Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

සාර්ක් රාජ්‍ය නායකයෝ අද සහ හෙට ජනපති සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා

දුමින්ද ගුරුගේ සහ ජයසිරි මුණසිංහ
පහළොස්වැනි සාර්ක් සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණි කළාපීය රටවල රාජ්‍ය නායකයන් සහ සාර්ක් නිරීක්‍ෂණ දූත මණ්ඩල ප‍්‍රධානීන් 14 දෙනකු අද (01) සහ හෙට (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අද දිනයේ දී මෙරටට පැමිණෙන ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං, පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ෂෙයිබ් යුසුෆ් රාසා, නේපාල අගමැති ගිරිජා ප‍්‍රසාද් කොයිරාල, ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කාර්ෂායි සහ භූතාන අගමැති ලියනෆෝ ජිග්මේ තින්ලි ඇතුළු සාර්ක් සාමාජික රටවල රාජ්‍ය නායකයෝ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා පවත්වති.
ඊට අමතරව සාර්ක් සමුළුවට නිරීක්‍ෂකයන් ලෙස සහභාගි වන ඉරානය, ජපානය, කොරියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ ප‍්‍රධානීහු හෙට (02) දිනයේදී ජනපතිතුමන් මුණගැසෙති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියානු කටයුතු භාර නියෝජ්‍ය ලේකම් රිචඩ් බවුචර්, ජපානයේ විදේශ කටයුතු ඇමැති මසාහීකෝ කොයිමුරු, චීනයේ නියෝජ්‍ය විදේශ ඇමැති වූ ඩාවි, කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති කොවුන් ෂෝංරැක් යන මහත්වරුද හෙට (02) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
යුරෝපා සංගමයේ ආසියා කළාපීය අධ්‍යක්‍ෂ ජේම්ස් මෝරාන්, ඉරානයේ විදේශ කටයුතු ඇමැති ටොනොසුචර් ටොටාඩ්, මුරුසි රාජ්‍යයේ කෘෂිකර්ම හා ධීවර ඇමැති ආචාර්ය අර්වින් බොලේල් මහත්වරුද අද (01) දිනයේ දී ජනාධිපතිතුමන් හමුවෙති.
ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා සහ මාලදිවයිනේ ජනාධිපති මයුම් අබ්දුල් ගයුම් මහතා අතර හමුව 04 වැනිදා උදේ 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.
මේ අතර පහළොස්වැනි සාර්ක් සමුළුවට නිරීක්‍ෂණ මට්ටමින් සහභාගිවන කොරියානු නියෝජිත පිරිස අද දිවයිනට ළඟාවනු ඇති බව ප‍්‍රකාශවී තිබේ.
ඇමැති චෝ - ජුන් පයෝ මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරණ අතර හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී සමුළුව ඇමතීමටද නියමිතය.
සාර්ක් සමුළුවට නිරීක්‍ෂණ සාමාජිකයකු ලෙස 2006 දී එක්වූ කොරියා ජනරජය, ප‍්‍රථම වරට නිරීක්‍ෂණ මට්ටමින් ඊට සහභාගිවූයේ 2007 වසරේ දීය. මෙය ඔවුන් සාර්ක් සමුළුවට එක්වන දෙවන අවස්ථාවයි.

No comments: