ඉතිහාසය යනු සංවාද මණ්ඩපයකි. එය විද්‍යාත්මක කාරණාවක් මිස සාහිත්‍යයක්, සිතුවිල්ලක්, න්‍යායයක් නොවනු ඇත. ඉතිහාසය සැබැවින්ම අයිතිවනුයේ සමාජ විද්‍යා විෂයයටය.
එසේම එය මතවාද මණ්ඩපයකි. විවිධ මති මතාන්තරවල එකතුව අපට ඉතිහාසය ලෙස හැඳින්විය හැක. එය සමස්ත මානව වර්ගයාටම අයිති බූදලයක් ලෙසද අර්ථ දැක්විය හැක.
ලෝක සිනමාව තුළ කෙසේ වෙතත් ශ‍්‍රී ලාංකීය සිනමාව තුළ ඉතිහාසය නම් වූ විෂය වස්තු මූලික කරගෙන සිනමාපට නිර්මාණයවී ඇත්නම් ඒ ඉතාමත් ස්වල්ප ගණනක් වනු ඇත.
ඉතිහාස විෂය පිළිබඳ කතා කිරීමේදී "වීර කතා" සම්ප‍්‍රදායයට හිමිවනුයේ සුවිශේෂී තැනකි. විශේෂයෙන් වීර කතාවක් සිනමාවට නැගීමේදී නිර්මාණකරුවාට මූලික අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.
එය නම් නිර්මාණකරුවාට පේර්ක්ෂකයාව ග‍්‍රහණය කර ගැනීමට කතා රසයක් ඉතිරි නොවී ම ය. මන්ද පේර්ක්ෂකයා අදාළ "වීර කතාව" දැන සිටීම ය. අසා තිබීම ය.
පේර්ක්ෂකයා දන්නා කතාවක් සිනමාවට නැගීමේදී පිටපතෙන් හිමිවන සුවිශාලවූ පිටුවහල අධ්‍යක්ෂවරයාට නොලැබුබෙනු ඇත.
වීර කතා සිනමා පට වලදී සිදුවන්නේ කුමක්ද? යන්න විමසා බැලීමට වඩා එය සිදුවූයේ කෙසේද, යන්න නැරැඹීම සඳහා පේරක්ෂකයා සිනමා ශාලා වෙත යාමට පෙළඹෙනු ඇත.
එසේ යන පේර්ක්ෂකයන්ව, සිනමා ශාලාව තුළදී ග‍්‍රහණය කර ගත හැක්කේ උසස් නිර්මාණකරුවකුට පමණි.
පසුගිය දිනෙක අප නැරැඹූ ජැක්සන් ඇන්තනී ප‍්‍රවීණ කලාකරුවාගේ "අබා" (පණ්ඩුකාභය කුමාරයාගේ කතාව) සිනමා පටය එවැනි වීර කතා සම්ප‍්‍රදායයට අයත්, සිනමා ශාලාව තුළදී පැය දෙකකට අධික කාලයක් එක එල්ලේ එක හුස්මට නැරැඹිය හැකි ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ දැවැන්තම සිනමා කෘතිය ලෙස හැඳින්වීම යුක්ති යුක්තය.
"අබා" අපේ ඉතිහාස කතාවය. අපේ ඉතිහාසයේ මූලාරම්භය වේ. මෙම සිනමා පටය අගෝස්තු මස 8 වැනිදා සිට සැවෝයි ප‍්‍රමුඛ ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වනු ඇත.
එය නිමිතිකරගෙන "අබා" නිර්මාතෘ සහෘද කලාකරු ජැක්සන් ඇන්තනී සමඟ “දිනමිණ” “රස මංජරිය” වෙනුවෙන් කරන ලද කතා බහකි මේ.
* ජැක්සන්, ඔබ දැන් ‘අබා’ නිර්මාණය කර අවසන්. ප‍්‍රථමයෙන් මට කියන්න ‘අබා’ නිර්මාණය කරන්න බියක් දැනුනේ නැද්ද?
’අබා’ අහම්බයක් නෙමෙයි. හේතුව මම අවුරුදු 20ක් 30ක් තිස්සේ මේ සඳහා සූදානම් වුණා. ඒ සූදානම ඉවරවූ තැන තමයි ’අබා’ නිර්මාණය වන්නේ. ඒ නිසා මෙය අහම්බයක් නෙමෙයි.
ඔබ කියන ඔය බිය චකිතය දැනෙන්නේ අප ජීවත්වන සමාජය සමඟ ගත් කලයි. මම සූදානම්. නමුත් සමාජය ඊට සූදානම් ද කියන ගැටලුව පැන නගිනවා.
නමුත් මම සූදානම්. ‘අබා’ කියන්නේ ශී‍්‍ර ලාංකීය සිනමාවේ වැඩිම වියදමක් දරා තැනූ චිත‍්‍රපටය.
නමුත් සිනමාවේ අර්බුදයක් තියෙන කාලයක මේ සා විශාල මුදලක් ආයෝජනය කර චිත‍්‍රපටයක් තැනීම බය නැද්ද කියන සිද්ධියක් මෙතැන ප‍්‍රධානයි.
මේ කටයුත්තට බය නැති හේතු කීපයක් තියෙනවා. එකක් මම කර ඇති පර්යේෂණය. සිනමා අර්බුදය මම දකින හැටි.
සිනමා අර්බුදය යනු පේර්ක්ෂකාගාර හිඟවීමයි. සිනමාව කියන්නේ කර්මාන්තයක්. පේර්ක්ෂකයන් හිඟවීම කෙතෙක්ද කියනවා නම් ඩී. බී. නිහාල්සිංහ මහතාගේ වාර්තාවට අනුව 1979 දී ලංකාවේ චිත‍්‍රපට නැරැඹූ සංඛ්‍යාව මිලියන 74.4 ක්.
ඒ සංඛ්‍යාව යනු ලංකාවේ ජනගහනය මෙන් තුන් ගුණයක්. ඒ කියන්නේ එක් අයකු පස් හය වාරයක් චිත‍්‍රපටය නරඹා තිබෙනවා.
2002 වර්ෂය වන විට මේ පේර්ක්ෂක සංඛ්‍යාව මිලියන 8කට බහිනවා. ඒ කියන්නේ දස ගුණයකින් අඩුවෙනවා. පේර්ක්ෂකාගාරය දස ගුණයකින් අඩුවීම යනු ලැබෙන ආදායම ද දස ගුණයකින් අඩුවීමකි.
ආදායම දස ගුණයකින් අඩුවීම යනු චිත‍්‍රපටයකට වියදම් කරන මුදල් ප‍්‍රමාණය ද දස ගුණයකින් අඩුවීමයි. ඒ කියන්නේ චිත‍්‍රපටයක ගුණාත්මක බව දස ගුණයකින් අඩුවීමයි.
නමුත් ලෝක සිනමාව මේ කාලය තුළ 20 ගුණයකින් ඉහළ යනවා. 20 ගුණයකින් ඉහළ ගිය ලෝක සිනමාව දස ගුණයකින් පහළ ගිය අපේ ලාංකීය සිනමාව එකට සන්සන්දනය කරනවා.
ඒ සන්සන්දනය කිරීම හමුවේ 20 ගුණයකින් ඉහළ ගිය සිනමාවයි, 10 ගුණයකින් පහළ ගිය අපේ සිනමාවයි එකට ගෙන බලන කළ අප 30 ගුණයකින් පහළ වැටී තිබෙනවා. ඒ නිසාම අපව ප‍්‍රතික්ෂේප වෙනවා.
මෙන්න මේ ප‍්‍රතික්ෂේප වන සිනමාවකට චිත‍්‍රපට හදන්න බිය නැද්ද? ඒකනේ ගැටලුව. දැන් අපි බලමු ප‍්‍රතික්ෂේප නොවන සිනමාව මොකක්ද කියා. පසුගිය කාලයේ සාර්ථක ලෙස ජයග‍්‍රහණය ලබපු සිනමා කෘති තියෙනවා.
‘සූරියඅරණ’ ‘අංජලිකා’ ‘හිරිපොද වැස්ස’ ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ වැනි චිත‍්‍රපට ආදායම අතින් වාර්තා තබා තිබෙනවා. එතකොට ඒ පේර්ක්ෂකයෝ කොහෙන්ද ආවේ. පිටරටකින් ආවාද? ඒ චිත‍්‍රපටවලට පේර්ක්ෂකයෝ ආවේ ලංකාවෙන්මයි.
ගුණාත්මක වටිනාකමකින් යුක්තව ආකර්ශණීයව චිත‍්‍රපටයක් නිර්මාණය කළොත් මේ පේර්ක්ෂක ප‍්‍රමාණය නැවැත එනවා. අර ඉහතින් සඳහන් කළ මිලියන 74 මැරිලා නෑනේ. ර
ටේ ජනගහනය අඩුවෙලා නෙමෙයිනේ පේර්ක්ෂකයෝ අඩුවුණේ. මෙන්න මේ ප‍්‍රතික්ෂේපය තමයි අපි ජයගන්න අවශ්‍ය. ප‍්‍රතික්ෂේපය ජයගත හැකි නම් සිනමා අර්බුදයට පිළියමක් තිබෙනවා.
රවීන්ද්‍ර රන්දෙණිය සිනමා ශිල්පියා තමයි කිව්වේ අපේ සිනමාව මෙතෙක් සටන් කළේ පසුපසට යමින් කියා. ඒ කියන්නේ ආදායම අඩුවෙනවා වියදම අඩුකර ගන්නවා.
ඒ කියන්නේ අපි පසුපස්සට යමින් තමයි සටන් කර තියෙන්නේ. නමුත් මෙයට එරෙහිව ඉදිරියට යමින් සටන් කරන ක‍්‍රමයක් අප සොයා ගත්තොත් මොකද වෙන්නේ.
දැන් ඔය ඉදිරියට පනිමින් සටන් කරන ක‍්‍රමයක් සොයාගත් අයගේ සිනමා කෘති තමයි සාර්ථක වුණේ. ඔවුන් සැබෑ ලෙසම සිනමාට ජයගත්තා.
මට එය පූර්වාදර්ශයක් ඉදිරියට පනිමින් සටන් කරන්න තමයි මම ‘අබා’ නිර්මාණය කෙළේ. එතැනදී මට බියක් සාංකාවක් නෑ.
* ‘අබා’ නිර්මාණය කෙළේ සමාජය කුමන පන්තියක් එසේත් නැත්නම් මට්ටමක් ඉලක්ක කරගෙනද?
ඔය කුමන මට්ටමකට කණ්ඩායමකට පන්තියකට සිනමා නිර්මාණ කරන්නේ සටනට අවශ්‍යය ආයුධ ලෙසනේ. මම ඊට වඩා පොදු ගුණාකාරයක ඉන්නවා. ඒ නිසා තමයි මම ඉතිහාස කතා ප‍්‍රවෘත්තියක් නිර්මාණය කරන්නේ.
ඉතිහාසය කියා කියන්නේ උත්පත්ති කතාව. මෙය මේ රටේ පුරවැසියන්ගේ උප්පත්ති කතාව. මේ කතාව මගේ නෙමෙයි. මට මෙහි කතාව දෙබස් තිර රචනය කියා ලියන්න බෑ.
මෙහි මට හිමිවන්නේ තිර රචනය සහ අධ්‍යක්ෂණය. කතාව මේ රටේ මිනිස්සුන්ගේ. මෙය එක කාරණාවක්.
මෙය මේ රටේ පුරවැසියන්ගේ ‘ජාන’ කතාව. අපි බිහිවුණේ කොහොමද? අපේ මුතුන් මිත්තෝ කවුද? අපේ රාජ්‍යත්වය කුමක්ද? අපේ ජාන පරම්පරාව කෙබඳුද? යන මූලික ප‍්‍රශ්න හැම පුරවැසියකුටම පොදුයි. ඒ නිසා මෙය පුරවැසියන්ගේ කතාව. පුරවැසියන්ගේ කතාව අතිශයින්ම පොදුයි.
අප නිර්මාණවලට කතා තේමා තෝරාගන්න විට ‘ඉතිහාසය’ කියන තේමාව අපෙන් අතහැරුණා. ඉතිහාසය විෂයය අපෙන්. අතහැරෙන්න බලපාපු හේතු කීපයක් තියෙනවා.
ඉතිහාසය යනු වර්තමානයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මම මෙතැන සිට වසර 2400 ක් එහාට පනිනවා. එතකොට කි‍්‍රස්තු පූර්ව පස්වැනි ශත වර්ෂය.
වසර 2400 කට එපිට ලංකාව කොයි වගේද? ඒ මිනිස්සු කොයි වගේද? ගෙවල් දොරවල් කොයි වගේද? කඳු පල්ලම් ගස්කොලන් කොයි වගේද? යන ප‍්‍රශ්නය ඉතා දැවැන්තයි. මෙම ප‍්‍රශ්නයට මැදිහත් වන්න ඉතා දැවැන්ත සිතක් අවශ්‍යයි. දැවැන්ත ව්‍යාපෘතියක් අවශ්‍යයි.
පසුගිය කාලයේ අපේ සිනමාව වැටී තිබුණු ශෝචනීය තත්ත්වය නිසා හරි අවිනිශ්චිත සිනමාවක අප ගමන් කෙළේ. මෙම අවිනිශ්චිත ශෝචනීය බව නිසා අපට දැවැන්ත සිනමාවකට අතගහන්න බියක් තිබුණා.
ඒ බිය නිසා අප ඉතිහාසය කියන විෂයයට අතගැසුවේ නෑ. ඒ වගේම ඉතිහාසය විෂයය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම නිසා අපේ වර්තමානිකයාගේ ඉතිහාස ඥානයට ලොකු පහරක් එල්ල වෙනවා.
ඒ නිසාම සිනමා යන ආකර්ශනීය මාධ්‍යයට ඉතිහාසය වස්තු බීජයක් වෙන්නේ නෑ. නමුත් මට ඒක සිද්ධ වුණේ නෑ.
* ඔබ නූතන පරපුරට ඉතිහාසය යළි කියා දුන් මාධ්‍යවේදියා ලෙස හැඳින්වුවහොත්..?
‘අබා’ නිර්මාතෘ ජැක්සන් ඇන්තනී
ඉතිහාසය යනු යල් පැන ගිය දෙයකි. එය අලස විෂයයකි’ යනුවෙන් සිතා සිටින වර්තමානිකයන්ට යළි ඉතිහාසය මතක් කර දුන් මාධ්‍යවේදියකු ලෙස මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
අලුත් ලෝකයට යන අය අතීතය අතහැරයි අනාගතය ගැන හිතන්නේ. විශ්ව ගම්මානය ගැන හිතනකොට අප අපේ අතීතය අමතක කර තියෙනවා. එතකොට අපි නිකං එඬරු දඬු බවට පත්වෙනවා.
දළුලනවා මුල් නෑ. මේ තත්ත්වය දැකපු මම මාධ්‍යකරුවකු ලෙස මැදිහත්වීමට තමයි ‘මහා සිංහලයේ වංශ කතාව‘ නිර්මාණය කෙළේ. එය මේ යුගයේ පුරෝගාමී වැඩසටහන බවට පත්වුණා.
ඒ වසර අටක කාලය තුළ ලංකාවට ඉතිහාසය යළි බෝවුණා. ඒ නිසාම 2006 වර්ෂයේදී යළි අධ්‍යාපන අමාත්‍යංශය ‘ඉතිහාසය විෂය’ විෂය මාලාවට එකතු කරනවා. ඒ ආඩම්බරය මම අති පෞද්ගලිකව භªක්ති විඳිනවා....’
* ‘අබා’ චිත‍්‍රපටයෙන් ඔබ අවුස්සන්නේ සිනමා පේර්ක්ෂකයන්ගේ කුමන රසය ද?
’මම මේ අතපත ගාන්නේ අප විසින් අතහැර තිබූ අතිශය භාවකම්පන විෂයයක්. ඒ තමා දේශාභිමානය. දේශාභිමානය කියන රසය වාත්සල්‍ය රසයක්. අපේ පැරැණි චිත‍්‍රපට ගත්තොත් ඒ චිත‍්‍රපට බොහොමයක දේශාභිමානී රසයක් තිබෙනවා.
දේශාභිමානයට ලොකු ඇල්මක් මුළු මහත් ලෝකයේම තිබුණා. ඉතිහාස විෂය තුරන් කර දැමීම, සාහිත්‍ය අයින් කර දැමීම, ජාත්‍යන්තරය තුළ අපව බැඳ තැබීම ආදී කරුණු නිසා අපේ රස නහර තුළ තිබූ දේශාභිමානි රසය අයින් කර දමනවා. නමුත් මේක ඉතා වටිනා කියන රසයක් ....’
ඒ වගේම පසුගිය කාලයේ අපේ රටේ ඇතිවූ ජාතිවාදී අරගල හේතුවෙන් ජාතිවාදයත් එක්ක දේශාභිමානය එකට බැන්දා. ජාතිවාදය සහ දේශාභිමානය කියන්නේ දෙකක්.
මේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. සියලු ම ජාතීන්ගේ එකම රට මේකයි. ඒ නිසා මේ දේශය පිළිබඳව ඇති ආලය ජාතිආලය වැනි සුළු දෙයක් නෙමෙයි. අන්න ඒ දේශාභිමානී රසය මගේ ‘අබා’ චිත‍්‍රපටයේ ආත්ම කොට ගන්න මම උත්සාහ ගන්නවා ....’
* ඔබ ‘අබා’ නොහොත් ‘පණ්ඩුකාභය කුමාරයාගේ කතාව‘ චිත‍්‍රපටයේදී ‘වීර කතා සම්ප‍්‍රදාය’ කියන නාමය ගෙන එනවා. මොකක්ද මේ ...?
’මේකත් අහම්බයක් නෙමෙයි. මේකත් ඉතා ඈත සිට ගොඩනැගෙන සම්ප‍්‍රදායක්. වීර කතා යනු කුමක්ද? බර්ටේරාල්ට් බ්‍රෙෂ්ට් පවා විග‍්‍රහ කරනවා.
මෙම වීරකතා ලෝකයේ මුල්වරට වීර කතා කලාවෙන් හඳුන්වා දෙන්නේ ඇරිස්ටේර¤ටල්. දැන් අපි ගත්තොත් ‘ඔඩිසි’ ‘ඉලියඩ්’ මේවා වීර කතා ‘මහා භාරතය’ වීර කතා වීරකතාවලට සම්බන්ධ වෙන්නේ අලුතින් නිර්මාණය වන කතා නෙමෙයි.
ඉතිහාස හෝ ජනප‍්‍රවාද කතා. වීර කතාවක කතා රසය තියෙන්නේ කතන්දරය කුමක්ද යන දෙයින් නෙමෙයි. වීර කතාවක කතන්දරය දැනගෙනයි. පේර්ක්ෂකයා නාට්‍ය හෝ චිත‍්‍රපටයක් බලන්න එන්නේ ....’
පේර්ක්ෂකයා එන්නේ කුමකින් කුමක් වේද යන්න දැනගන්න නෙමෙයි. එය කෙසේ සිදුවීද යන්න දැන ගැනීමටයි. ‘පණ්ඩුකාභය’ කතන්දරය අපට රහසක් නෙමෙයි.
නමුත් ඒ සිද්ධිය ආකර්ශනීයව නිර්මාණය කිරීම තමයි ‘වීර කතාවක් පාදක කරගෙන නිර්මාණය කරන චිත‍්‍රපටයකින් විය යුත්තේ. ඒ නිසා තමයි ඇරිස්ටෝටල් කියන්නේ කලාව විද්‍යාවට වඩා දාර්ශනිකයි කියා.
ඉතිහාසය යනු සිදුවූ දෙයකි. සිදුවී අවසානයි. කලාව යනු එය සිදුවූයේ කෙසේද යන දාර්ශනික ප‍්‍රශ්න ටික ඇසීමයි. මම ඉතිහාසකාරයෙක් නෙමෙයි.
කලාකාරයෙක්. ඒ නිසා මම ඉතිහාසඥයාට වඩා දාර්ශනිකයි. මම අරගෙන තිියෙන්නේ ඉතිහාසයෙන් ඉතා කුඩා කොටසයි....’
උපනන්ද නන්දිමිත‍්‍ර
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment