Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

සුදු වෑන් උවදුර කරළියට රනිල්ගේ හා අකිල විරාජ්ගේ ආරක්ෂකයෝ 2ක් කොටු

දෙහිවල හෝටලයක් තුළදී කලහකාරී අයුරින් හැසිරුණ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ ආරක්ෂකයන් දෙදෙනෙකු පෙරේදා (01) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සුදු වෑන් රථයකින් පැමිණ ඇති මොවුන් දෙදෙනා ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත කි‍්‍රයාකරන බවත්, අවශ්‍ය විටෙක පුද්ගලයන් බලෙන් රැගෙන යාමට කටයුතු කරන බවත් පවසමින් අසල සිටියවුන් බියවද්දා ඇත.
මොවුන් පිළිබඳ ප‍්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකින් අනතුරුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු වන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා කුරුණෑගල එ.ජා.ප. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂකයින් බව ප‍්‍රකාශ කැර ඇත.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැර තිබේ.
මොවුන් පසුගිය දිනවල සිදුවූ පුද්ගල පැහැර ගැනීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන අතර රජය අපහසුතාවයට පත්කිරීම සඳහා මෙවැනි කි‍්‍රයාවල යෙදුනේද යන්න සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

No comments: