Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 7, 2008

සිරස මාධ්‍යවේදියකුට පහරදීම ඇමැති මර්වින්ගේ කි‍්‍රයාව රජය අනුමත කරන්නේ නෑ - ඇමැති මෛති‍්‍රපාල සිරිසේන

ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදර
සිරස මාධ්‍යවේදියකුට ඇමැති මර්වින් සිල්වා මහතා පහර දීමේ සිද්ධිය රජය කෙසේවත් අනුමත නොකරන බවත් එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා රජය එය පිළිකුල් සහගතව හෙළා දකින බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
මෙම සිද්ධිය නිසාම රාජ උදහසට ලක්ව සිටින ඇමැතිවරයාට විනය පරීක්ෂණවලට පෙර දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙතැයි ප‍්‍රකාශ කළ මහ ලේකම්වරයා මනුෂ්‍යත්වය නැති කරන මෙවැනි දේවල් හෙළා දැකිය යුතු බවත් ප‍්‍රකාශ කළේය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය සමඟ නිතරම සහයෝගයෙන් කටයුතු කරන වත්මන් රජය මාධ්‍ය සතු අයිතිය පිළිගන්නා බවත් මර්වින් සිල්වා ඇමැතිවරයාගේ කි‍්‍රයා කලාපය රජය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය නොවන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්ම ජයන්ත මහතා මෙහිදී පැවසීය.
ජාතික රූපවාහිනි ආයතනයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ඇමැති කමිටුව මේ වනවිට සය වරකට වඩා රැස්ව ඇති බවත් මැතිවරණ කටයුතු නිසා තරමක් ඇමැතිවරුන් කාර්යබහුල වී ඇති බැවින් මැතිවරණය අවසන් වූ වහාම එම වාර්තාව එළිදක්වන බවත් මෙහිදී නැගුණු තවත් පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

No comments: