Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

ලංගම වංචාව

මගී ජනතාවට එදා සිට අද දක්වා වගකිවයුතු ප‍්‍රවාහන සේවාවක් සපයන්නේ, ශී‍්‍ර ලංගම යැයි කීවොත් නිවැරැදි ය. එහෙත් එම වගකීම රැක ගැනීමට එහි සේවයේ නිරතවන සමහර සේවක පිරිස් කි‍්‍රයා නොකරති.
විශේෂයෙන්ම මගීන් හා නිතර ගැටෙන කොන්දොස්තර මහතුන්ගේ කි‍්‍රයා කලාපය නිසා ලංගමය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය නිරන්තරයෙන් පළුදු වනු දැකිය හැකිය .
තමන්ගේ ජීවිතය රැක දෙන ආයතනය රැකුනොත් තමන් රැකෙනවා යන්න නොසිතන කොන්දොස්තරවරු, බොහෝ අවස්ථාවලදී මගීන්ගේ මුදල් වංචා කිරීමට පෙලඹෙනු ඇත.
හොරණ ඩිපෝවට අයත් මීපෙ(315)සහ මහරගම (280) බස්රථවල සේවය කරන කොන්දොස්තරවරුන් බොහෝ අවස්ථාවලදී මගේ ටිකට් පතට අදාළ මුදල් විවිධාකාරයෙන් වංචා සහගතව ගත් අවස්ථා ඇත. එක්කෝ මුදල් වංචා කරයි. එසේත් නැත්නම් ටිකට්පත නොදී සිටියි.
රාතී‍්‍ර 7.45 ට මහරගම දක්වා හොරණින් පිටත්වන බසයේ සේවය කරන කොන්දොස්තරවරුන් දෙදෙනා රු.10ක් දී රු.7 ටිකට් එකක් ඉල්ලුවොත් රු.10 ම තියාගෙන ටිකට් පත දෙයි. රු.7ක් මාරු කාසිවලින් දුන්නොත්, ටිකට් පත නොලියා සිටියි.
සමහර අවස්ථාවල ටිකට් ලබා නොදී සිට අදාළ මගියා බැසීමට නැවතුම් ස්ථාන දෙකකට පෙර පැමිණ සල්ලි ඩැහැගෙන යන්නට යයි. මේ තත්ත්වය මීපෙ රාතී‍්‍ර බසයේ (8.30) සේවය කරන කොන්දොස්තර වරයාගෙන් ද දැකිය හැකිය. වසර ගණනාවක සිට මේ පාරේ ගමන් ගන්නා මගීන්ට මේ තත්ත්වය ඉතාමත් ම හුරු පුරුදු ය.
පසුගිය 03 වැනි ඉරුදින සවස 3.30ට පමණ හොරණින් පිටත් වූ ව්ච2667 බසයේ සිටි කොන්දොස්තරවරයාගෙන් රු.30ක් දී , රු.12 ටිකට්පත් දෙකක් ඉල්ලුවෙමි. ඔහු රු.9 ටිකට් දෙකක් ලියාදී ඉතිරි ලෙස රු.5 ක් දුන්නේ ය.
මෙවැනි වංචාකාරී අවස්ථාවලට මම මීට පෙර බොහෝ අවස්ථාවලදී මුහුණ දී සිටිමි. මා මෙන්ම තව බොහෝ අයද මේ ආකාරයට මේ වංචාකාරී කොන්දොස්තරවරුන්ගේ සූරාකෑම්වලට ලක් වන්නට ඇත.
ලංගම සභාපති ටියුඩර් දයාරත්න මහතාණෙනි, ප‍්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාණෙනි, වංචාකාරී සේවකයන් පිළිබඳ ඔබගේ අවධානය යොමුවේවායි මම පතමි.
පී.අයි .දීපිකා - හොරණ

No comments: