Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

නාවික හමුදාව ඉරණතිව් දූපතේදී කොටි බෝට්ටුවක් විනාශ කරයි

ත‍්‍රස්තයන් 4ක් මරුට
මහින්ද කුලතුංග
මන්නාරම් දිස්ති‍්‍රක්කයේ උතුරු දෙසින් මුහුදේ “ඉරණතිව්” දූපතේ පිහිටි කොටි ත‍්‍රස්තවාදීන්ගේ තාවකාලික කඳවුරකට පෙරේදා (02) සවස පහරදුන් නාවික හමුදා යාත‍්‍රා මගින් ත‍්‍රස්තවාදීන් සිවු දෛනකු මරා දමා කොටි බෝට්ටුවක් ද විනාශකර තවත් කොටි බෝට්ටු 2 ක් අල්ලාගෙන තිබේ.
මෙම ප‍්‍රහාරයේදී තවත් අතරමැදි කඳවුරකටද පහරදී විනාශකර දමා ඇත. මෙයට සමගාමීව නාච්චිකුඩා මුහුදු වෙරළට ආසන්නයේ ගමන් කරමින් තිබූ කොටි බෝට්ටු කීපයකටද පහරදීමෙන් එම එක් යාත‍්‍රාවකට බරපතළ හානි සිදුවී ඇත.
නාවික හමුදාවේ විශේෂ යාත‍්‍රා බළඝනය සහ ක්ෂණික විහිදුම් යාත‍්‍රා බළඝනයේ යාත‍්‍රා මගින් පෙරේදා සවස 3.00ට පමණ මෙම ප‍්‍රහාරය සිදුකර ඇති බවත් මෙහිදී නාවික හමුදාවේ කිසිවකුටත් හානි සිදු නොවූ බවත් නාවික හමුදා නිලධරයකු දිනමිණට කීය.
මෙම ගැටුම සවස 6.00 පමණ වනතුරු පැවැති බවත් හෙතෙම සඳහන් කෙළේය.
රනතිව් දූපත නච්චිකුඩා ප‍්‍රදේශයට සමීපයෙන් වෙඩිතලතිව් ප‍්‍රදේශයට වයඹින් පිහිටා ඇති අතර, මෙම දූපතේ සාමාන්‍ය වැසියන් නොමැති බවත් කොටි ත‍්‍රස්තවාදීන් තම සහායක කටයුතු සඳහා එය යොදාගෙන එහි සිට ඉන්දීය ටෙ‍්‍ර¤ලර් යාත‍්‍රාවලට ගොඩවන බවට තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.
වසර ගණනාවකින් නාවික හමුදාව ඉරණතිව් දූපතට පහර දී නැති බවත් එම නිලධරයා වැඩිදුරටත් කීය.

No comments: