Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

අපේ මැතිසබය දැක රාජ්‍ය නායකයන් මවිත වුණා - කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
අපේ පාර්ලිමේන්තුවේ ස්වභාවය ගැන දුටු විදේශීය රාජ්‍ය නායකයන් පුදුමයට පත් වූ බව කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප‍්‍රකාශ කෙළේය.
සාර්ක් සමුළුවට සහභාගිවීමට මෙරටට පැමිණි විදේශීය රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී අපේ පාර්ලිමේන්තුවේ සුන්දරත්වය දැක මවිතයට පත් වූ බව පැවසූ කථානායකවරයා, පාර්ලිමේන්තු සභා ගැබ තුළ හා ඉන් පිටත එම නායකයන් බොහෝ වේලාවක් රැඳී සිටි බව ද කීවේය. මෙවැනි උත්තරීතර ආයතනයක් අප විසින් රැකගත යුතු බව ද කථානායකවරයා කීය.
සාර්ක් රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවට පැමිණියේ ඉරිදා දිනයකදී වුවද එදින සියලු සේවකයන් පැමිණ පාර්ලිිමේන්තුවේ කටයුතුවලට දැක්වූ දායකත්වය අගය කළ කතානායකවරයා ඔවුන්ට ස්තුති කෙළේය.
ඉන්දීය ආරක්‍ෂක උපදේශකවරයා කිසිදු ආරක්‍ෂකයකු නොමැතිව නවාතැන් ගෙන සිටි හෝටලයට යෑමත් ඔහුට කිසිදු අනතුරකට මුහුණ පෑමට සිදු නොවීමත් මෙරට ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක් බව ද පැවසූ කථානායකවරයා ත‍්‍රස්ත කි‍්‍රයා පවතින රටක සාර්ක් සමුළුව සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීම ජයග‍්‍රහණයක් බව ද කීය.

No comments: