Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

ශ‍්‍රී ලංකා-ඉන්දියා දෙවැනි ටෙස්ට් තරඟය අඩ හෝරාවකදී ඉන්දීය පිතිකරුවන් හතරක් දැවේ

වර්නන් ගුණසේකර ගාල්ලේ සිට .... ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ඊයේ ආරම්භක දිනය නිමා වන විට ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කරගෙන සිටියේය. ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග් නොදැවී ලකුණු 128 ක් ද වී. ලක්ස්මන් නොදැවී ලකුණු 13 ක් ද ලබා ගෙන සිටියහ. මිනිත්තු 197 ක් තිස්සේ පන්දු 122 කට මුහුණ දුන් සෙවාග් හතරේ පහර 19 ක් හා හයේ පහර 2 ක් එල්ල කොට සිටියේය. චමින්ද වාස් ලකුණු 57 කට කඩුලු 2 ක් ද අජන්ත මෙන්ඩිස් ලකුණු 74 ක ට කඩුලු 2 ක් ද ලබා ගත්හ. පසවරු 4.30 ට තරගය යළි ආරම්භ වී මිනිත්තු 32 ක් ඇතුලත ඉන්දියා පිලේ කඩුලු 4 ක් ලකුණු 11 කදී බිඳ වැටිණි. මේ කඩුලු 2 බැගින් ලබා ගත්තේ අජන්ත මෙන්ඩිස් හා චමින්ද වාස්ය. ප‍්‍රථමයෙන් දැවී ගියේ ගෞතම් ගම්භීර් ය. මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු ලකුණු 56 කට දැවී ගියේය. එම තීරණයට එරෙහිව ගම්භීර් අභියෝග කළද රූපවාහිනී විනිසුරුගේ තීරණයද එයම විය. මිනිත්තු 134 ක් තිස්සේ පන්දු 103 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8 ක් එල්ල කළේය. ගම්භීර් විරේන්ද්‍ර සෙවාග් අතර පළමු කඩුල්ල සඳහා සබඳතාවය ලකුණු 167 ක් විය. සෙවාග්, වාස්ගේ ඕවරයකට හයේ පහරක්ද ‘ලෝන්ග් ඔෆ්’ හරහා හතරේ පහරක්ද එල්ල කරමින් ඔහුගේ 15 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. ගම්භීර්ට පසුව මෙන්ඩිස්ගේ පන්දුවකට රාහුල් ද්‍රාවිඩ් දැවී ගියේ ‘ෆෝවඩ් ෂෝට් ලෙග්’ හි මලින්ද වර්ණපුරගේ දක්ෂ උඩ පන්දු රැකීමක් නිසාවෙනි. ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. තමා මුහුණ දුන් පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් සචින් ටෙන්ඩුල්කාර් ඇරඹූ ඉනිම එසැණින්ම අවසන් විය. වාස් ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ඔහු ලකුණු 5 කට දැවී ගියේ පන්දු 3 කට පමණක් මුහුණදීමෙන් පසුවය. දිනයේ විශිෂ්ඨතම උඩ පන්දු රැකීම වාර්තා වූයේ කඩුලු රකින ප‍්‍රසන්න ජයවර්ධන ගෙනි. ගංගුලිගේ ( 0 ) පිත්තේ අත වැදී ආ පන්දුව වම් පැත්තට ගුවනේ පාවෙමින් තනි අතින් රැක ගැනීමට ප‍්‍රසන්න සමත් විය. කාසියේ වාසිය දිනා ගෙන ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව දිවා ආහාරය ස¼ඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 151 ක් රැස්කර ගෙන සිටියේය. විරෙන්ද්‍ර සෙවාග් නොදැවී ලකුණු 91ක්ද ගෞතම් ගම්භීර් නොදැවී ලකුණු 50ක්ද ලබා ගෙන සිටියහ. ගම්භීර් ලකුණු 13 ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරිණි. නුවන් කුලසේකර යැවූ තරගයේ 8 වැනි ඕවරයේදී ගම්භීර්ගේ පිත්තේ අග වැදුනු පන්දුව කෙළින්ම පළමු ස්ලිප්’හි කුමාර් සංගක්කාර වෙත ආවේය. එහෙත් කඩුලු රකින ප‍්‍රසන්න ජයවර්ධන එම උඩ පන්දුව රැක ගැනීමට දරන ලද උත්සාහයේදී සංගක්කාරගේ දෘෂ්ටිය බිඳ වැටුනු බැවින් ඔහු අතින් පන්දුව ගිලිහිණි. ඒ වන විට ඉන්දියා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 30 ක් විය. සෙවාග් ද ලකුණු 13 ක් ලබාගෙන සිටියදී අජන්ත මෙන්ඩිස් එවූ ඔහුගේ දෙවැනි පන්දුවට පහරක් එල්ල කිරීමට යාමේදී ඉහළ නැගි පන්දුව කඩුලු රකින ප‍්‍රසන්න රැක ගත්තද එය පා ආවරණයේ වැදුනු පන්දුවක් ලෙසින් තරග විනිසුරු තීරණය කළේය. එම තීරණයට අභියෝග කරමින් නායක මහේල ජයවර්ධන රූපවාහිනී විනිසුරුගෙන් තීරණයක් ඉල්ලා සිටියද එහි වෙනසක් සිදු නොවිණි. තරගයේ 26 වැනි ඕවරයේ චමින්ද වාස් යැවූ අන්තිම පන්දුව ගම්භීර්ගේ පා ආවරණයේ දැවටුන අතර එය කඩුල්ල මුවා කිරීමක් බවට ශබ්ද නගා කරන ලද ඉල්ලීම තරග විනිසුරුවරයා විසින් ප‍්‍රතික්ෂේප කෙරිණි. එය කඩුල්ල මුවා කිරීමක් ලෙසින් රූපවාහිනී තිරයේ දිස්වුණු අතර එම තීරණයට අභියෝග කිරීමට මහේල තීරණය කළා නම් එය දැවී යාමක් ලෙසින් රූපවාහිනී විනිසුරු තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ තිබිණි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරගයේ දහවල් වරුව සම්පූර්ණයෙන්ම නොපැවැත්විණි. පිටිය ආවරණය කිරීමේ කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් යොදවා තිබිණි. ඉන්දියාව පළමු ඉනිම (පළමු දින තරගය නතර කරන විට) ජී. ගම්භීර් කඩුල්ල මුවා කළා බෝ. මෙන්ඩිස් 56 වී. සෙවාග් නොදැවී 128 ආර්. ද්‍රාවිඩ් ඇ. වර්ණපුර බෝ. මෙන්ඩිස් 02 එස්’ ටෙන්ඩුල්කාර් කඩුල්ල මුවා කලා බෝ. වාස් 05 එස්. ගංගුලි ඇ. ජයවර්ධන බෝ. වාස් 00 වී. ලක්ස්මන් නොදැවී 13 අතිරේක 10 එකතුව (කඩුලු 4ට) 214 කඩුලු බිඳ වැටීම - 1 - 167, 2 - 173, 3 - 178, 4 - 178පන්දු යැවීම - වාස් 14 -1 - 57 - 2 කුලසේකර - 8 - 1 - 40 - 0මෙන්ඩිස් - 14 - 1 - 74 - 2 මුරලිදරන් - 8.3 - 0 - 39 - 0

No comments: