Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

වෙල්ලන්කුලම මුදා ගෙන කිලිනොච්චියට ඇතුළු වෙයි

මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
මන්නාරම වෙල්ලන්කුලම ගම්මානය පෙරේදා (02) මුදාගත් ආරක්ෂක හමුදාව කිලිනොච්චියට ළඟාවී එය මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.
මන්නාරම අවසන් ගම්මානය වන වෙල්ලන්කුලමේ කොටි කඳවුරු දෙකක් ද හමුදාව අත්පත් කර ගෙන ඇත. මන්නාරම නගරයේ සිට කිලෝ මීටර් 40 ක් උතුරින් සහ ඉලුප්පකඩවායි සිට කිලෝ මීටර් 10 ක් උතුරින් පිහිටි වෙල්ලන්කුලම ගම්මානයේ කතෝලික දේවස්ථානයක් ද තිබේ.
ත‍්‍රස්ත ගැටුම් නිසා පසුගිය කාලයේ මඩු මාතා ප‍්‍රතිමාව තැන්පත් කර තිබුණේ ද මෙම දේවස්ථානයේ බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.
යුද හමුදාවේ 58 වැනි සේනාංකය වෙල්ලන්කුලම මුදා ගත් අතර එම ප‍්‍රදේශයේ වැදගත් ගොඩනැඟිලි රාශියකින් සමන්විත ප‍්‍රදේශයකි. මුලතිව් දිස්ති‍්‍රක්කයේ මල්ලාවි හා තුනුකායි අතරින් ඒ – 9 මාර්ගයට පුලියන්කුලම හරහා වැටෙන මාර්ගය ද වෙල්ලන්කුලමෙන් ආරම්භ වන බවත්, මේ වනවිට මල්ලාවියේ බලය හමුදාව අත්පත් කරගෙන ඇති නිසා කොටින් ගේ සැපයුම් ඇනහිට ඇති බවත් බි‍්‍රගේඩියර්වරයා කීය.
මේ වන විට ආරක්ෂක හමුදාව කිලිනොච්චි දිස්ති‍්‍රක්කයට ඇතුළුවී ඉදිරියට ගමන් කරන බවත් බි‍්‍රගේඩියර් නානායක්කාර කීය.
මිට අමතරව මුලතිව්, මල්ලාවි, කල්විලාන් දකුණ, වැලිඔය, ආන්දන්කුලම්, කිරිඉබ්බන්වැව දකුණ, වව්නියාව පාලමොඩෙයි, නට්වි හා කොම්පිටිකුලම් හා යාපනය නගර්කෝවිල් ප‍්‍රදේශවලට පෙරේදා හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් කොටි ත‍්‍රස්තවාදීන් 14 දෙනකු මිය ගොස් තවත් 23 නකු තුවාල ලබා තිබේ’

No comments: