Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

කිරිපිටි මිල වැඩි කරන්නේ නෑ සමාගම් හා පාරිභෝගික අධිකාරිය එකඟතාවකට

සමන්මලී ප‍්‍රියශාන්ති
අද (01) සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා මාස තුනක කාලයක් කිරිපිටි මිල වැඩි නොකිරීමට කිරිපිටි සමාගම් හා පාරිභෝගික අධිකාරිය එකඟතා ගිවිසුමකට අස්සන් තබා ඇත.
සුගිය වසරේ නොවැම්බර් මාසයේ දී කිරිපිටි සඳහා වූ බදු සහනය ඉවත් කර ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 275ක් ලෙස රජය විසින් නියම කරන ලදී.
ඒ අනුව නොවැම්බර් මාසයේ සිට මේ වන තෙක් ගත වූ මාස 10 ඇතුළත කිරිපිටි මිල ඉහළ නොයෑමත්, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිලෙහි පැහැදිලි වෙනසක් නොවීමත් නිසා කිරිපිටි මිල වැඩි කරන මෙන් කිරිපිටි සමාගම් කළ ඉල්ලීම් රජය ප‍්‍රතික්ෂේප කෙළේය. ඇතැම් කිරි පිටි සමාගම් රුපියල් 25කින් කිරිපිටි මිල ඉහළ දමන ලෙස ඉකුත් මැයි මාසයේ සිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කැර තිබිණි.
මේ වන විට කිරිපිටි සඳහා තරගකාරී වෙළඳපොළ තත්ත්වයක් උදා වී ඇති බැවින් කිරිපිටි මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ලංකාවේ වෙළෙඳ පොළ තත්ත්වයක් තුළ හැසිරීමට නොහැකි කිරිපිටි සමාගම්වලට පිට වී යන ලෙසත් වෙළෙඳ අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කැර තිබිණි. මේ අතර දියර කිරි ප‍්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ද ජනතාවගෙන් සියයට 25 ක් දියර කිරි පරිභෝජනයට යොමු වී ඇත.
මීට අමතරව කුඩා හා මධ්‍යම පරිමාණ කිරි පිටි හිමියන්ගේ නිෂ්පාදන උපරිම මිලට වඩා අඩු මිලට අලෙවි කෙරේ.
ඒ අනුව හයිලන්ඩ් 235ක්, කැන්ඩි 245ක්, සතොස 250ක්, මැලිබන් 260, කොත්මලේ 260, ලක්ස්පෙ‍්‍ර් 260 ක් වශයෙන් අලෙවි වේ.
මෙවැනි වෙළෙඳපොළ තත්ත්වයක් තුළ මහා පරිමාණ කිරිපිටි සමාගම්වලට නැවත කිරිපිටි ඉල්ලුම වැඩි කර ගැනීමට කෝටි ගණන් වැය කර ප‍්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සිදුව තිබේ.
දැනට මාස තුනකට පෙර අස්සන් තැබූ කිරිපිටි මිල ඉහළ නොදැමීමේ ගිවිසුම ඉකුත් 31 වැනිදායින් අවසන් වූ බැවින් කිරිපිටි සමාගම් මෙම ගිවිසුමට නැවත අස්සන් තබා ඇත.

No comments: