත්‍යවරයා පවසයි.
කෑගල්ල දිස්ති‍්‍රක්කයේ දැදිගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන මැතිවරණ සම්බන්ධීකාරකයා ලෙස ඇමැති ලක්ෂ්මන් යාපා මහතා කටයුතු කරයි.
මෙකී මැතිවරණය ජයග‍්‍රහණය කැරවීම සඳහා එහි ගොස් නැවැතී මැතිවරණ කටයුතු මෙහෙයවන බව කී අමාත්‍යවරයා දැදිගම මැතිවරණ කොට්ඨාසය මීට ඉහත මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණ කර ඇත්තේ ඉතා සුළු ප‍්‍රතිශතයකින් වුවත් ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙනයන සටන මෙන්ම වර්තමාන රජයේ ජාතික සවිය, ගම නැගුම, වැනි වැඩසටහන්වලින් සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන කි‍්‍රයාදාමයන් තුළින් විශිෂ්ට ජයක් ලබන බව පැවසීය.
ලලිත් නානායක්කාර

No comments: