Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 6, 2008

ජලය විකුණන්නෙත් නෑ පොහොර නවතින්නෙත් නෑ - මෛතී‍්‍රපාල සිරිසේන ශී‍්‍රලනිප මහ ලේකම් , කෘෂිකර්ම සහ මහවැලි සංවර්ධන ඇමැති

ළඟ එන පළාත් සභා මැතිවරණ දෙකෙහි ප‍්‍රතිඵල කුමක්වේද ? පළාත් සභා විසුරුවීම, පළාත් සභා මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහන් ආදිය පිළිබඳ විපක්ෂය එල්ල කරන චෝදනාවන්හි සත්‍යාසත්‍යතා, විශේෂයෙන් රජරට ගොවියාගේ යහපත පිණිස ආණ්ඩුවෙන් කෙරෙන කටයුතු පිළිබඳ ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙසේ කියයි.
උතුරු මැදින් පත්ව ආ මන්තී‍්‍රවරයකු වන ඔබේ සියලු දේශපාලන සම්බන්ධකම් තිබෙන්නේ උතුරු මැද පළාතේයි. ඒ අතර තුරම ඔබ ශී‍්‍රලනිප ප‍්‍රධාන ලේකම් ධූරයත් දරනවා. මේ වටපිටාව යටතේ සබරගමුව සහ උතුරු මැද පළාත් සභා මැතිවරණවලදී රජය ලබන ප‍්‍රතිඵලය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද ?
දැනට තිබෙන සියලු දේශපාලන පෙළගැසීම්වලට අනුව ලබන විසිතුන් වෙනිදා තියෙන මැතිවරණයෙන් සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබනවා.
ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. සබරගමුවේ වගේම උතුරු මැද පළාතේ ජනතාවත් සන්ධානය ජයග‍්‍රහණය කරවීමට පෙළගැසී සිටිනවා.
ඡන්ද ප‍්‍රතිඵල එද්දී රටටත් ලෝකයටත් රටේ බහුතර ජනතාවක් ඉන්නේ කවුරු එක්කද කියන එක පැහැදිලි වේවි.
දැනට මේ පළාත් දෙකේම මැතිවරණ ව්‍යාපාරය සාර්ථකවම පවත්වාගෙන යන්නේ අපි. ඇති තත්ත්වය අනුව මැතිවරණය ජය ගැනීමට තබා අපිට තරගයක් දීමටවත් එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබිල නැහැ.
මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිටම එජාපයේ තිබුණේ අවුල්. අද වෙද්දී එජාපය අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ.
එජාපය සබරගමුව පළාත් සභාවට මහ ඇමැති අපේක්ෂකයා නම් කරද්දීම අර්බුදයකට ගියා. එජාපය නම් කළ පළමු මහ ඇමැති අපේක්ෂකයා සන්නස්ගල මහත්තයා මාධ්‍ය ඉස්සරහට ඇවිත් රඟපෑමක් කරලා මගහැරලා ගියා.
දැන් එජාපය උතුරු මැදට හා සබරගමුවට මහ ඇමැති ධූර අපේක්ෂකයන් ලෙස පත් කරලා තියෙන්නේ දේශපාලන ලෙස මුහුකුරා ගිය අය නෙමෙයි.
මේ අය තාම ඉන්නේ දේශපාලන මොන්ටිසෝරියේ කිව්වොත් නිවැරැදියි. මෙහෙම අයත් එක්ක මැතිවරණයක් ජය ගැනීම දුෂ්කරයි.
ඒත් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ දේශපාලන වශයෙන් ප‍්‍රවීණත්වයක් වගේම පළාත තුළ ඡන්ද පදනමක් තියෙන අපේක්ෂකයෝ.
මේ අයට අලුතින් ඡන්ද පදනමක් හදා ගැනීමට කාලය ගත කළයුතු නැහැ. ඒත් එජාපයේ මහ ඇමැති ධූර අපේක්ෂකයන්ට මුල ඉඳලම ඡන්ද පදනමක් ගොඩනැගිය යුතුයි.
අපේ මහ ඇමැති ධූර අපේක්ෂකයන් පිළිබඳ ගැටලුවක් නැහැ. ඔවුන් දිගු කාලයක සිට මහ ඇමැති ධූරය දැරූ පළාතට සේවයක් කළ අය. ඒත් එජාපයට එහෙම ශක්තියක් නැහැ.
එජාප මන්තී‍්‍රවරුනට යුතුකමක් තිබුණා පළාත් සභා මහ ඇමැතිධූරය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරවලින් ඉවත් වෙලා තරග කිරීමට. එහෙම වූණා නම් එජාපයට අදට වඩා තරගයක් දීමට පුළුවන්කමක් ලැබෙන්න තිබුණා.
එදා 1993 දී ශී‍්‍රලනිප සිටියේ විපක්ෂයේ. එහිදී අපි එස්. බී. නාවින්න, අමරසිරි දොඩංගොඩ වගේ පාර්ලිමේන්තු මහ ඇමැති ධූර අපේක්ෂකයන් ලෙස මන්තී‍්‍රවරු ඉදිරිපත් කළා.
පසුගිය පළාත් සභා මැතිවරණවලදීත් අපේ මන්තී‍්‍රවරු ඒ වගේ ආදර්ශ ලබාදීල තියෙනවා. ඒත් එජාපයට එහෙම දෙයක්වත් කර ගන්න බැරි වුණා.
මේ සියලු කරුණු එකතු කරල බැලුවහම තේරෙනවා එජාපය මේ මැතිවරණයට තරග කරන්නේ පරාජය නළලේ කොටාගෙන බවට.
2004 මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා පසුගිය ජනාධිපතිවරණයේදී ශී‍්‍රලනිප තරග කළේ ශක්තිමත් පාර්ශවකරුවෙකු වන ජවිපෙ සමඟ සන්ධාන ගතවයි. ඒත් මෙවර පළාත් සභා මැතිවරණයේදී ඔවුනගේ සහාය ශී‍්‍රලනිපයට අහිමි වී තිබෙනවා. මේ නිසා ප‍්‍රගතිශීලී ඡන්ද සැලකිය යුතු ප‍්‍රමාණයක් ජවිපෙට ඇදී යාමේ ඉඩක් තිබෙනවා. මේ තත්ත්වයට මුහුණදීමට ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනවද ?
2005 ජනාධිපතිවරණයෙන් පසු පැවැති පළාත් පාලන ඡන්දයේදී ජවිපෙ වෙනම තරග කළා. එහෙම වුණා කියලා අපිට බලපෑමක් වුණේ නැහැ.
බොහෝ පළාත් පාලන ආයතනවල සියයට පනහකට වැඩි බහුතර බලයක් අපිට ලැබුණා. 2000 මහ මැතිවරණය 1999 පළාත් සභා මැතිවරණයේදීත් අපිට පොදු පෙරමුණ වශයෙන් තරග කරලා ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා.
2004 මහ මැතිවරණයේදී ජවිපෙ උපරිම තලයකට පැමිණ සිටියා. ඒ වගේම ඡන්ද දායකයන්ගෙන් හොඳ ප‍්‍රවණතාවක් ජවිපෙට තිබුණා.
ඒත් අද වෙනකොට ඒ තත්ත්වය පූර්ණ ලෙස වෙනස් වෙලා ඉවරයි. එදා ශී‍්‍රලනිපයේ ස්ථිර සාමාජිකයන් පවා ජවිපෙට විශාල වශයෙන් මනාප පළ කළා.
ඒ නිසා තමයි දිස්ති‍්‍රක්ක ගණනාවක ශී‍්‍රලනිපයේ නායක මට්ටමේ අපේක්ෂකයන් දෙකට තුනට දමලා ජවිපෙ අපේක්ෂකයෝ උඩට ආවේ.
ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට විශාල කෘති‍්‍රම බලයක් ආරෝපණය වුණා. අද ඒ කෘති‍්‍රම බලය දියවෙමින් යනවා.
අද අපේ පළාත්වල සිටින ජවිපෙ සාමාජිකයන් බුරුතු පිටින් ශී‍්‍රලනිපයට එකතු වෙමින් සිටින්නේ. එජාපයේ බිඳ වැටීමටත් වඩා වැඩි වේගයකින් අද ජවිපෙ දියවෙමින් යන නිසයි.
ඒ නිසා මෙවර මැතිවරණයේදී ජවිපෙ තනිව තරග කළා කියලා අපිට විශේෂ බලපෑමක් එල්ල වෙලා නැහැ. ඕනෑ නම් උතුරු මැදට ජවිපෙ මන්තී‍්‍රවරු දෙන්නෙක් පත්වෙයි සබරගමුවටත් එහෙම වෙයි.
ඒ නිසා ජවිපෙට දැන් තීරණාත්මක බලයක් ගොඩනැගීම අපහසු වෙලා තියෙනවා.
උතුරු මැද හා සබරගමුව පළාත්වල අවම පහසුකම් සහිත ප‍්‍රදේශ රැසක් තිබෙනවා. මේ පළාත් සංවර්ධනයට ආණ්ඩුව වැඩපිළිවෙළක් ආරම්භ කර නැද්ද ?
ඇයි නැත්තේ අපි මේ ප‍්‍රදේශ සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තියෙනවා. ගම නැඟුම, මඟ නැඟුම මෙයින් කිහිපයක් පමණයි.
පළාත් සභා හා පළාත් පාලන ආයතන මඟින්ද වැඩපිළිවෙළ රැසක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. මේ ආණ්ඩුව තරම් ගමට දුප්පත් මිනිහට ගොවියට සෙත සැලසූ ආණ්ඩුවක් නැහැ.
ඒත් මාධ්‍යවල ප‍්‍රවෘත්ති පළ වෙනවා ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය කපා හරින බවට. ජලය විකිණීමට ආණ්ඩුව සැලැසුම් කරන බවට. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
අපි එහෙම තීරණයක් අරගෙන නැහැ. පොහොර සහනාධාරය ඉවත් කිරීමට හෝ ජලය විකිණීමට තීරණයක් අරගෙනත් නැහැ. එහෙම තීරණයක් අරගන්නෙත් නැහැ.
සමහර දේශපාලන පක්ෂ හා මාධ්‍ය තමන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට වැරැදි ප‍්‍රචාර ගෙනයවා. මේක සම්පූර්ණයෙන්ම දේශපාලනය සම්බන්ධ කරගත් මාධ්‍ය මෙහෙයුමක් විතරයි. ඒ බොරුවලට ජනතාව දැන් රැවටෙන්නේ නැහැ.
ඔබ තමයි කෘෂිකර්ම විෂය භාර කැබිනට් ඇමැතිවරයා. ඒත් ගොවීන්ගේ ඡන්දයෙන් බලයට පැමිණි ආණ්ඩුව ගොවියාට සෙත සැලැසීම සඳහා නිසි පියවරක් ගෙන නොමැති බව ඇතැම් දේශපාලන පක්ෂ කියනවා?
චෝදනා නම් ඉතින් කාට වුණත් එල්ල කරන්න පුළුවන්නේ. ඒත් විපක්ෂය එල්ල කරන මේ චෝදනා රටේ ජනතාව පිළිගන්නේ නැහැ.
මම රජරට ප‍්‍රදේශය නියෝජනය කරන ඇමැතිවරයකු ලෙස දන්නව ගොවියාට කෙතරම් විශාල සෙතක් මේ ආණ්ඩුව නිසා ලැබිල තියෙනවාද කියලා.
ඒ වගේම තේ, රබර් වගාකරුවන් සඳහා විශාල සහන සන්ධාන ආණ්ඩුව නිසා ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව නිසා ගොවියට සෙත සලසන්න කටයුතු කළේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්.
ගොවියාට විශාලම සේවය ඉටු කළේ මේ ආණ්ඩුව. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළත් කෘෂිකර්මය ගොඩනැගීම ගැන ගොවියා ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරල තිබෙනවා.
දශක කිහිපයකට පසු කෘෂි කර්මාන්තය පිළිබඳ ප‍්‍රතිපත්තියක් එළිදක්වල තියෙන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ පමණයි. ඒත් ඔය කතා කියල මහජනතාව රවටන්න බැහැ. අද මහජනතාව හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් ඉන්නේ.
මේ දිනවල මාධ්‍යවල පළවෙන ආකාරයට එජාපයේ හා ජවිපෙ සාමාජිකයන් විශාල වශයෙන් ආණ්ඩුවට එකතු වෙනවා. ඒත් එජාපය හා ජවිපෙ කියන්නේ ආණ්ඩුවේ හිතවතුන්ටම ශී‍්‍රලනිපයේ සාමාජිකත්වය ලබාදෙන බවයි. ඇත්තටම මේ සිදුවන්නේ මාධ්‍ය ඉදිරියේ සිදුකරන රංගනයක්ද ?
අපිට එහෙම මාධ්‍ය ඉදිරියේ රඟපෑම් කරන්න ඕනෑ නැහැ. ශී‍්‍රලනිපයට විශාල වශයෙන් ජනතාව රොක් වෙමින් තිබෙන්නේ. එජාපයේ නායකයෝ බාගයක් අද ආණ්ඩුවේ ඉන්නේ.
ජවිපෙත් දෙකට කැඩිලා තියෙන්නේ. මේ තත්ත්වය නිසා මේ පක්ෂ දෙකේම සාමාජිකයෝ විශාල කළකිරීමකින් ඉන්නේ.
ඒ නිසා තමයි එජාප සාමාජිකයන් වගේම ජවිපෙ සාමාජිකයන් එම පක්ෂවලින් ඉවත් වෙමින් ඉන්නේ. ඒක අපේ වැරැද්දක් නෙමෙයි.
එජාපයේ හා ජවිපෙ නායකත්වයේ වරද නිසා සිදුවන දේවල්.
අද ජනාධිපතිතුමා හා රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ රටේ ජනතාවගේත් විශේෂයෙන්ම ගැමි ජනතාවගේත් ප‍්‍රසාදයක් තියෙනවා.
අද එජාපය හෝ ජවිපෙ තුළ ගැමි ජනතාව ආකර්ශනය කරගන්න පුළුවන් නායකයන් නැහැ. හිටපු අයත් මේ පක්ෂවලින් ඉවත් වෙලා. ඇත්තටම අද අපිට තරගයක් නැහැ.
සබරගමුව හා උතුරු මැද පළාත් සඳහා ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති ධූර අපේක්ෂකයන් ලෙස තරග කරන්නේ අවුරුදු දහයක් මහ ඇමැතිධූරය දැරූ හිටපු මහ ඇමැතිවරුමයි. ඊට අමතරව සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ සිටින සැලකිය යුතු පිරිසක් පළාතේ මැති ඇමැතිවරුන්ගේ ඥාතීන්. මේ ගැන එජාපය විවිධ චෝදනා ආණ්ඩු පක්ෂයට යොමු කරනවා. ඒ වගේම එජාපය කියන්නේ තමන් මහ ඇමැතිධූර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇත්තේ ආකර්ශනීය පුද්ගලයන් බවයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
කවුරු කොහොම කිව්වත් තරගයට සුදුසුම අපේක්ෂකයින් පිරිස ඉදිරිපත් කරලා තියෙන්නේ අපි. අපේ මහ ඇමැති ධූර අපේක්ෂකයන් තමයි දේශපාලන හා පරිපාලන අත්දැකීම්වලින් ඉදිරියෙන් ඉන්නේ. ආධුනිකයකුට පළාත් සභාවක මහ ඇමැතිවෙලා සාර්ථක පාලනයක් අරගෙන යන්න බැහැ.
ඒ සියලු හැකියාවන් හා දක්ෂතාවන් අපේ මහ ඇමැති ධූර අපේක්ෂකයන්ට තිබෙනවා. එජාපය ඉදිරිපත් කරලා තියෙන්නේ යුද හමුදාවේ සහ සිනමාවේ ප‍්‍රවීනයන්. ඔවුනට දේශපාලනයේදී ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා.
අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මැතිවරණ දිනන්න පුළුවන් කණ්ඩායමක්. එතැනදී ජනපි‍්‍රය දේශපාලනඥයන්ගේ ආශිර්වාදය තියෙන අයත් ඉදිරිපත් කරලා තියෙනවා.
එමඟින් අපිට සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමේ පුළුවන්කමක් ලැබෙනවා. ඒ සියලු දේ පිළිබඳ අවධානය යොමු කරලා තමයි අපි අපේ අපේක්ෂක ලැයිස්තු හැදුවේ.
අද පළාත් සභාවක පාලනය අරගෙන යන්න සුදුසුම පිරිස ඉන්නේ අපි ළඟ. ඒක අපිට තහවුරු කරලා පෙන්වන්න පුළුවන්.
එජාපයෙන් තරග කරන්නේ අඩු පළපුරුද්දක් සහිත පුද්ගලයන්ගේ කණ්ඩායමක්. පළපුරුදු අයට දක්ෂ අයට එජාප ලැයිස්තුවල ඉඩක් ලබාදී නැහැ.
මේක තමයි ඇත්ත තත්ත්වය. ජවිපෙ ඉදිරිපත් කරලා තියෙන ලැයිස්තු ගැන කතා කරලා කාලය ගත කරන එක අපරාධයක්.
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන

No comments: