Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

සබරගමුවෙන් එජාපය පැරදුණත් ‘ජන සුවය’ රැගෙන රත්නපුරයට එනවා- පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පෙ‍්‍ර්මදාස

රත්නපුර දිසා විශේෂ එස්. ඒ. එල්. නිරෝෂන
සබරගමුව පළාත් සභා මැතිවරණයෙන් එ. ජ. පය දිනුවත් පැරදුණත් ජනසුවය වැඩසටහන රැගෙන තමා රත්නපුරයට පැමිණෙන බව හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පෙ‍්‍ර්මදාස මහතා ගොඩකවෙලදී පැවසීය.
ගොඩකවෙල මල්වත්තේ පැවති එ. ජා. ප. බලමණ්ඩලවල රැස්වීමකදී ඔහු එසේ කීවේය. එජාප පළාත් සභා අපේක්ෂක උපතිස්ස ද සිල්වා මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
සජිත් පෙ‍්‍ර්මදාස මහතා මෙසේද කීය.
එ. ජා. පයේ අරමුණ පිරිසිදු පළාත් සභා පාලනයක් රටට ලබාදීමයි. මේ ඡන්ද සටන ලේසි පහසු නැහැ. පවතින රජයත් සමගයි අපි තරඟ කරන්නේ. අසරණ ජනතාව ගේ ජීවන ප‍්‍රශ්න දෙස බැලුවාම මධ්‍යම ආණ්ඩුවේ, පළාත් ආණ්ඩුවේ නොහැකියාව පැහැදිළියි.
දේශපාලනය කියන වචනය වැරදියි. දේශ සේවය ලෙස එය නිවැරදි විය යුතුයි. ලොකු පොඩි සියලුම තරාතිරම්වලට ශක්තිය, රැකවරණය ලබාදීමට පාලකයෝ කටයුතු කළ යුතුයි.
හොරකම, මැරකම කිරීමට නොවේ ජනතා පාලකයෝ පත්කරන්නේ. යුද්ධය නිසා ආර්ථික ප‍්‍රශ්න විසඳීම අමාරුලු. මගේ පියා ආර්ථික ප‍්‍රශ්න විසඳමින් රට සංවර්ධනය කළේ යුද්ධ එකක් නොව දෙකක් රටේ තිබියදීයි.
එක්සත් ජාතික පක්ෂයෙන් පමණයි රටේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි වන්නේ. එ. ජා. ප. පළාත් සභාවක් පිහිටවමු. සබරගමුවේ දිළිඳුකම දුරලන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරමු.
පාර්ලිමේන්තු මන්තී‍්‍රනී තලතා අතුකෝරාල මහත්මිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු ද කථා කළහ.

No comments: