Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

සාර්ක් සමුළුවෙන් අපට ලැබෙන වාසි මුදලින් මනින්න බෑ

මහාචාර්ය ජී.එල්. පීරිස්අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ්‍රම පිළිබඳ ඇමැති
දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ 15 වැනි සමුළුව කොළඹ දී පැවැත්වීම මුදල් නාස්තියක් නොව, අනාගත ආයෝජනයක් බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ්‍රම පිළිබඳ ඇමැති මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් මහතා ප‍්‍රකාශ කරයි. ඒ පිළිබඳ විග‍්‍රහයකි මේ.
දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) 15වැනි සමුළුව මේ දිනවල ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙනවා. මේ සමුළුව මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ අපේ රටේ නොවෙයි.
කලාපයේ වෙනත් රටක තියන්න තිබූ සමුළුවක් බලෙන් අපේ රටේ තියන්න කි‍්‍රයා කර තිබෙනවා. ඒ සඳහා අතිවිශාල මහජන මුදලක් වැය කරන්න සිදුවෙනවා. මේ මුදල් ජනතාවගේ. ජනතාවගේ මුදල් වැය කර ආණ්ඩුව කරන්නේ් මුදල් නාස්තියක් යැයි කෙනකු විවේචනයක් එල්ල කළොත්! ඔබ ඊට දෙන පිළිතුර කුමක් ද?
මුලින් ම හොඳ ප‍්‍රශ්නයක් ඇහැව්වේ. මම ඒ විවේචනය සාධාරණ එකක් යැයි සිතන්නේ නෑ. ඒ මොකද? අපිට මෙවර සාර්ක් සමුළුව මෙහි පැවැත්වීමෙන් ලැබෙන්නේ අතිවිශාල ජයග‍්‍රහණ රාශියක්.
මේ සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම මුදල් නාස්තියක් නොවෙයි. අපි මේ දිහා බැලිය යුත්තේ අපි කරන අනාගත ආයෝජනයක් හැටියටයි. මේක ඵලදායි ආයෝජනයක් බවයි මාගේ පෞද්ගලික විශ්වාසය.
ජීවන බරත් දිනෙන් දින ඉහළ යමින් තිබෙන වේලාවක ජනතාවට, මේ සාර්ක් සමුළුවේ බර පැනත් දැරීමට සිදුවෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
ඔව්. ඒ නිසා තමයි මම මේ සමුළුව මෙහි පැවැත්වීම ඵලදායි, අනාගත ආයෝජනයක් කියා පළමුව ම ප‍්‍රකාශ කෙළේ. මම ඒක පැහැදිලි කරන්නම්. 1976 දී එවකට මෙරට අග‍්‍රාමාත්‍ය ධූරය දැරූ දිවංගත සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ දී මේ රටේ නොබැඳි ජාතීන්ගේ මහා සමුළුව පැවැත්වුණා.
ඒ අවස්ථාවේත් එවකට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ මේ සමුළුව පැවැත්වීමේ කි‍්‍රයාදාමය පිළිබඳ විවිධ විවේචන කළා. නමුත්! ඒ සමුළුව මෙහි පැවැත්වීමෙන් එදා අපිට විශාල ප‍්‍රයෝජනයක්, රටක් වශයෙන් ජයග‍්‍රහණ රාශියක් ලබා ගන්නට හැකිවුණා.
වර්තමාන තත්ත්වයත් එයයි. ඊටත් වඩා අපිට මේ සාර්ක් සමුළුව පැවැත්වීමෙන් වාසිදායක ප‍්‍රතිඵල ප‍්‍රයෝජන ලැබෙනවා.
මොනවාද? ඒ ප‍්‍රතිඵල ප‍්‍රයෝජන?
අපි මේ සමුළුව තබන්නේ මේ රටේ අහිංසක දෙමළ, මුස්ලිම්, සිංහල කියන පිරිසගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ඔවුන්ට දිනා දීමට, ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම් සිදු කරමින් සිටින මොහොතකයි.
මේ වාගේ ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීමේ පැහැදිලි හා විශ්වාසදායක සාර්ථක කි‍්‍රයාදාමයක් රටේ සිදුවෙමින් පවතින යුගයක මේ සමුළුව මෙහි පැවැත්වීම ඇත්තට ම අති විශේෂයයි.
මොකද? මේ කලාපයේ හා ලෝක ප‍්‍රජාවගේ අවධානය පළමුව අපේ රට දෙසට මේ මොහොතේ වැටී තිබෙනවා. මේ අන්දමට ලෝක අවධානය යොමු වූ මොහොතක, අපේ රටේ සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට සිය දෙනෙතින්, දෙකනින් දැක බලා ගන්නටත්, අසා ගන්නටත් මේ තුළින් අවකාශය ලැබෙනවා.
වර්තමානයේ රටේ පවතින දේශපාලන ආර්ථික, සාමාජීය තත්ත්වයන් පිළිබඳ හොඳින් කරුණු කාරණා අවබෝධ කරගන්න ජාත්‍යන්තර ප‍්‍රජාවට අද හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා.
ඒවාගේ ම අපිටත් ඔවුන් හා බද්ධවීමට අවකාශය ලැබිලා තිබෙනවා. ඒ අවස්ථාව ලැබීම අපි ලැබූ ජයක්. ශ‍්‍රී ලංකාවේ වර්තමානයේ පවතින සාමකාමී බව හා සංවර්ධන ප‍්‍රවේශයන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාව, විශේෂයෙන් අපේ කලාපයේ රටවල පිරිසට පුළුල් අවබෝධයක් මේ සමුළුවට එක්වීමට මෙහි පැමිණීමෙන් ලැබෙනවා.
අපේ ම සමහරු හා කොටි ත‍්‍රස්තවාදීන් ලෝකය පුරා අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් කඩකරන රටක් බවට ගෙන යන ප‍්‍රචාරවලට හොඳ පිළිතුරක් මේ සමුළුව මෙහි පැවැත්වීමෙන් ලැබෙනවා.
මේ රටේ ජීවත්වීම අපහසුයි. ත‍්‍රස්ත කි‍්‍රයා නිතර සිදුවෙනවා. නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් මෙහි නෑ. භීෂණකාරිත්වයක් තිබෙනවා යැයි ඇතමෙකු කරන චෝදනා පිළිබඳ ලෝක ප‍්‍රජාවට සියැසින් ම දැක බලා ගෙන යම් තක්සේරුවකට ඒමට මෙය හොඳ අවස්ථාවක්. අපිට රටක් ලෙස ඒ අංශයෙන් කල්පනා කොට බැලූවිට මේ සමුළුව මෙහි පැවැත්වීම ඉතා ම හොඳයි. මෙය ඉතා ම කාලෝචිතයි.
සමුළුව මෙහි පැවැත්වීමත් සමඟ අපිට අංශ ගණනාවකින් ප‍්‍රයෝජන, වාසි අත්වෙනවා. ඒවා මුදලින් මැනිය නො හැකියි.
මම එය පැහැදිලි කරන්නම්. මේ රටේ පවතින සැබෑ ස්වභාවය ලෝක ප‍්‍රජාවට ඒත්තු යනවා. ඒවාගේ ම මේ රටේ කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා යන අංශ තුනේ ම සංවර්ධනයට කෙරෙන ආයෝජන ඉහළයෑමට මෙය අවස්ථාවක් කර ගන්න පුළුවන්.
අපේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය හා අපේ මුතුන් මිත්තන්ගේ තිබූ සහජ හැකියාවන්, කීර්තිමත් අනන්‍යතාව අදට ගළපා ගෙන මතු පරපුරට උරුම කැරැදීමේ වැඩපිළිවෙළ වේගවත් වීමට මෙය හොඳ අවස්ථාවක්.
මම එක උදාහරණයක් කියන්නම්, මේ සමුළුවට රාජ්‍ය නායකයෝ, විදේශ අමාත්‍යවරු රාජ්‍ය තාන්ති‍්‍රකයෝ, ජනමාධ්‍යවේදීහු 1200 කට වඩා මේ රටට එනවා. මේ පිරිස මෙහි පැමිණීමත් සමඟ අපිට මෙහි සංචාරක ව්‍යාපාරයේ දියුණුවට පමණක් විශාල දායකත්වයක් ලබා ගත හැකි අවකාශයක් විවර කර ගන්න පුළුවන්.
අපේ රටේ භූගෝලීය පිහිටීම බලන්න. කුඩා ඉඩ ප‍්‍රමාණයක, ලෝකයේ සියලු කලාපීය දේශගුණික ලක්‍ෂණ මෙහි පිහිටා තිබෙනවා. රමණීය මුහුදු වෙරළේ සිරියාව කඳුකරයේ රමණීය බව, වනාන්තර, කඳු කැළෑ, වන සතුන්, කුරුල්ලන් වැනි ස්වභාවික සෞන්දර්යය රසය එකවර විදිය හැකි රටක් අපේ රට. අපිට මේ සෞන්දර්ය පිහිටීම අපේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට මේ සමුළුව හරහා යොදා ගැනීමට ඉඩ ලැබෙනවා.
ඒවාගේ ම අපේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රම, ඖෂධීය පැළෑටි භාවිත කර නිපදවන බෙහෙත් හේත් ගැන හොඳ ප‍්‍රචාරයක් ලබාදීමට, හොඳ දැනුවත් බවක් ලොවට දීමට මෙය අවස්ථාවක්. අද ලෝකයේ සංචාරක ව්‍යාපාරය 'එකෝ ටුවරිසම්', ලෙස පුළුල් වෙලා තිබෙනවා.
ආගමික අංශයේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා තියෙනවා. අපේ රටේ තිබෙන පිරිසුදු ථෙරවාදි බුදුදහම පිළිබඳ ලොවට කරුණු කියාපෑමට මෙය අවස්ථාවක් කරගන්න පුළුවන්.
ථෙරවාදි බුදු දහම අපේ රටේයි, තායිලන්තයේ අද වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතිනවා. මේ ගැන උනන්දුවන කලාපීය සංචාරකයෝ, බටහිර රටවල පිරිස් ඒ හරහා මෙහි කැඳවාගෙන ඒමට පුළුවන්කම අපට ලැබෙනවා. සංචාරක කර්මාන්තයට අමතරව අනෙකුත් ක්ෂේත‍්‍ර ගත්තත් අපිට මේ සමුළුව පැවැත්වීමෙන් ලෝකය සමඟ සමීප වීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ තුළින් හොඳ අවස්ථාවක් නිර්මාණය වෙනවා. අපි එය අපේ දියුණුවට යොදා ගත යුතුයි.
මෙවර සමුළුවේ දී මූලික වශයෙන් කතිකා කෙරෙන්නේ කුමන ක්ෂේත‍්‍ර පිළිබඳවද? කලාපීය රටවල මිලියන 1500 කට අධික ජනතාවගේ දේශපාලන, ආර්ථික, සාමාජීය ප‍්‍රශ්න මොනවා ගැන ද?
ඔව්; අපි මෙවර සමුළුවේ දී මූලික වශයෙන් කලාපයට ම බලපාන විශේෂයෙන් පාකිස්ථානය, ඉන්දියාව, අපේ රට, නේපාලයට බලපාන 'ත‍්‍රස්තවාදය' තුරන් කිරීමට අදාළ ව කලාපීය එකමුතුවක් ලෙස ගත හැකි වැඩළිවෙල පිළිබඳ සාකච්ඡා කරනවා.
අපිට පුළුවන් නම් ත‍්‍රස්තවාදීන්ට මුදල් ලැබීම් නවත්වන්න, අවි ආයුධ ගෙන ඒම නතර කරන්න, කළු සල්ලි සුදු සල්ලි කිරීම් නතර කරන්න, ඒ වාගේ ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගන්න, ත‍්‍රස්තවාදය වැට බඳින්න එය විශාල ජයක්.
අපි මේ සම්බන්ධව විශේෂයෙන් සකස් කළයුතු කලාපීය කි‍්‍රයාදාමයකට එළැඹීමට මෙවර සුදානම්. ත‍්‍රස්තවාදය වැළැක්වීමට කලාපීය වශයෙන් ප‍්‍රතිකර්මයක් යෙදීම අරමුණයි.
ඒ වාගේ ම අපේ කලාපයේ රටවල තිබෙන බලශක්ති ප‍්‍රශ්නය ගැන කතිකා කරනවා. මේ කලාපයේ රටවලට දැවැන්ත ආර්ථික අභියෝගයක් එක් කරන කාරණාවක් තමයි තෙල් ප‍්‍රශ්නය.
අපිට බොර තෙල් භාවිතය අවම කිරීමට හැකි මාර්ග ගැන, විකල්ප බලශක්ති ගැන අපි කථා කරනවා. අපේ කලාපයේ පවතින ස්වභාවික ගෑස් හා විකල්ප බලශක්ති ප‍්‍රභවයන් හඳුනාගෙන ඒවා තුළින් විදුලිය නිපදවා ගැනීමට හැකි වැඩපිළිවෙළ සාකච්ඡා කරනවා.
අපිට රටකින් රටකට අඩු වියදමින් විදුලිබලය නිපදවා හුවමාරු කර ගැනීමේ ක‍්‍රම වේදයකට යෑමට, ඇති ඉඩකඩ හා ඊට සුදුසු ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් මේ සමුළුවෙන් කතිකා කොට සකස් කරනවා. එවැනි දේ කඩිනමින් කි‍්‍රයාත්මක කරනවා.
ආහාර සුරක්‍ෂිතතාවන් අපි කථා කරන මාතෘකාවක්. මේ කලාපයේ රටවල ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමට තරම් ප‍්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් කලාපය තුළ සිදුවෙනවා. නමුත් ප‍්‍රශ්නයකට තිබෙන්නේ, ඒ නිෂ්පාදිත ආහාර සෑම රටක් ම අභ්‍යන්තරයේ හරිහැටි බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් නොමැති එකයි. අපි එයට විසැඳුම් ලබා ගැනීමට මේ සමුළුව යොදා ගන්නවා.
නොබෙල් ත්‍යාගලාභී අමාත්‍ය සෙන්ටි මැතිතුමා සිය පර්යේෂණ අවසානයේ ප‍්‍රකාශ කළා කලාපයේ ආහාර නිසි ලෙස බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොවන බව. අපි ඊට විසැඳුම් මේ සමුළුවේ දී ගන්නවා. අපිට කලාපයේ සියලු දෙනාගේ අත්දැකීම් ඒ අයගේ අදහස් හා යෝජනා ඉතා ම වැදගත්. මේ අවස්ථාවේ දී ඒවා සියල්ල සාකච්ඡා කළ හැකියි.
මේ කලාපයේ ජනතාව ඉතා ම නිර්මාණශීලි පිරිසක්. මොවුන්ගේ උත්පාදක ශක්තිය අපමණයි. කලාපයේ ජනතාවගේ සහජ කුසලතා නංවාලීමට අවශ්‍ය අරමුදල්වල ප‍්‍රශ්නයක් අපිට තිබෙනවා. අපිට හොඳ අදහස් තිබෙනවා. ව්‍යාපාර, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත‍්‍රයක ම වැඩ කරන්න. නමුත් අවශ්‍ය ප‍්‍රාග්ධනය, මුදල් හිඟයයි. එය විසඳීමට අපි රුපියල් මිලියන 30,000 ක සාර්ක් අරමුදලක් පිහිටෙව්වා. එය ඉතා ම වැදගත් සිද්ධියක්.
බංග්ලාදේශයේ ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය හරි ජනප‍්‍රියයි. නොබෙල් ත්‍යාග ලාභී මොහොමඩ් යුනුස් මැතිතුමා එහි නිර්මාතෘයි. අපි එ් ක‍්‍රමය දැනටමත් කලාපයේ සෑම රටක ම සාර්ථකව කි‍්‍රයාත්මක කරනවා.
අපේ කලාපයේ කාලගුණික විපර්යාසත් නිසා පීඩාවට පත්වීම වැළැක්වීමට හැකි කි‍්‍රයාමාර්ග මේ සමුළුවේ දී තකිකා කෙරෙනවා. අපිට පරිසරයත් ආරක්‍ෂා කර ගනිමින් රට රටවල සංවර්ධනය වේගවත් ව සිදු කරන්න පුළුවන්, මේ දෙඅංශයේ ම තුලනාත්මකභාවයක් ඇති කැරෙන වැඩපිළිවෙළක් අපි මේ සමුළුවේදී එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.
මාලදිවයිනේ දූපත් කිහිපයක් මුහුදට බිලිවීමේ අවධානමක් තිබෙනවා. අපි ඊට පිළිතුරු සෙවිය යුතු වෙනවා. මේ ආදී ප‍්‍රශ්න හා මේ කලාපයේ ජනතාවගේ බීමට ජලය ලබා ගැනීමේ අවශ්‍යතා සපුරාලීමට මංපෙත් ගැන අපි කථා කරනවා.
ඒ එක්ක ම කලාපීය රටවල සිදුවන අපරාධ හා සැහැසි කි‍්‍රයා මර්දනය කිරීමට නැතිනම් දුරුකිරීමට ගත හැකි නීතිමය යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට අපි මේ සමුළුවේ දී වැඩපිළිවෙළ සකස් කිරීමට නියමිතයි.
ලෝකයේ ඕනෑ ම රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියෙන් ලබා දී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානව හිමිකම් යනාදිය කඩවන අවස්ථාවක ඒවා නැවැත ජනතාවට හිමිකැරැදෙන වැඩපිළිවෙළක් කරා අපි යා යුතුයි. අපි නීතිය හා සාමය කි‍්‍රයාත්මක කරන ආයතන ජාලය, නීතිරීති පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. දුප්පත් ජනතාවට නීතියේ පිළිසරණ නිසි ලෙස ලැබෙන වැඩපිළිවෙළකට යා යුතුයි.
සාර්ක් සමුළුවේ දී කලාපීය රටවල් අතර නිදහස් වෙළෙදාම් සිදු කිරීමට දිරිදෙන වැඩපිළිවෙළ සකස් කෙරෙනවා ද?
අනිවාර්යෙන් ම ඔව්; අපි මේ කලාපීය හවුල ආරම්භ කිරීමේ පරමාර්ථ අතර මුල්තැන ගත් කරුණ එයයි. අපි කලාපය තුළ රටවල් අතර නිදහස් වෙළෙදාම සිදු කිරීමට කි‍්‍රයා කළ යුතුයි.
ඒ අනුව පළමු වතාවට අපියි – ඉන්දියාවයි අතර 1998 දී නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කළා. පාකිස්ථානය සමඟත් අපි එවැනි ම ගිවිසුමකට එළැඹියා. අපි දෙරටටම ඉන් වාසි ලැබුණා.
මොනවද? ඒ වාසි
අපේ රටට නව ආයෝජකයෝ පැමිණ කර්මාන්ත ආරම්භ කළා. අපි ඔවුන්ට තීරු බදු සහන දුන්නා. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන මෙහි කර්මාන්ත ආරම්භ කරලා සීයයට 35ක් අගය එකතු කොට භාණ්ඩ නිපදවා ඉන්දියානු දැවැන්ත වෙළෙඳපොළට අපේ අය ගියා. නව පිබිදීමක් අපනයන අංශයෙන් ඇති වුණා. නව රැකියා අවස්ථා බිහිවුණා.
ඒ වාසි තවත් වැඩිකැර ගැනීමට ද, ඉන්දියාව සමඟ අපි තවත් සමීප වෙමින් 'සීපා ගිවිසුම' වැනි විවාදයට තුඩු දී ඇති ගිවිසුමකට කඩිමුඩියේ අස්සන් තැබීමට යන්නේ?
අපිට සීපා ගිවිසුමට අස්සන් තැබීමට කඩිමුඩියක් නෑ. අපි මේ ගිවිසුම ලහි ලහියේ සකස් කළ එකක් නොවෙයි. මම එය පැහැදිලි කරන්නම්.
අපේ රටයි – ඉන්දියාවයි ද්විපාර්ශ්වීය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණේ 1998 යි. ඉන් දෙරට ට තීරු බදු සහන ලැබුණේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ අංශයට පමණයි.
නමුත්! මේ සීපා ගිවිසුම දෙරට අතර සේවා අංශයේ සැපැයීම්වලටත් යම් යම් සහන පිරිනැමීමට හැකි ලෙස සකස් කර තිබුණේ. මෙය ලහි ලහියේ කළ කාර්යක් නොවෙයි. වසර 2004 සිට මෙවැනි ගිවිසුමක අවශ්‍යතාව ගැන සාකච්ඡාවට 16ක් පමණ දැනට තබා තිබෙනවා. එය නිලධාරී මට්ටමින්, අමාත්‍යවරු මට්ටමින් පවා සිදු කර තිබෙනවා.
අපි මේ සීපා ගිවිසුම ගැන මේ රටේ කර්මාන්ත හා වාණිජ මණ්ඩල සමඟ සාකච්ඡා කළා. වැඩමුළු පැවැත්තුවා. එය අස්සන් තැබීමට කටයුතු සම්පාදනය කළා. නමුත් රට තුළ ඇතැම් කොටස්වලින් ඊට විරෝධතාවක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මේ මොහොතේ එය අස්සන් තබන්න එපා තව කරුණු අධ්‍යයනය කරලා කරන්න කිව්වා.
ඒ අනුව අපි ඒ වැඩපිළිවෙළ අත්හිටුවූවා. එකෙන් ප‍්‍රකාශ වන්නේ මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්තවාදී පාලන රටාවේ එක් පැතිකඩක්. අපි සෑම දෙනාගේ ම මතවාද, අදහස්, උදහස්වලට යෝජනාවලට සාවධානව ඇහුන්කන් දෙනවා. තනි මතයට කි‍්‍රයා කරන්නේ නෑ. එය ඉතා හොඳ ලක්‍ෂණයක්.
සාකච්ඡා කෙළේ ජයසිරි මුණසිංහ

No comments: