Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

උසස් පෙළ ඇගයීමේ ප‍්‍රථම අදියර 20දා

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීමේ පළමු වැනි අදියර ලබන 20 වැනිදා පරීක්ෂකවරුන් 12,000 ක් යොදවා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කීවේය.
උත්තර පත‍්‍ර පරීක්ෂකවරුන්ගේ සංචිතයේ 20000 ක් සිටින බවත් ඔවුන් අදියරෙන් අදියර ඇගයීම් සඳහා යොදා ගන්නා බවත් ඒ හැම දෙනාට ම පත්වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ කළ බවත් ඒ මහතා කීය.
උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම සඳහා ගන්නා වූ කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාට වාර්තා කළ බව ද විභාග කොමසාරිස් ජනරාල් වරයා දිනමිණ ට ඊයේ (12) පැවසීය.
සංචිතයේ සිටින පරීක්ෂකවරුන් ගේ තොරතුරු සෑම වසරකම යාවත්කාලීන කරනවා හැර උත්තර පත‍්‍ර ඇගයීම වෙනුවෙන් අලුතින් අයදුම් පත් බාර ගැනීමේ ක‍්‍රමයක් නැතැයි ද එසේ තොරතුරු සැපයූ අය මේ සඳහා යොදා ගැනෙන්නේ යැයිද හෙතෙම කීවේය.
උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා සහභාගී නොවන බව සංචිත ගත කිසිවෙක් දන්වා නැතැයි පැවසූ කොමසාරිස් ජනරාල් වරයා හේතු සහගතව දැන්වීමක් කළේ නම් ඒ ගැන සලකා බලන්නට තිබූ නමුත් නොදැන්වීමෙන් පෙනී යන්නේ හැම දෙනාම ඇගයීම් වලට සහභාගි වන බව යැයිද කීවේය.

No comments: